මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ .

මාතර නගරයට පැමිණෙන සැම බෞද්ධයෙකුගේම වන්දනාවට පාත්‍ර වන මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ දකුණු ලකටම ආශිර්වාදයකි.

සුන්දර පිටබැද්දර

පිටබැද්දර නම් ප්‍රදේශය මනස්කාන්ත පරිසරයක් හිමිය..

‘‘හදි හූනියම්, වශී ගුරුකම්, යන්ත‍ර මන්ත‍ර

‘‘හදි හූනියම්, වශී ගුරුකම්, යන්ත‍ර මන්ත‍ර තවත් පිරිසකගේ ඇදහිළි හා විස්වාසයන්.

සිංහරාජය... එදා “සිංහරජදහන” - අද ලෝක උරුමය .

ශී‍්‍ර ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජ වනපෙත වර්තමාන ලෝක උරුමයකි. එය ශී‍්‍ර ලංකාවේ ඇති එකම ස්වාභාවික ලෝක උරුමයද වෙයි. ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රකයන්හි පිහිටා ඇත. . .

ශාරුක් ඛාන් වේටර් කෙනෙක්ලු... ඇත්ත ද..?....

You can if you think you can ඔබට හැකි යැයි ඔබ සිත්න්නේ නම් ඔබට හැක

ඈතාමළ ඈල්ල - සිරි විසිතුරු

    

                                      මාතර දිස්ත්‍රීක්කය කියන්නේ  හැම අතින්ම සුන්දරත්වයෙන් අනූන ප්‍රෙදේශයකටනේ ටිකක් ඈවිදලා බෑලුවොත් පරිසරයේ සුන්දර බව චමත්කාරය අපූරුවට අදුන ගන්න පුළුවන්  මේ කියන්න හදන්නේ ඒ තරම්ම ප්‍රසිද්ධ නොවෙච්ච තාමත් හුග දෙනෙක්ගේ නෙත් නොගෑටිච්ච මනස්කාන්ත දිය ඈල්ලක් ගෑන තමයි. ඒ හින්දම  වගේ තවමත් මේ ස්තානයේ ස්වභාවික පරිසරයට මිනිසාගෙනුත් ලොකු බලපෑමක් සිදු වෙලා නෑ. ඈතා මළ ඈල්ල කියන නමින් තමයි මේ සුන්දර දිය ඈල්ල හදුන්වන්නේ. අකුරෑස්ස දෙනියාය මාරගයේ දෙනියාය පෑත්තට ගමන් කරලා පිටබෑද්දර නගරය පහු කරලා ටිකක් 4 km  දුරක් යන විට  හමුවෙන නිල් ඈල්ල වතු යාය ගාවින් දකුණට හෑරිලා පටු අතුරු පාර දිගේ 3 km විතර ගියාම මේ ස්තානයට යන්න පුලුවන්. ඒ හරියේ ගමට කියන්නේ පහුරුතොට කියලා  මේ දිය ඇල්ල බලන්න තව පාරක් තමයි පිටබැද්දර හරහා සියඹලාගොඩට ආවහම  සියඹලාගොඩ කඩපලට අසලින් වමට හැරිලා ටික දුරක් යන්න ඕනේ නිල් ඇල්ල  වතු යාය අසලින් ගියොත් ආසන්නයටම වාහනයකින් ගමන් කිරීමේ හෑකියාවත් තියෙනවා. මේ ස්තානය සම්බන්දව මගේ නම් බොහොම සුන්දර මතකයක් තියෙන්නේ.          
                             
