අතුඇල බෝක්කුව ... අතු ඇල .....



                                  පිටබැද්දර ප්‍රදේශීය ලේකම්කොට්ඨාශයට අයත් වටිනා ස්ථාන අතර අතු ඇල පාලමට හිමිවන්නේ වැදගත් තැනකි.
                       ගාල්ල දෙනියාය ප්‍රදාන මාර්ගයේ 36 වැනි සැතපුම් කණුව සමීපයේ පිහිටි ඉතා පෞරාණි කවටිනා කමකින් යුත් අතු ඇළ හරහා වැටි ඇති පාලම අපුරු පාලමකි. 
ආරුක්කු හැඩ හතරකින් සමන්විත මෙම පාලම ගලින් නිම කර ඇත. අතුඇල ග්‍රාම නිළධාරී වසමේ පිහිටි මේ පාලම සඳහා පවතින ඉතිහාසය වන්නේ, බ්‍රිතාන්‍ය ජාතික ඉඩමි හිමි සොළොන් කන්ද සහ බුන් කන්ද යන සහෝදරයින් දෙපල මුල් වි අති බවයි, 1871  පාලමේ වැඩ ආරම්භකර ඇත.       
                          මෙහි වැඩ ප්‍රදේශයේ හරමානිස් බාසුන්නැහේ විසින් සිදුකර ඇතතැයි ජනප්‍රවාදයේ පවතී.  1873  මෙහි වැඩ අවසන්කර ඇත. පාලමේ මුලින්ම ගමන්කර ඇත්තේ  සොළොන් කන්ද සහ බුන් කන්ද යන සහෝදරයින් දෙපලබවද කියවේ.
 ආරුක්කු හැඩයෙන් සමන්විත පාලමේ ආරුක්කුවක උස අඩි 60 පමණවේ පළලද ඒ සමානව ඇත. පුදේශයට මහත් ආඩම්බරයක්වු අතු ඇළ පාලම ගැන ප්‍රදේශයේ ජන වහරේ පිරුළක්ද පවතී.    
             උඹේ කට අතු ඇළ බොක්කුව වගේයැයි මහ හයියෙන් කට අරින අයට පවසයි. එය මෙම ප්‍රෙදේශයේ ගැමි පිරුළකි.


0 අදහස් දක්වන්න....:

Post a Comment