මාතර දිස්ත්‍රීක්කයේ දෙනියාය
මැතිවරණ කොට්ඨාශයේ සුන්දරත්වයෙන් අනූනවු බටහිර මොරවක් කෝරලේ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති පිටබැද්දර නම් ප්‍රදේශය මනස්කාන්ත පරිසරයක්
හිමිය. ගාල්ල දෙනියාය මාර්ගයේ අකුරැස්සට පැමිණ එතැන් සිට කිලෝ මීටර 15 ක් පැමිණි විට පිටබැද්දර නගරය හමුවේ. පිටබැද්දර ප්‍රාදේ ශීය ලේකම් කොට්ඨාශය වර්ග කි මී . 141.6 ක පමණ විශාලත්වයකින් යුක්තය.
මාතර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 16 යෙන් එකකි. මෙහි වසන ජන සංඛාව 53247කි.
(2008- ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව)
මාතර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 16 යෙන් එකකි. මෙහි වසන ජන සංඛාව 53247කි.
(2008- ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව)
වාර්ශික මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.2 කි. වර්ෂයේ
ඉහල උෂ්ණත්වයක් ඇති මාස මාර්තු සහ අප්‍රේල් වන අතර අවම උෂ්ණත්වය දෙසැම්බර් ජනවාරි වෙයි. මධ්‍ය වර්ෂාපතනය මිලි ලිටර් 2775.3
පමණවේ. (ගාල්ල මධ්‍යස්ථානය)
(ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සිතියම)
මෙම කොට්ඨාශයට අදාලව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් 1989 වර්ෂයේ ආරම්භ කරන ලද අතර 1998 මාර්තු 31 එය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක් බවට පත්විය. පිටබැද්දර ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශයට අයත් ප්‍රදේශය 1989 වසර වන තෙක්ම බටහිර මොරවක්
කෝරලයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ව පැවතුනි. 1989.9.29.
දින සිට කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් උප
කාර්යාලයක් ලෙස වැඩබලන උප දිසාපති වරයෙකු යටතේ පිටබැද්දර පිහිටවන ලදී. ඉන් පසුව එය පිටබැද්දර ප්‍රාදේශීය
මහලේකම් කාර්යාලය ලෙස උසස් කරන ලද්දේ 1998.04.01. දිනය.වර්ග කි:මි:141.6 ක
පමන විශාලත්වයකින් යුතු මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ආරම්භයේදී ග්‍රාම නිළධාරි
වසම් 14 කින් යුක්ත වූ අතර පසුව එය 40 දක්වා වැඩි කෙරිණ.දැනට මෙම ග්‍රාම නිළධාරි වසම් 40 සමෘද්ධි කලාප තුනක් ලෙස බෙදා වෙන්කර ඇත.
ජනප්‍රවාද වලට අනුව පිටබැද්දර
නගරය පිහිටි ප්‍රදේශය පෙර හදුන්වා ඇත්තේ මුරුක්කන්දොල හේන නමිනි. එකල එම ප්‍රදේශය ජනාවාසව පැවතී නැති අතර එහි පැවතුන ලදු
කැලෑවට බැද්ද ලෙස භාවිතා කර පසුකාලීනව පිටබැද්දර ලෙස ව්‍යවහාරයට පත්ව ඇත.
පිටබැද්දර ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය, උතුරින් හා බටහිරින් ගාල්ල දිස්ත්‍රික්කයෙන්
ද ,නැගෙනහිරින් කොටපොල හා පස්ගොඩ යන
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින්ද ,දකුණින්
අතුරලිය, අකුරැස්ස සහ මුලටියන යන ප්‍රාදේශීය
ලේකම් කොට්ඨාශ වලින් ද මායිම් වේ. මුලටියන රක්ෂිතයේ කොටසක්ද මෙම කොට්ඨාශයට අයත්
වේ.
