මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ .

මාතර නගරයට පැමිණෙන සැම බෞද්ධයෙකුගේම වන්දනාවට පාත්‍ර වන මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ දකුණු ලකටම ආශිර්වාදයකි.

සුන්දර පිටබැද්දර

පිටබැද්දර නම් ප්‍රදේශය මනස්කාන්ත පරිසරයක් හිමිය..

‘‘හදි හූනියම්, වශී ගුරුකම්, යන්ත‍ර මන්ත‍ර

‘‘හදි හූනියම්, වශී ගුරුකම්, යන්ත‍ර මන්ත‍ර තවත් පිරිසකගේ ඇදහිළි හා විස්වාසයන්.

සිංහරාජය... එදා “සිංහරජදහන” - අද ලෝක උරුමය .

ශී‍්‍ර ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජ වනපෙත වර්තමාන ලෝක උරුමයකි. එය ශී‍්‍ර ලංකාවේ ඇති එකම ස්වාභාවික ලෝක උරුමයද වෙයි. ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රකයන්හි පිහිටා ඇත. . .

ශාරුක් ඛාන් වේටර් කෙනෙක්ලු... ඇත්ත ද..?....

You can if you think you can ඔබට හැකි යැයි ඔබ සිත්න්නේ නම් ඔබට හැක

එදා මාතර.......(මාතොට,මහතොට,මහතිත්ත,මා‍තර)

-මාතොට,මහතොට,මහතිත්ත,  “මා‍තර”-
       තොමසු පුරාණය නම් ග්‍රන්ථයට අනුව මාතර පිහිටා ඇත්තේ පැරණි ක්‍රමයට අනුව සියවැනි සැතපුම් කණුව සමීපයේය.
කඩවත් සතර,
වැල්ලබඩ පත්තූව,
ගඟබඩ පත්තූව,
වැලිගම් කෝරළය,
මොරවක් කෝරළය,
යන ප‍්‍රදේශවලින්  යුතූ දකූණු පළාතේ දෙවැනි උප නගරය මාතරයි. මෙම නගරය මායිම්ව ඇත්තේ එක් පසකින් ඉන්දියන් සාගරයෙන් හා රක්වාන කඳුවැටියෙන් ආරම්භව ගලාබසින නිල්වලානදිය මධ්‍යගත කොට ගෙනයි. 
මාතර ජනාවාස ආරම්භය පිළිබඳව සොයා බලන විට සොයාගත හැකි කරුණක් නම්, ලම්භකර්ණ වංශිකයන් පරදවා ක‍්‍රි.ව 33-43 අනුරාධපුරයේ රජකම් කල ඉලනාග රජු පසු කාලයේදි ලම්භකර්ණ වංශිකයන්ගේ දැඩි උදහසට ලක්වීමේ ප‍්‍රතිථලයක් වශයෙන් මාතර ප‍්‍රදේශයේ කාලයක් වාසය කල බවයි. පසු කලෙකදී ලම්භකර්ණයන් පරදවා නැවත වරක් අනුරාධපුරය තම රාජධානිය කරගත් සමයේ මාතර ප‍්‍රදේශයේ විසු නාග වංශිකයෝ බලවත්ව සිටි බව ද ඉතිහාසයේ සඳහන් වෙයි.     ගම්පොළ යුගයේ පස්වැනි බුවනෙකබාහු (1371-1408) රජතූමාගේ ප‍්‍රතිරාජ පදවිය ලබා සිටි වීරබාහු ඈපා නම් ලද්දෙකූ විසින් මාපා පටුන මාතර නගරයේ ගොඩ නැංවු බවත්, ආරම්භයේදී මාතොට’ ‘මහතොටනමින්ද පසු කාලයේ මහතිත්නනමින්ද හැදින්වු බවත්, අවසානයේ පෘතූගීසීන්ගේ වැරදි උච්චාරණයක් නිසා මාතර නමින් හැදින්වූ බවත්, ඵසේම කොළඹ සිට පැමිණෙන මාර්ගයේ කළු ඟඟ තරණය කරන කළුතොට තෙර වරාය, කළුතර වශයෙන්ද, බෙන්තර ඟඟ තරණය කරන බෙන්තොට, බෙන්තර වශයෙන්ද, වැලිතොට වැලිතර වශයෙන්ද, මාතර නිල්වලා ඟඟ තරණය කරන මහතොට’, ‘මාතොට’ ‘මාතරවූ බවද කියවේ.  යටත් විජිත කාලයට පෙර සිටම මාතර විවිධ ජාතීන් ඵකට විසු බවට ඉතිහාසයේ සදහන් වේ.
පරෙයිදූව අද රන්දූව..
යටත් විජිත යුගයට පෙර පොදුවේ දිවයිනේ අනෙකූත් ප‍්‍රදේශවල මෙන්ම මාතර ප‍්‍රදේශයේද සාහිත්‍ය ප‍්‍රබෝධයක් තිබූ බවට ඉතිහාසයේ සදහන් වේ. මේ සඳහා ප‍්‍රධාන කේන්ද්‍රස්ථානය වී ඇත්තේ බෞද්ධ මධ්‍යස්ථානයන්ය. වීරබාහු ඈපාණන් විසින් මාපා පටුන මාතර නගරයේ ගොඩනැංවීමට පෙර දුර අතීතයේ සිටම ලෝක වෙළදපළ හා සම්බන්ධතාවයක් තිබූ බවට සාක්ෂි ලැබී ඇත. ග‍්‍රීක, රෝම හා පර්සියන් ජාතිකයන්ට අයත් ජාත්‍යන්තර වෙළඳුන් මෙම ප‍්‍රදේශය හා සම්බන්ධ වූ බවට සාක්ෂි ඇත.

