රුසියානු සාහිත්‍යයේ “අම්මා” මැක්සිම් ගෝර්කි Maksim Gorky



මා වැඩි වැඩියෙන් පොත් කියවු තරමට මගේ හදවත වැඩි වැඩියෙන් නිර්මල විය. කරුණාවෙන්  පිරී ඉතිරී ගියේ ය. මගේ සිත තැන් පත් විය. මගේ ආත්ම විශ්වාසය වර්දනය විය. මගේ වැඩ කටයුතු දියුණු විය. ජිවිතය විසින් මට කරන ලද  සීමාවක් නැති නින්දා අපහාස මම ගණන් නොගත්තෙමි. හැම පොතක්ම මට තිරිසන් තත්වයේ සිට මනුෂත්වයට නගින ඉනිමගේ පෙත්තකට සමාන විය - (මැක්සිම් ගෝර්කි).
                                මැක්‌සිම් ගෝර්කි නම් ලේඛකයා මුලින් හඳුන්වන ලද්දේ ඇලෙක්‌සි මැක්‌සිමෝවිච් පෙස්‌කොව් යන නමිනි. වීශ්ව සාහිත්‍යයේ සුප්‍රකට අමරණීය අයෙකු ලෙස මොහු හැඳින්විය හැකිය. රුසියානු ජාතික මෙම ජගත් ලේඛකයා  1868 මාර්තු 28 වන දින රුසියාවේ වොල්ගා ගඟ අසල ඇති නිෂ්නි නොව්ගොරොද් නමැති ප‍්‍රදේශයේය. කුඩා කාලයේ සිටම ඇලෙක්සිට දුක් විඳීමට සිදුවූයේ ඔහු දිළිඳු පවුලක උපන් නිසයි. මගේ ළමා කාලය ගැන කීමට තිබෙන්නේ මට ළමා කාලයක් නොතිබුණු බව යැයි ඔහු පසුකලෙක පවසා තිබෙන්නේද ඔහුගේ ළමා විය සුන්දර සහ ප‍්‍රීතිමත් එකක් නොවූ බැවිනි. ඇලෙක්සිට මව් පිය සෙනෙහස ලැබීමට හැකි වූයේ ඉතා ටික කලකි. ඔහුට අවුරුදු පහේ දී පියා මිය ගිය අතර ඉන් ටික කලකට පසු මවද මිය ගියාය.
  ඉන්පසු කුඩා ඇලෙක්සි ඇති දැඩි වූයේ ආච්චි සහ සීයා සමගිනි. සීයාගේ රැකියාව වූයේ ඇඳුම් වලට සායම් පෙවීමයි. ඉතා දර දඬු පුද්ගලයෙකු වූ සීයා කුඩා ඇලෙක්සිට නපුරු විදියට සැලකුවේය. ඔහු ආදරය කරුණාව ලැබුවේ ආච්චිගෙන් පමණි. ඇලෙක්සිව සැනසීම සඳහා ආච්චි ඔහුට ජනකතා සහ සුරංගනා කතා කියා දුන්නාය. ඇය කියා දුන් ඒ සුරංගනා කතාවල ප‍්‍රධාන කාන්තා චරිතය ලෙස ඇලෙක්සි ඔහුගේ මව ව සිතින් මවා ගත්තේය. ඔහු ඒ තරමට මවට දැඩි ආදරයක් දැක්වූයේය. ආර්ථික දුෂ්කරතා මැද සීයා ටික දිනක් ඇලෙක්සිව පාසල් යැවූ නමුත් ඇලෙක්සිට අවුරුදු අටේදී පාසල් ගමන නතර කරන්නට සිදුවිය.