භූවිෂමතාවය අනුව
මෙම කොට්ඨාශය තුල මුහුදු මට්ටමේ සිට අ ඩි 25-1500
දක්වා වන කදු ගැට සහිත භූමියක් දක්නට ඇත. ප්‍රදේශයේ දකුණු කොටසේ සිට උතුරු දිශාව
දක්වා ක්‍රමයෙන් උස් වී යන භූමියකින් යුක්ත වේ. කොට්ඨාශය හරහා ගලා බසින ප්‍රධාන ගඟ
වන නිල්වලා ගඟට ඌරුබොක්ක ගඟ සහ හුලංදා ඇල කොට්ඨාශ සීමාවේ දීම සම්බන්ධ වේ.මෙම
කොට්ඨාශයේ කදු ආශ්‍රිත උස් බිම් වල තේ වගා කර ඇත.එය කොට්ඨාශයේ ජනතාවගේ ප්‍රධාන
ආදායම් මාර්ගය වේ.එයට අමතරව කුරුදු වගාවද, වී
වගා කරන තැනිතලා ප්‍රදේශද පිහිටා ඇත.ප්‍රදේශයේ දකුණේ සිට උතුරට දිවෙන ගාල්ල
දෙනියාය (A-17) ප්‍රධාන
මාර්ගය සහ අකුරැස්ස සිට සියඹලාගොඩ හරහා පස්ගොඩ දක්වා දිවෙන මාර්ග ප්‍රධාන මංමාවත්
වේ.දුෂ්කර අතුරු මාර්ග වල තවමත් ගමනාගමන අපහසුතා මෙන්ම ප්‍රවාහන අපහසුතා දැඩිව
බලපායි.ප්‍රදේශවාසීන්ගේ එදිනෙදා අවශ්‍යතා පිටබැද්දර හා මොරවක නගර වලින් සපුරා ගනී.
මිහිකතේ සුකුමාල බව පෙන්වමින් සිංහරාජ අඩවියේ පහස ලබමින් ගලායන් නිල්වලා ගං කුමරියද සතු සෝබමාන ලීලාව ප්‍රෙද්ශයේ අලංකාරයට දිය ඇලි කිහිපයක්ද එක්කර ඇත.
ඓතිහාසික
වැදගත් කම් ගණනාවකි එහිදි එළමල්දෙණිය රජමහා විහාරය ප්‍රධාන වෙයි. පිටබැද්දර ප්‍රදේශීය
ලේකම් කොට්ඨාශයට අයත් වටිනා ස්ථාන අතර අතු ඇල පාලමට හිමිවන්නේ වැදගත් තැනකි.
ආර්ථික බෝගයන් ලෙස ප්‍රධාන වශයෙන් තේ වගාව සහ වී ගොවිතැන, ද කටුපොල් (farm Oil), රබර්, කුරුදු, සහ අනිකුත් ආර්ථික බෝග සුළු වශයෙන් වගා කරනු ලබයි.
ආර්ථික බෝගයන් ලෙස ප්‍රධාන වශයෙන් තේ වගාව සහ වී ගොවිතැන, ද කටුපොල් (farm Oil), රබර්, කුරුදු, සහ අනිකුත් ආර්ථික බෝග සුළු වශයෙන් වගා කරනු ලබයි.
ග්‍රාම නිළධාරී වසම් 40 කින් සමන්විතය.
1.
අඹේවෙල
2.
කළුබෝවිටියන
3.
ගලබඩ
4.
දංගල බටහිර
5.
දංගල නැගෙනහිර
6.
බානගල නැගෙනහිර
7.
ඊදඩුකිත නැගෙනහිර
8.
ඊදඩුකිත බටහිර
9.
අලපලාදෙණිය උතුර
10.
අලපලාදෙණිය දකුණ
11.
බානගල බටහිර
12.
කොඩිකාරගොඩ බටහිර
13.
කොඩිකාරගොඩ නැගෙනහිර
14.
තලපෛකුඹුර උතුර
15.
තලපෛකුඹුර
16.
තලපෙකුඹුර දකුණ
17.
වැලිව
18.
රඹුකන නැගෙනහිර
19.
රඹුකන බටහිර
20.
අළුවන
21.
කොස්නිල්ගොඩ
22.
කුඩගලහේන
23.
දෑරංගල
24.
ගොරකවෙල
25.
පරදුපල්ල
26.
තැන්නහෙන
27.
දංකොළුව
28.
මහපොතුවිල
29.
සියඹලාගොඩ නැගෙනහිර
30.
සියඹලාගොඩ බටහිර
31.
වනසිංහ කන්ද
32.
දියදාව
33.
පිටබැද්දර
34.
කදුරුවාන
35.
දෙහිගස්ප
36.
වතුරකුඹුර
37.
කොටගල
38.
ඉහලඅයිනගම
39.
එළමල්දෙණි
40.
පුවක්බඩඕවිට
Pitabeddara Divisional
Secretariat is a Divisional Secretariat of Matara District, of Southern
Province, Sri Lanka. There are many location are can visit people. Also this
area have important place
Pitabeddara DS
Division has 40 Grama Niladhari (GN) divisions, the lowest unit in the
administrative structure of the country.
One of local
government units in the Pitabeddara DS Division Pradeshiya Sabhas
North : Kotapola DS Division
East : Pasgoda DS Division
South : Aathuraliya DS Division
West : Akuressa DS Division
/ Gall District
0 අදහස් දක්වන්න....:
Post a Comment