 මම නම් මුලින්ම මේ ස්තානය බලන්න ගියේ පාසල් යන කාලයේ මගේ යාලුවෝ ටිකක් එක්ක. කොහොම හරි හිතට අල්ලලා ගියපු නිසා ඊට පස්සේ කීප අවස්තාවක්ම බලන්න ගියා. ඉස්සර මේ දිය ඈල්ල ආශ්‍රිතව කුඩා විදුලි බලාගාරයකුත් දකින්න පුලුවන් උනා. ඒ අවට ප්‍රදේශයට විදුලිය සෑපයුනෙත් මේ මගින්මයි. කොහොම උනත්  2003 අවුරුද්දේ ඈති වෙච්ච මහා ගං වතුරෙන් පසුව නම් මේ බලාගාරය තිබුන ස්තානයවත් හොයාගන්න ලෑබුනේ නෑ. ගම් වාසින් නම් කිව්වේ ඒ අවස්තාවේ ඈතා මළ ඈල්ලේ ජල මට්ටම සම උනා කියලා. ඒ අවස්තාවෙදි නම් ජීවිත කිපයකුත් ජල රකුසා පෑහෑරගෙන ගිහින් තියෙනවා. 
                                  නම හෑදුනු  විදිය මෙහෙමයි  ජනප්‍රවාදයේ සඳහන් විදියට ඉස්සර මේ ඈල්ලට ඉහලින් පිහිටලා තියෙන්නේ විශාල වනාන්තරයක්ලු. මෙකේ හිටපු හස්ති රාජයෙක් මේ ඈල්ලේ ඉහල කොටසෙන් ලිස්සලා පහලට වෑටිලා එම ස්තානයේදිම මිය ගිහින් තියෙනවා .අන්න ඒ නිසා තමයි ඈතා මළ ඈල්ල කියන නම වෑටිලා තියෙන්නේ. ලස්සන උනාට දිය නෑමට නම් සුදුසු තෑනක් නොවෙයි මෙතන. ඒක නිසා බලන්න ගියාට පරිස්සමින් සිංහරාජ අඩවියේ පහස ලබමින්  ප්‍රෙදේශයට මහගු සම්පතක්  වන නිල් වලා ගං කුමරියගෙන් තමයි මේ ඇතා මල ඇල්ල පෝෂණය වෙයි.

ලියුම් ගැන කියුම් - විශ්ව තැපැල් දිනය ඔක්තෝම්බර් නවය

         
ඔක්තෝම්බර්  මාසය සුවිශේෂී දින ගණනක්  යෙදී ඇති මාසයකි එහිදි අද 9 වන දැන විශ්ව තැපෑල් දිනයයි.  සංනිවේදනයේ දියුණුවත් සමඟ තැපැල  භාවිතය අඩුවී ඇතත්  ඕනෑම සහතිකයක හෝ ලිපි ගොනුවක මුල් පිටපත යැවීම සඳහා තවමත් තැපෑල අප අතර පවතී. අද එසේ උවද එදා තැපෑලේ ආරම්භය මෙසේ විය.




                දුන්නෙන් විදීම, අණබෙර ගැසීම, ඝණ්‌ඨාර නාදකිරීම කඳුමුදුන්හි ගිනි දැල්වීම, කොඩි එසවීම, දූතයන් යෑවීම, ගලේ කෙටීම සීපද ගායනා කිරිම, හූ කීම ඇතුළු විවිධ ක්‍රමෝපායයන් මගින් තොරතුරු හුවමාරු කරගත් සන්නිවේදන ඉතිහාසයක්‌ අපට තිබේ. තැපැල් සේවය ආරම්භ වීම මෙම සන්නිවේදන මගේ තවත් එක්‌ සුවිශේෂී සන්ධිස්‌ථානයකි.  

           
        වසර දෙසීයයකට වඩා ‌ පැරණි මෙරට තැපැල් සේවය නිත්‍ය වශයෙන් ආරම්භ කරන ලද්දේ 1798 දී ය. ඒ අනුව දීර්ඝ කාලීන අතීතයක්‌ තැපෑල සතුව පවතී 1789 දී ඕලන්ද ජාතිකයන් විසින් පනවා තිබූ තැපැල් රෙගුලාසි අඩංගු සඳහන් වේ. ලන්දේසි පාලන සමයේ මෙරට තැපැල් කාර්යාල පැවැති බවත් එම කාර්යාල භාර ප්‍රධානීන් තැපැල් ස්‌ථානාධිපති වරුන් ලෙස කටයුතු කළ බවත් ඉහත ලේඛනයේ සඳහන් වේ. ලන්දේසි පාලන සමයේ තැපැල් සේවයේ ආරම්භය සිදුවූවත් අද පවතින තැපැල් දෙපාර්තමේන්තුවේ ආරම්භය සිදුවන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීය. 1798  කැප්ටන් කෙනඩි මෙරට ප්‍රථම තැපැල්පතිවරයා ලෙස කටයුතු කර ඇත. මෙම සමයේ කොළඹ, ගාල්ල, මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය යන ප්‍රධාන නගර තුළ තැපැල් කාර්යාල පහක්‌ ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට තැපැල් ගාස්‌තු අයකරනු ලබන්නේ 1799 වසරේදීය.  මෙරට ආණ්‌ඩුකාරවරයා විසින් ප්‍රසිද්ධ දැන්වීමක්‌ මගින් පනවා ඇති රෙගුලාසි තුළින් ඒබව දැක්‌වේ.