18 වැනි සියවසේ මැද භාගයේ සිට 19 වැනි සියවසේ දෙවැනි දශකය තෙක් රුහුණේ ජීවත් වූ ගජමන් නෝනා කිවිදිය විසින් රචිත දැඩිතර ශෝක මාලයනැමැති කෘතියෙන් 18 වැනි සියවසේ මාතර පුරවරයේ තිබූ පුරප‍්‍රසාද, බලකොටු, පවුරු පදනම්, සල්පිල් යනාදියෙන් පැවැති යැයි සදහන් වේ.


මෙලෙස ආරම්භ වූවායැයි සැලකෙන මාතර ඉතිහාසය මෙන්ම වර්තමානයේදී ද මාතර දිසාවෙන් විවිධ කරුණු කාරණා සොයාගත හැකිය. එම ‍තොරතුරු සොයායමින් ඉතිහාසයේ රස මුසු තැන් හෙළි කරන්නට ගන්නා වෑයමක් ලෙස සම්පත් හමුවතුලින් ඔබට ගෙන එමි.

වැවුරුකන්නල බුදුරජ මහා විහාරය - දික්වැල්ල....

         

                      මාතර තංගල්ල ප්‍රධාන මාර්ගයේ දික්වැල්ල නගරයට පෙනෙන දුරින් මෙම සුප්‍රකට විහාරය ඉදිකොට ඇත. එකල වැව් දෙකකට සමීපව පිහිටි කුඩා කඳුගැටයක් මත ගිමන් හලක් පිහිටා තිබූ නිසා වැවුරුකන්නල නම ව්‍යවහාරයට පැමිණ තිබේ.  විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩහිඳින නිසා මෙම ඉපැරණි පුදබිම වැවුරුකන්නල බුදුරජ මහා විහාරය ලෙස 1969 මාර්තු 2 වැනි දා සිට නම් කොට තිබේ. ඊට පෙර මෙම විහාරය සුදස්සනානන්ද විහාරය නමින් හඳුන්වන ලදී.
වැව්රුකන්නල බුදුරජ මහා විහාරයේ ඉතිහාසය මහනුවර යුගයේ රාජාධිරාජසිංහ යුගය දක්වා දිව යයි. එම රජතුමාගේ මඩකුඹුර වාසල දේවියගේ පුතා වැවුරුකන්නල පිහිටි ඉපැරණි ගිමන්හලෙහි භක‍ෂූන් වහන්සේ කෙනෙකු ලෙස වාසය කොට ඇත. මහනුවරින් දුර ප්‍රදේශයක එලෙස වාසය කොට ඇත්තේ ආරක‍ෂාව සඳහාය. උන්වහන්සේ රජකුමාර හිමි ලෙස ද ප්‍රදේශයේ ජනතාව විසින් ආමන්ත්‍රණය කළහ. රජකුමාර හිමි බුරුමයෙන් මෙරට උපසම්පදාව රැගෙන ඒමට වැඩම කළ භික‍ෂූන් වහන්සේ ලා සත් නමගෙන් එක් නමක ලෙස ද සැලකෙති.
