අග්නි දිග ආසියාවේ උසම පහන් කනුව- දෙවුන්දර තුඩුවේ, Dondra Lighthouse

දියඹට යන ධිවරයන් ගොඩ බිමට පැමිණිමට භාවිතා කරණ සංඥා අතර ප්‍රදීපාගාරවල ආලෝකය ප්‍රදානවෙයි.  Light House,පහන් කනුව, ප්‍රදීපාගාරය, ලෙස හදුන්වන ප්‍රදීපස්ථම්භ දිවයිනේ බොහෝ වෙරළ බඩ ප්‍රදේශ වල පිහිටා ඇත. දෙවුන්දර තුඩුවේ පිහිටා තිබේ. දිවයිනේ ප්‍රදීපා ගාර අතර සුවිශේෂී තැනක් ලංකාවේ දකුණු කෙලවරේ දෙවුන්දර තුඩුවේ පිහිටි ප්‍රදීපාගාරයට හිමිය. අට පට්ටම් හැඩයෙන් යුතු මෙය ඉදිකර ඇත්තේ යටත් විජිත සමයේ ඉංග්‍රීසින් විසිනි, මුහුදු මට්ටෙම් සිට අඩි 14 ක උසකින් යුතු දෙවුන්දර තුඩුවේ මෙම පහන් කනුව ඉදිකර ඇත්තේ 1886 දීය. ඒ සදහා මුලික වි ඇත්තේ බ්‍රිතාන්ය ජාතික විලියම් සහ ඩග්ලස් යන සෙහාදරයින් දෙදෙනාය. මෙහි සැලසුම් සැකසීමේ අයිතිය බ්‍රිතාන්ය ජාතික වුඩ්කෝඩ් ෆිල්කින්ටන් (Woodcord Filkimton) සතු බවටද සදහන්
 
  

      1890 මහ රැජිනගේ උපන් දිනයදා මෙය විවෘතකරබව පැවසේ. 1976 අප්‍රේල් 01 දක්වා මෙය ඉංග්‍රිසි ජාතීන් යටෙත් පැවතුනි. ඒවක මෙහි ආලෝකය ලබා ගැනීමට අදාල පහන දැල්වීමට තල්මසුන්ගේ තෙල් භාවිතා කරබව ද පැවසේ. කළු ගල් පමණක් භාවිතා කරමින් ඉදිකර ඇති මෙහි උස අඩි 165 පමණවේ, ඉහලට යත්ම  ප්‍රමාණෙයන් කුඩා වනසේ ඉදිකර ඇත. ප්‍රදීපාගාරයක වැදගත් කම ඇත්තේ මුහදු යන නාවිකයන් සහ ධීවරයන්ටයි, ඔවුන ඈත දියඹට ගිය විට ගොඩ බිමට පැමිණිමට මාර්ගය සොයා ගන්නේ ආලෝක සංඥා මගිනි, දෙවුන්දර ප්‍රදීපාගාරෙය් ආලෝක සංඥා මුහුදු සැතපුම් 125 පමණ විහිදෙන බව මුහුදු යන්නෝ පවසති.


ස්තුතිය -කපිල මිතුරාට

0 අදහස් දක්වන්න....:

Post a Comment