             ඉන්   පසු ඔහුට රැකියාවක් කර මුදල් සෙවීමට සිදුවිය. පාවහන් වෙළඳ සැලක අත් උදව්කරුවෙකු ලෙස ඔහු මුලින්ම සේවය කළේය. එහිදී කුඩා ඇලෙක්සිට විවිධ ආකාරයේ මිනිසුන් හා ගැටෙන්නට සිදුවිය.  ප‍්‍රතිමා පින්තාරු කරන්නෙකු ලෙසද වොල්ගා හි දුම් නැවක පිඟන් සෝදන්නෙකු ලෙසද ඔහු සේවය කළේය. දුම් නැවේ මුළුතැන් ගෙයි සේවය කරද්දී එහි සිටි ස්මූරිනමැති කෝකියා කුඩා ඇලෙක්සි පොත් කියවීම කෙරෙහි යොමු කළේය. රසවත් සුරංගනා කතා කියා දුන් ආච්චි ඇලෙක්සිව පොත් කියවීමට යොමු කළ පළමු මාර්ගෝපදේශිකාව වූ අතර ස්මූරිඑය තව තවත් වර්ධනය කළේය. ඉන්පසු ඔහුගේ එකම පරමාර්ථය වූයේ පොතපත කියවීමයි. මෝඩයාට නුවණ ලබාගන්න ඕනෙ නම් සුදුසු පොත් කියවන්න ඕනෑ. සියලු පොත් කියවන්න ඕනෑ. නුඹ පොත් කියවාපන්. තේරුම් ගන්න බැරිනම් හත්පාරක් කියවාපන්. ඒත් තේරුම් ගන්න බැරිනම් දොළොස් පාරක් කියවාපන්...  පොත් වල ගතයුතු දේ තිබෙනවා. පොත් කියන්නේ බොරු පුහු දේවල්වලට නොවෙයි.ස්මූරි එසේ ඇලෙක්සිට අවවාද කරමින් ඔහුගේ උනන්දුව තව තවත් වැඩි කළේය.මටම නොදැනීම මම කියැවීමට පුරුදු වීමි. මා පොතක් අතට ගත්තේ ඉමහත් සතුටකිනි.ඇලෙක්සි පසු කලෙක ලියූ ඔහුගේ චරිතාපදානයේ පවසා තිබේ. දුම් නැව තිෂ්නි නගරයට පැමිණි පසු ඇලෙක්සි නැවේ සේවයෙන් සමුගෙන ඒ නගරයේ නිවසක මෙහෙකරුවකු ලෙස සේවය කරන්නට විය. එහිදී ද ඇලෙක්සිගේ පොත් උමතුව අඩුවූයේ නැත.එහිදී ඔහුට හමු වූ ඇඳුම් මහන්නෙකුගේ බිරිඳකගෙන් ඔහු කියවීමට පොත් ඉල්ලා සිටියේය. නුඹ අකුරු දන්නවද? පොත් කියවන්න ආසද!ඇය ඇසුවාය.මට පොත් කියවන්න වෙලාවක් නැහැඇලෙක්සි පිළිතුරු දුන්නේය.නුඹට පොත් කියවන්න ආසානම් නුඹට වෙලාවක් සොයාගන්නට පුළුවන්ඇය දුන්නේ ඉතා වටිනා උපදේශයකි. ඉන්පසු ඇයගෙන් ඉල්ලාගත් පොත් කියවීමට කාලය සොයා ගැනීමට ඇලෙක්සි උත්සාහ කළේය. දර පැළීමට ගිය අවස්ථාවේදී දරමඩුවේ හිඳ ඔහු පොත් කියවූයේය. නැතිනම් අටුවට නැග පොත් කියවූයේය. ඔහුගේ ස්වාමි දුව ඔහු රාතී‍්‍ර කාලයේදී ඉටිපන්දම් දවමින් පොත් කියවනවාට කොහෙත්ම කැමති වූයේ නැත. මේනිසා ඔහුට හොරෙන් හොරෙන් පොත් කියවීමටද සිදුවිය.බෙහෙත් සාප්පුවේ සිටි බෙහෙත් කලවම් කරන්නා වූ ගෝල්බර්ග් ද ඇලෙක්සිට පොත් කියවීම කෙරෙහි අගනා උපදෙස් දුන්නේය.ළමයා වචන හරියට ගසක තිබෙන කොළ වගෙයි. ගසක කොළ වෙන වෙනම හැඩ නොගෙන එක ම හැඩයට වැඩෙන්නේ මොන හේතුවක් නිසාද කියා දැන ගන්න ඕනෑනම් ගස වැඩෙන හැටි දැන ගත යුතුයි. ඒකට ළමයා පොත් කියවන්න ඕනෑ. මිනිස් මොළය බොහොම ප‍්‍රයෝජනවත්. හැම දෙයක්ම වැවෙන පොහොර පස් සහිත හොඳ වත්තක් වගෙයිගෝල්බර්ග් පැවසූ සියල්ල කුඩා ඇලෙක්සිගේ සිතට හොඳින් කා වැදුණි.මා පළමු වරට බුද්ධිමත්ව පොත්පත් කියවීමට උගත්තේ වයස අවුරුදු දහ හතරේදී පමණයඔහු චරිතාපදානයේ දක්වා තිබේ. ඔහුට ඔහු කියවූ සෑම පොතක්ම අලුත් නුපුරුදු ලෝකයකට විවෘත කරන ලද කවුළුවකට සමාන විය. ඔහු හිඟාකන සිඟන්නෙකු මෙන් පොත් සොයමින් ඇවිද ගියේය.නොයෙක් වද වේදනා නින්දා අපහාස විඳිමින් අමිහිරි ළමා වියක් ගෙවූ ඇලෙක්සිට සිටි එකම සහ වටිනාම මිතුරා වූයේ පොත්ය. ළමා වියේදීම ලැබූ විවිධ සමාජ අත්දැකීම් වලින් ලැබූ පන්නරය සහ පොත පත කියවා ලැබූ ඥානය ඉවහල් කරගෙන ඔහු තරුණ වියේදී පොත පත ලිවීමට පටන් ගත්තේය. ඒ අප අද ඔහුව හඳුන්වන මැක්සිම් ගෝර්කි යන අන්වර්ථ නාමයෙනි.