දික්වැල්ල සුදස්සනානන්ද විහාරයේ ආරම්භය සිදුවන්නේ ද උන්වහන්සේගෙන් ය. දික්වැල්ල බුදුරජ මහා විහාරස්ථානයේ බුදු ගෙවල් 3 ක් පිහිටා ඇත. ඒ අතරින් පැරණිතම බුදුගෙය ඉදි කොට ඇත්තතේ 1870 දී ය.
විහාරයේ සිතුවම්

                  ඉපැරණි බුදු ගෙය තුළ සැතපෙන බුදු පිළිම වහන්සේ නමක් වැඩ හිඳිති. විශාල මකර තොරණකින් එම බුදු ගෙයට ඇතුළු විය යුතුය. බුදුන්වහන්සේගේ සහ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිමද මෙම විශාල බුදු මැදුරේ නිර්මාණය කොට ඇත. ඊට අමතරව ජාතක කථා මෙන්ම බුද්ධ චරිතයේ විවිධ අවස්ථාද සිතුවම් කොට තිබේ.
වැවුරුකන්නල බුදුරජ මහා විහාරයේ ඉදිකොට තිඛෙන දාගැඛෙහි බුදුන් වහන්සේගේ සහ ශ්‍රාවකයන් වහන්සේලාගේ ධාතූන් වහන්සේ හතළිස් නමක් වැඩ සිටිති. ඉපැරණි දේවාලයක් සහ සීමාමාලකයක් ද මෙම පිදුබිම සතුව පවතී.
ඉපැරණි ආවාස ගෙය අද කුඩා කෞතුකාගාරයක් ලෙස පවතවාගෙන යයි. 1839 ජූලි මස  8 වැනි දා ඉදිකරන ලද ඉපැරණි පිරිත් මණ්ඩපයක් ද විහාරස්ථානයේ ධර්මශාලාවෙහි තබා ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම ඔරලෝසුව තැන්පත් කොට ඇත්තේද වැවුවරුකන්නල බුදු රජ මහා විහාරයේය. 1927 දී  එය නිර්මාණය කිරීමෙන් පසුව මග්ගොන සිට විහාරස්ථානයට රැගෙනවිත් තිබේ. වැවුරුකන්නල බුදු රජ මහා විහාරය ලෙස අද මෙම විහාරය හඳුන්වන්නේ අසූ අට රියන් සමාධි බුදු පිළිම වහන්සේ නමක් එහි ඉදි කොට ඇති නිසාවෙනි.
මාතර දිස්ත්‍රික්කයේ පිහිටි බැතිමතුන්ගේ නොමඳ වන්දනයට ලක් වූ බොදු පුදබිමක උරුමයක් එලෙසින් වැවුරුකන්නලින් ද ප්‍රකට වෙයි.

