රොටුඹ - පෙත්මග රජ මහ විහාරය


 මොරවක් කෝරලයේ ඌරුබොක්ක පස්ගොඩ ප‍්‍රධාන මාර්ගයේ රමණීය  බිම් කඩක ඉපැරණි පෙත්මග රජ මහා විහාරය ඉදිකොට තිබේ.     විහාර භූමිය මං පෙත්වලින් වට වී පිහිටා ඇති නිසා ම එය පුරාණයේ සිට ම ව්‍යවහාරයට පැමිණ ඇත්තේ පෙත්මග රජ මහා විහාරය ලෙසින්ය. බොදු ජනතාවගේ වන්දනීය පුද බිමක් වන පෙත්මග රජ මහා විහාරයට ශතවර්ෂ ගණනාවක් දුරට ගමන් කරනා අලිඛිත ඉතිහාසයක් තිබේ. 
                      ලිඛිත සාක්‍ෂි නැතත් මෙම විහාරයෙහි ආරම්භය පොළොන්නරු යුගයේ මහා වික‍්‍රමබාහු රාජ්‍ය කාලය තුළ දී සිදුවන්නට ඇති බවට පරම්පරාවෙන් පරම්පරාවට එන විශ්වාසයක් ජනතාව අතර පවතී. විහාර භූමිය සීමාවේ බුදාවලනිමින් හැඳින්වෙන සශ‍්‍රීක කුඹුරු යායක් වෙයි. එය පන්සලට ප්‍රෙව්ණි ඇති කුඹුරකි. රොටුඹ නමින් වූ ප‍්‍රදේශ ග‍්‍රාම නාමවත් වී ඇත්තේ එහි රොන් මඩ පිරීම නිසා යයි අදහසක් වෙයි. එලෙස රොන් මඩ පිරී පසු කාලයේ කුඹුරක් බවට පත් වී ඇත්තේ මෙහි මුල් ම විහාරය පිහිටි ස්ථානය බවට විශ්වාස කෙරේ.
පෙත්මග රජ මහා විහාරස්ථානයේ බෝධීන් වහස්සේ දෙනමක් වෙති. මෙම පුදබිමෙහි පැරණිත ම විහාරංගය වන්නේ ඉන් එක් බෝධියකි. එහි ඉතිහාසය පැවසීමට කිසිවෙකුත් නොදනිති. ඇතැම්විට එය මුල් ම විහාරය සතුව පැවති බෝධිය ලෙසටද විශ්වාසයක් පවතී.

පෙත්මග රජ මහා විහාරයේ දැන් පවතින සියලූ ඉදි කිරීම් යළි සිදුකොට ඇත්තේ 1735 දී ය. ඒ මෙරට බුදු දහම පිරිහී කිබූ අවධියකි. නමුත් උපසම්පදාව පිහිටුවීමත් සමග යළි භික්‍ෂු සමාජය, ප‍්‍රතිස්ථාපනය වීමත් සමඟ මෙම විහාරය අද පවතින ස්වරූපයෙන් ඉදි කොට තිබේ.
පෙත්මග විහාරයේ ඇති ඉපැරණි විහාරාංග සියල්ලක්ම පාහේ නුවර යුගයේ කලා අනන්‍යතා ප‍්‍රකට කරවති. පුළුල් මැටි බිත්තිවලින් ඉදි කොට ඇති විහාර මන්දිරයකි. බුදු පිළිම වහන්සේට අමතරව ඉපැරණි සිතුවම් රුසක් ද වෙයි. ශ‍්‍රාවක සිතුවම් මෙන් ම විෂ්ණු කතරගම දෙවිවරුන්ගේ රූප ද මෙහි තිබේ. විහාරයෙහි ඇතුල සහ මැද මාලයේ ඇඳි සිතුවම් මඟින් බුද්ධ චරිතයේ අවස්ථා, ජාතක කතා, චරිත ආදිය වෙසෙසින් නිර්මාණය කර තිබේ.මෙහි රෝපිත දෙවැනි බෝධීන් වහන්සේ ශ‍්‍රී මහා බෝධියේ අංකුරයකින් රෝපණය වූවකි. මීට අවුරුදු සියයකට පෙරාතුව එය රෝපණය කොට තිබේ.

පුස් කොළ පොතක ලියන ලද පන්සිය පනස් ජාතක පොතක් සහිත ඥාන කෝෂ්ටාගාරයක් ද මෙහි වෙයි.
                   නුවර රාජධානියට එල්ල වූ සතුරු උවදුරු නිසා දළදා වහන්සේ ආරක්‍ෂාව පිණිස මෙම ප‍්‍රදේශය ද පසු කරමින් කොළවෙනිගමට වැඩම කොට ඇත. එය සිහිවීම පිණිස පෙත්මග රජ මහා විහාරය ඇසළ පොහොය කේන්‍ද්‍ර කොට ගෙන දළදා පෙරහරක් ද පවත් වනු ලබයි. දින දහයක් තිස්සේම පවත්වනු ලබන මෙම ඇසළ පෙරහරට ආදර්ශය වී ඇත්තේ මහනුවර දළදා පෙරහරයි. සියලූ ම තේවාවන්, පුද සිරිත් ද ඒ අනුවම සිදු කරයි.
ඓයිතිහාසික උරුමය ද වර්තමානයේ භාර ගෙන සිටින පෙත්මග රජ මහා විහාරය අපේ උරුමයක් වන්නේ එලෙසින් ය.

      


0 අදහස් දක්වන්න....:

Post a Comment