අම්මාවැනි ශ්‍රේෂ්ඨ නවකතා ලියූ අතරම ඔහු ළමයින් සඳහාද කතා රචනා කළේය. ඔහුගේ ළමා විය හා තරුණ විය ඇසුරින් ඔහු ලියූ ළමා විය”, “මිනිසුන් අතර”, “මගේ සරසවිනමැති ග‍්‍රන්ථ ලොව පුරා ඉතා ජනප‍්‍රිය විය. ඔහුගේ ළමා විය ඇසුරින් රුසියානු චිත‍්‍රපටයක්ද නිපදවුණි.

 මැක්‌සිම් ගෝර්කි විසින් ලියන ලද ප්‍රථම කෙටිකතාව ලෙස සැලකෙන්නේ  'මකාර් චුඩ්ර' (MAKAR CHUDRA) කෘතියයි. මෙය ප්‍රකාශයට පමුණුවන ලද්දේ 1892 වර්ෂයේදීය. මෙම කෙටිකතා සංග්‍රහයෙන් පසු ගෝර්කි ප්‍රසිද්ධියට පත් වූයේය. අනතුරුව මොහු තම ප්‍රථම සම්භාව්‍ය නවකතාව ලෙස 'පොමාගර්දේයෙව්'  (FOMA GORDEYEV) නමැති කෘතිය ප්‍රකාශයට පැමිණ වූයේය. මොහු විවිධ රැකියාවල නිරතව සිටි කාලයේදී ගීත නාටකවල ගීත කියවන්නකු වශයෙන් ලැබූ ආභාෂය නිසාදො නාට්‍ය රචකයෙකු ලෙසින්ද ප්‍රසිද්ධියට පැමිණියේය.
යෙගෝර් යුලිවොඩ්ල පතුළල පුංචි ධපතියෙක්‌, හිරුගේ ළමයි, ම්ලේච්ඡයෝ, සතුරෝ වැනි නාට්‍යයන් මොහු කරවීය. මෙම නාට්‍ය මගින් සාර් රාජ්‍ය පාලනයේ අඳුරු පැත්ත විග්‍රහ කළේය. ලිහිණියාගේ ගීතය නමින් වූ නාටකය සාර් රාජ්‍ය පාලනය දැඩිසේ විවේචනයට ලක්‌ කෙරිණි.
      ගෝර්කි විසින් රචිත සාහිත්‍ය කෘති බොහෝමයකි. 'ටුවැන්ටි සික්‌ස්‌ මෙන් ඇන්ඩ් අ ගර්ල්'(TWENTY SIX MEN AND A GIRL) මයි යුනිවස්‌ටීස්‌ (MY UN IVERSITIES) ලයිෆ් ඔෆ් මැතිවු කොෂේ මෙයා කින් (LIFE OF MATHEW KOZHES) ද ස්‌මෝල් ටවුන් ඔෆ් ඔකුරොව් (THE SMALL TOWN OF OKUROV) ද ආර්ටා මොනොව් බිස්‌නස්‌ (THE ARTRA MONOV BUSSINESS) කොන් පෙෂන් (CONFESSION) සමර් (SUMMER) පෝමා ගොර්ඩිව් (FOMA GORDYEW) මදර් (MOTHER) ද ත්‍රී ඔෆ් අස්‌ (THE THREE OF US) වවැනි කෘතීන් ඒ අතර වෙයි.