Wewurukannala Viharaya


miles east of Matara is the town of Dikwella, where there is one of the most amazing Buddhist temples in Sri Lanka. The Wewurukannala Vihara temple is dominated by an image of a seated Buddha. It is 160ft high, the largest statue in all of Sri Lanka and dates back to the time of King Rajadhi (1782 - 1798).
The temple has three parts, the oldest being about 250 years old; however this is of no particular interest. The next part has life size models of demons and sinners shown in graphic detail. If you don't follow the path to enlightenment this is what happens to you. Punishments include being drowned in boiling cauldrons, sawn in half, disemboweled and so on. Finally there is the enormous seated Buddha that is as high as an eight-storied building. [h]
The temple walls show you the path towards enlightenment by depicting hundreds of comic strip representations of events in the Buddha's life. Among one of the episodes is the Chulla Dhammapala Jataka. It tells the story of how King Maha Prathapa of Varanasi on entering the palace found the queen cuddling her seven month old child. After ignoring him the King was left insulted so ordered that the prince be executed and the body be thrown into the air. Several Jataka Stories are also amid the paintings, which where selected for Vesak stamps in 1991. One depicts The Kattahari Jataka showing Prince Kastavahana, son of King Brahmadatta resting with his entourage.

The temple museum is a must see place if you visit there. The most impressive is the large clock which can be seen from font of the the building. Inside, the mechanism of the clock is protected inside a glass cubicle.    The clock is has been built by a local craftsman called W. Elaris De Silva from Maggona in 1926 and purchased by the priest in 1928 for a sum of 3000 rupees and fixed at the temple. This mechanical masterpiece is working even today and rings at thewawa time at the temple every morning and evening.

පනාකඩුව තඹ සන්නස අපට අභිමාණයකි.....

        
      

             මොරවක් කෝරලයේ පනාකඩුව ගම්මානයට ඉතිහාසය විසින් වටිනාකමක් එක්කල 1948 පෙබරවාරි මාසයේ දිනයක් විය. කෘෂිකර්මාන්තය මත පදනම්වු ජීවන රටාවක් ප්‍රදේශයතුල පවතී. පනාකඩුව බෝගහදෙණියේ පිහිටි කුඹුරේ ඇළවේලි සකස් කිරීම සදහා ගොවියෝ පිටත් වුහ.

"
කුඹුරට වතුර හරවන් ඕන හින්දා නියර උදැල්ලෙන් කැපුවා. කපල ඉවර වෙලා ඉහලින් තිබුනු කණ්ඩියෙන් තණ පිඩලි දෙකක් කපල එතනට දාන්න හැදුවා. ගහපු උදළු පාරට යමක් උදැල්ලෙ ගැටුණා දැනුනා. ඊ‍ට පස්සේ අරගෙන බලන කොට තඹ තහඩු තුනක් එදා‍ මෙදා කාලය තුල පනාකඩුව ගම ‍ඓතිහාසික ප්‍රදේශයක් විය. බොහෝ දෙනා පනාකඩුව පිළිබද සොයා බලන ලදී. ඈත අතිතයේදී වැඩිම අවධානයටකට ලක්වූ පනාකඩුව ගම්මානය ප්‍රසිද්ධියට පත්වුයේ පනාකඩුවේ තඹ සන්නස නිසාය.
අට වසරේ සිංහල පොතේ පාඩම මතකනම් පනාකඩුවේ නම ඔබට මතක ඇති.

පනාකඩුවේ තඹ සන්නස මගින් බුදල්නාවන්ගේ පරම්පරාවෙන් පැවත එන්නන්ගෙන් දඩ අයකර නොගැනීම සිරගත නොකිරීම දේපළ රාජ සන්තක නොකිරීම, බලවත් අපරාධයක්‌ සිදු කළද ඒ සඳහා තෙවරක්‌ම සමාව දීම ආදී බොහෝ රාජකීය වරප්‍රසාද ප්‍රදානය කොට ඇත. පනාකඩුව තඹ සන්නස නිසා රුහුණේ මොරවක්‌ කෝරලයද සියලු දෙනාගේම අවධානයට යොමු වූහ.