ආණ්‌ඩුකාරවරයා සහ ප්‍රධාන අණදෙන නිලධාරි ඇතුළු රජයේ උසස්‌ නිලධාරීන්ගේ අත්සන් සහිත ලිපි සහ ඔවුන් වෙත ලැබෙන්නා වූ ලිපි ඇතුළු රජයේ සේවයට අදාල ලිපි තැපැල් ගාස්‌තුවෙන් නිදහස්‌ කර ඇත. අනෙකුත් සියලුම ලිපි ලේඛන සඳහා තැපැල් ගාස්‌තු අයකර ඇත.



                                                    ලෝකයේ ප්‍රථම තැපැල් මුද්දරය භාවිතයට ගැනුණු රට වශයෙන් සැලකෙන්නේ එංගලන්තයයි.  පෙමි බ්ලැක්‌ නමින් හැඳින්වූ එම තැපැල් මුද්දරයේ වටිනාකම පැන්ස 1 ක්‌ විය. දැති රහිත මුද්දරයක්‌ වූ එයින් වික්‌ටෝරියා රැජිනගේ ශීර්ෂය නිරුපණය විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම තැපැල් මුද්දරය 1857 අප්‍රේල් මස පළමුවැනි දින නිකුත් කරනු ලැබීය. එහි වටිනාකම පැන්ස 6 ක්‌ විය. වික්‌ටෝරියා රැජිනගේ රූපය එමගින් නිරූපණය විය. 1857 සිට 1872 දක්‌වා මෙරට  භාවිත වූ මුද්දර පැන්ස හා සිලියෙන් මුදලින් දක්‌වා තිබේ. ඉන් පසු තැපැල් මුද්දර රුපියල් ශත බවට පත් විය. තැපැල් මුද්දරයක්‌ ශ්‍රී ලංකාවේ පළමු වරට මුද්‍රණය කර තිබෙන්නේ 2002 වර්ෂයේ මාර්තු 15 වැනිදායි. ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ ගැසට්‌පත්‍රය මුද්‍රණාලයේ 200 වන සංවත්සරය වෙනුවෙන් මෙම මුද්දරය නිකුත් කර ඇත. කොළඹ සිට මහනුවර දක්‌වා තැපැල් ප්‍රවාහන කටයුතු සඳහා පළමු වරට අශ්ව රථ සේවයක්‌ ආරම්භ කරනු ලැබුවේ 1833 වර්ෂයේදී දීය ඒ වගේම දුම්රිය මගින් තැපැල් මළු ප්‍රවාහනය කිරීම 1892 දී ආරම්භ වූ අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස ලංකාවේ ප්‍රථම තැපැල් දුම්රිය කොළඹ සිට පේරාදෙණිය දක්‌වා ධාවනය විය.


ශ්‍රී ලංකාවේ පළමු තැපැල්පත 1972 වසරේදී නිර්මාණය කර ඇත. නොදියුණු මාර්ග පද්ධතියක්‌ හා ප්‍රවාහන පද්ධතියක්‌ පැවැති බැවින් ග්‍රාමීය ප්‍රදේශවල තැපැල් කටයුතු සිදුකිරීම මුල්කාලයේ දුෂ්කර කටයුත්තක්‌ විය. ගුවන් තැපැල් සේවය 1928 වර්ෂයේදී ආරම්භවී ඇති අතර පළමු පියවර ලෙස කොළඹත් ඉන්දියාවත් අතර තැපැල් කටයුතු සිදුවී ඇත. කොළඹට සෘජු ගුවන් තැපැලක්‌ ලැබී ඇත්තේ 1936 වර්ෂයේදීය.