මැක්‌සිම් ගෝර්කි 1905 වසරේදී ඇමරිකාවට ගොස්‌ එහි සිටියදී ද මදර් (THE MOTHER) අම්මා නැමති නව කතාව ලීවේය. 
   අනතරුව 'ළමා විය' නමැති නව කතාව ලීවේය. මෙය තමා පිළිබඳ ප්‍රබන්ධයක්‌ ලෙස සැලකෙයි. මගේ සරසවි (MY UNIVERSITIES) මැයින් ලියන ලද ග්‍රන්ථය මගින් තමාට මුහුණ පෑමට සිදුවූ ළමාවියේ අභියෝග ගැන විස්‌තර කෙරේ. 1917 වර්ෂයේදී නව ජීවිතය   (NEW LIFE) යනුවෙන්  පුවත්පතක්‌ ප්‍රකාශයට  පැමිණිවීමට තරම් මැක්‌සිම් ගෝර්කි ලේඛණ කලාවේ දක්‌ෂයකු විය.


රුසියානු සාහිත්‍යයේ දියුණුව උදෙසා නවක ලේඛක ලේඛිකාවනට දොරටු විවිර කළ මොහු සාර් රාජ්‍ය පාලනයේත් පසු රුසියන් සාහිත්‍යයේ අගය වටහා දීමට උත්සාහ දැරීය. රුසියානු විප්ලවයේ පුරෝගාමියකු ලෙස සැලකෙන ලෙනින් ළඟින් ඇසුරු කළ මොහු තම ලේඛණ කලාවට ලෙනින්ගෙන්ද අතහිත ලැබුණි. 1934 වර්ෂයේ  ප්‍රථම වරට ඇතිකර ගත් සෝවියට්‌ ලේඛක සංගමයේ ප්‍රධාන ලේකම් පදවියෙන්ද පිදුම් ලත් මොහු ලොව ජයගත් ලේඛකයන් අතර කැපී පෙනෙන චරිතයක්‌ විය. ළමා වියේ සිටම දෙමව්පියන්ගෙන් පිළිසරණක්‌ නොලැබ දෙමාපියන් අහිමිව වල්මත් වී විවිධ දුෂ්කර රැකියා කරමින්, සිපිරි ගෙවල් තුළ දුක්‌ විඳිමින් සිට ලේඛණ කලාව කෙරෙහි දැක්‌වූ ආදර ගෞරවය නිසා ජගත් ලේඛකයෙකු වීමේ වාසනාව ඔහුට හිමිවූවේය. හුදෙක්‌ ඒ උත්සාහය මතය.
  මෙම අමරණීය ජගත් ලේඛකයා 1936 ජුනි මාසයේ 16 දා මෙලොවින් සමුගත්තේය. ඒවනවිට ඔහුට වයස අවුරුදු 68 කි. නිව්මෝනියා උණ රෝගය වැළඳීම නිසා ඔහු මිය ගියේ. 

ස්තුතිය -
තොරතුරු සෙවිම.. දැනුම 

0 අදහස් දක්වන්න....:

Post a Comment