"රුහුණ දඩ නායක
සිත්නරු බිම් මුදල්නාවන්
වැඩි තැන් සහ වියෙහි
වඩමින් ලොවැඩ වඩා" 



සිංහලේ ශ්‍රේෂ්ඨතම නරපතියකු වූ පළමු වැනි විජයබා රජු විසින් (1055-1110) තමන්ට උදව් උපකාර කළ සිත්නරු බිම් බුදල්නාම නම් දණ්‌ඩ නායකයාට ප්‍රදානය කරන ලද්දා වූ පනාකඩුව තඹ සන්නස මගින් රාජකීය වරප්‍රසාද පිළිබඳ කියෑවෙයි. 

ඓතිහාසිකමය අගයෙන් යුතු වූ පනාකඩුව තඹ සන්නස මෙරට දී හමු වුණු පැරණිතම තඹ සන්නස ද වෙයි. 

පුරා විද්‍යා චක්‍රවර්තී මහාචාර්ය කඹුරුපිටියේ වනරතන නාහිමියෝ මෙම තඹ සන්නසෙහි අප්‍රමාණ වටිනාකම ලොවට හෙළි කළේ සිංහල ඉතිහාසයේ බොහෝ සිදුවීම් සත්‍ය බව ප්‍රකට කරවමින් මෙන්ම ඊට තවත් පරිච්ඡේදයක්‌ද එක්‌ කරමිනි. 

පනාකඩුවෙන් සොයා ගන්නා ලද මෙම තඹ සන්නසට පෙර ඉතිහාසඥයින් විශ්වාස කළේ පැරැණිතම තඹ සන්නස නිශ්ශංක මල්ල රාජ සමයට අයත් බවකි. එහෙත් ඊට පෙරද තඹ සන්නස්‌ ලියූ බව මෙමගින් තහවුරු වන්නෙමු.

දිගින් අඩියකුත් අඟල් දෙක හමාරක්‌ ද පළල අඟල් තුනක්‌ ද වෙයි. අඟලකින් අටෙන් එකක පමණ ගණකමක්‌ ඇත. එම පනාකඩුව තඹ සන්නස රාත්තල් දෙකකුත් අවුන්ස දෙක හමාරක්‌ බරය. 

පනාකඩුව තඹ සන්නසෙහි පත්‍ර තුනක්‌ වෙයි. එක්‌ පත්‍රයක පේළි හත බැගින් ලියා ඇත. ඒ අනුව අක්‍ෂර පේළි විසි අටක්‌ එහි වෙයි. පළමු සහ තෙවැන පත්‍ර දෙකෙහි ඇතුළු පැත්තේ ද දෙවැනි පත්‍රයෙහි දෙපැත්තේ මද වශයෙන් නම අක්‍ෂර සටහන් කොට තිබේ. 

පනාකඩුව තඹ සන්නසෙහි කෙළවර හිල් දෙකක්‌ විද ඇත. එය නූලකින් බැඳ පුස්‌ කොළ පොතක්‌ ලෙස පරිත්‍යාග කොට ඇති බව එමගින් සිතීමට පුළුවනි. 

රුහුණේ සිටි බලසම්පන්න ජන ප්‍රධානියකු ලෙස බුද්ධරාජ හෙවත් සිත්නරුබිම් බුදල්නාවන් ඉතිහාසයට එක්‌ වී සිටියි. අනුරාධපුර රාජධානිය බිඳ දමමින් චෝල ආක්‍රමණික රජ උරුමක්‌කාරයින් සමූල ඝාතනය කරද්දී පණ රැක ගනිමින් කීර්ති කුමාරයා ඇතුළු රජ පවුල රෝහණයට පැමිණෙයි. කීර්ති කුමරුගේ පියා වන මුගලන් රාජ්‍ය උරුමක්‌කාරයෙක්‌ විය. රහසේ රුහුණේ මොරවක්‌කෝරලයට පලා ගිය ඔවුහු රැක බලා ගත්තේ සිත්නරුබිම් බුදල්නාවන් විසිනි. 
කෑමට ගතහැකි කොළ වර්ග, පලවැල ගෙනත් දෙමින් බුදල්නාවන් විසින් මෙම රජ පවුල පෝෂණය කොට රැක බලාගත් බව පනාකඩුව තඹ සන්නසින් නොසඟවා පවසා ඇත. 

මහ විජයබා නමින් රජ පැමිණි කීර්ති කුමාරයාට එම ගමන යැමට අවශ්‍ය සේනා සංවිධාන කටයුතු සිදු කරමින් කටයුතු කොට ඇත්තේ ද බුදල්නාවන් විසින්ය. මහ විජයබාවන් විසින් තමන් ඇතුළු රජ පවුලට කරන ලද එම අප්‍රමාණ සැලකිල්ල වෙනුවෙන් කෘතගුණ දැක්‌වීම පිණිස කරන ලද රාජකීය ප්‍රදානයන් පිළිබඳ වූ සන්නස අද ප්‍රකටව ඇත්තේ පනාකඩුව තඹ සන්නස ලෙසිනි. 

පද්‍යයන්, ගද්‍යයන් අතර වූ චම්පු කාව්‍යමය භාෂා ශෛලියක්‌ පනාකඩුව සන්නසට වෙයි. කඹුරුපිටියේ වනරතන මාහිමියන් එලෙස පෙළ ගස්‌වන ලද පබැඳුමක්‌ මෙලෙස දැක්‌විය හැකිය. 
මෙය මොරවක් කෝරළයට පමණක් නොව මාතර දිසාවට දකුණු ලකටම වටිනා කමකි.

  එදා තඹ සන්නස හමුවු කුඹුරුයාය අද දිස්වන අයුරු...


ස්තූතිය දෙනගම ධම්මික රණවීර මහතාට

8 සමත් "සර්"ලා අපේ ඉස්කෝලේ.......

                පසුගිය දිනක මම මිතුරෙක් හමුවීමට  ගියේමි ඔහු මාහට පැවසු සත්‍ය සිදු විමක්  මෙසේ සටහන් කරමි,
(මෙම සිද්ධියට අදාල අයගේ ‍නම් ගම් මන:කල්පිතයි) 


                  කුමුදු ගම්මුන්ගේ වැඩි ප්‍රසාදයට ලක් නොවු කෙනෙකි. ඒ ඔහුගේම ක්‍රියා කලාපය නිසා වෙනි, යහළුවන් සමඟ රස්තියාදුවේ යාමත් ඔහුටම ආවේනික ආරූඩකරගත් චන්ඩිකමත් නිසා ගමේ කිසිවෙක් ඔහුට හොදක් කිවේ නැත. කුමුදු අපගේ පොඩි අයියාගේ පංතියේ මිතුරෙකි. ඔහු පාසල් ගියේ 8 ශ්‍රේණිය දක්වා පමණි කල් යාමත් සමඟ හදිසියේම කුමුදු ගමෙන් පිට වී, මාස කිහිපයක් ගතවිය.  යළිත් ඔහු අපට දකින්නට ලැබුනේ පසුගිය මහ මැතිවරණ සමයේ දීය, ඒ ප්‍රදේශයේ මන්ත්‍රීතුමාගේ ලගම සහයකයෙකු ලෙසයි. මැතිවරණයෙන් පසු මන්ත්‍රීතුමන් ඇමතිකමක් ලැබීම සමඟ මාස කිහිපයක් ගත විමෙන් කුමුදු ගැන අපූරු පුවතක් සැළවුනි. ඒ ඔහු අපගේ පාසලට පත්වීමක් ලබා පැමිණිමයි.

 මෙය ගමේ බොහෝ දෙනාගේ විමතියට සහ හාස්‍යට හේතුවිය. කල් යාමත් සමඟ අපට දැන ගන්නට ලැබුනේ කුමුදුහට පාසල් කම්කරු රැකියාව ලැබි ඇති බවය. කාලයත් සමඟ කුමුදු, පාසලේ විදුහල් පතිවරයාගේ හොදම සහයකයා විය. ගුරුවරුන්ටද ඔහු හොද සහයකයෙක් විය. සිංහල ගුරුතුමාගේ හදිසි නිවාඩු දිනයේ පසුගිය පාඩමට අනුව එම සිංහල සර් හැදු සටහන (Note) හඬ නඟා පුංචි පංතිවලට කියවන්නේ කුමුදුය.  චිත්‍ර මිස් නොමැති දින අදාල පංතියේ භාරකාරීත්වය විදුහල්පතිතුමන් භරකරන්නේ කුමුදු හටයි, විටෙක් ඔහු ක්‍රීඩා පිටියේ ළමයීට P.T කරයි.
            

                             මෙම කටයුතු නිසාම පාසළේ ළමයි කුමුදුහට සර් යැයි ආමන්ත්‍රණය කරති. ළමයින්ගේ සර් නිසා දෙමාපියන්ද කුමුදුහට "කුමුදු සර්" යැයි කියති.
                            පාසල් කම්කරු රැකියාව ලැබු කුමුදුගේ කාර්යය පාසල පිරිසිදුව තබා ගැනීමයි, එහෙත් පාසල හා පාසල් භූමිය අදාල පංති සියල්ල පාසලේ ළමයින් නිති පතා පිරිසිදු කරන නිසා කුමුදුට එම වැඩ නෙයෙදුනි. කුමුදු සර් දැන් පාසල් යන්නේ ගුරුවරයෙකු ලෙසයි.
 අපේ පොඩි අයියා සරසවියේ (M.A) කලා විශේෂවේදී උපාධිය ලබාගෙන ඇත, ඔහු දැන් ගමේ සිල්ලර කඩයක් කරයි, ඔහු තාමත් ගමේ සැමට පොඩි මල්ලී පමණක් වෙයි. එහෙත්  8 ශ්‍රේණිය සමත් කුමුද දැන් "සර්" කෙනෙකි.

(මෙම සිද්ධියට අදාල අයගේ ‍නම් ගම් මන:කල්පිතයි.)  

සුබ වාදීව හිතන්න.... ශාරුක් ඛාන් වේටර් කෙනෙක්ලු... ඇත්ත ද..?


                ලෝකය හරිම අපුරුයි ඒ වගේම විශ්මය ජනකයි....  එහෙම ලෝකේ ඉන්න මිනිස්සු විවිධා කාරයි ඒ වගේම පුදුමා කාරයි.. ඒ වගේ මිනිස්සු මේ සමාජයේ ඕනෑතරම් ඉන්නවා අපිට හමුවෙන කතා කරන අය අතරේ මොන තරම් ප්‍රශ්න තියන අය ඉන්නවද ප්‍රශ්න කාටත් පොදුයි, ප්‍රශ්න නැති අය නෑ  ඔබ දන්නවද ජීවිතයට ගැටළු අභියෝග එන්නේ  අපිට අපිව සහ සමාජය තේරුම් ගැනීමට.... ඉතින් ඒ වගේ සමාජයේ දුක් කම් කටොළු  හිරි හැර නින්දා අපවාද මැදින් තමන්ගේ ඉලක්කයටම යන මිනිස්සු  ඉන්නවා...  මේ අදහස  මම  පොත් වලින් කියෙව්වා හිතලා බැළුවම කතාව නම් සම්පුර්ණ අත්ත... ඔය අතරේ, මගේ  උගත් මිතුරෙක් වන වීනාත් දර්ශක  විද්‍යුත් ලිපියක් (ඊ මේල්) එකක් එවලා තිබුනා  ඒ විස්තරය මම උපුටා ගත්තේ මේ විදියට......

1) ශාරුක් ඛාන් අවුරුදු ගණනක් වේටර් කෙනෙක් විදියට ආපන ශාලාවක වැඩකරපු කෙනෙක්. ඒ වගේමයි දමිල සිනමාවේ සක්විති රැජිනි කාන්ත් අවුරුදු විසි පහේදී බස් කොන්දොස්තර කෙනෙක්. 

2) 
සින්දු කියන්න අසාවෙන් හිටපු තරුණයෙක් හිටියා ඔහු අවුරුදු ගණනක් වේදිකාවල මුදලක් නොගෙන ගීත ගායනා කළා. සමහරු ඔහුට හූ තිබබා. ඔහු ගීත ගායනා කල මුල්ම චිත්‍රපට ගීතයත් නිෂ්පාදක කපල ඉවත් කලා. චිත්‍රපට නිෂ්පාදකයා බැන වැදුනේ ඔහුට සිනමාවට ගැලපෙන කට හඩක් නැහැයි කියල. එහෙත් ඔහු උත්සාහය අත ඇරියේ නැහැ ඒ තමා අපි කව්රුත් හදුරන එච්. ආර් ජෝතිපාල ජනප්‍රිය ගායක ශිල්පියා. 

3) 
අවුරුදු 7 වන විටත් වචනයක් වත් කියවගන්න බැරි කොලු ගැටයෙක් හිටියා. ඔහු පන්තියේ හැමදාමත් අන්තීමය උන.කව්රුත් ඔහුව ගණන් ගත්තේ නැහැ.දෙමව්පියෝ හිතුවේ ඔහු මානසික රෝගියෙක් කියල. ඒ තමා ලෝකයම දිනපු ප්‍රසිද්ද විද්වතා ඇල්බට් අයින්ස්ටයින් . 


3) අනාතයෙකුව ඉපදුනු කුඩා දරුවෙක් හිටියා.ඔ හු ඔහුගේ ළමා කාලය ගත කලේ මහා මග. අනුන්ගේ කඩපිලි වල. තරුණ වියට පත් වෙද්දී ඔහු රැකියාව විදියට මහා මාර්ගයේ යනෙන මිනිස්සු හිනැස්සුව. ඒ දවසට පවුම් දෙකක් හොයා ගන්න. එහෙත් ඔහු මැරෙද්දි මුළු ලෝකයක්ම ඔහු වෙනුවෙන් හැඩුවා.. ඔහුගේ නම චාලි චැප්ලින්. 
4) තරුණ වියේදී එක තරුනයෙකුව කැලිෆෝනියා සිනමා පාසලෙන් නෙරප දැමුවා. ඔහුගේ එකම සීහීනය වුනේ සිනමා උපාධියක් අරගන්න. ඔහු උත්සාය අත ඇරියේ නැහැ. තමා සීනයක් ව ප්‍රර්ථනා කරපු උපාදිය  2002 වසරේදී විශ්ව විද්‍යාලය විසින් නොමිලේම ඔහුට පිරිනැමුණා. ඒ ස්ටීවන් ස්පිල්බර්ග් ලෝ ප්‍රකට සිනමාවේදියා. 
5) සැමියා අතහැර දැමු වැන්දබු කාන්තාවක් තමා එකම දරුවා ජිවත් කරගන්න පත්තර වලට සුරංගනා කතා ලිව්වා. ඒ කතා සියල්ලම පුවත් පත් වලින් ප්‍රතික්ෂේප කරද්දීත් ඇය තීරණය කලා පොතක් ලියන්න. ඒ පොතත් රැගෙන ඇය සියගණනක් ප්‍රකාශන ආයතන වලට පයින් ගියා. එඅහෙත් සෑම කෙනෙක්ම එය බාල වර්ගයේ නිර්මාණයක් ලෙස විසිකර දැමුවා. අවසානයේ එක සමාගමක් එය ප්‍රකාශ කරන්නට බාරගත්තා. මේ තමා ජේ.ආර් රෝව්ලින් සහ අයගේ මුල්ම නිර්මාණය "හැරි පොටර් " නවකතාවේ ඉතිහාසය. 
6) වරක් ගීත නිෂ්පාදන ආයතනයක් එක තරුනයෙක්ව   තම සමාගමෙන් අස් කර දැමුවා. "උඹට සින්දු කියන්න බෑ උබට පුළුවන් ට්‍රක් එලවන්න විතරයි" සමාගමේ අය්තිකරු ඔහුට එසේ කිව්වේ ඔහු වෘතියෙන් ට්‍රක් එලවන්නෙකු වුනු නිසා. එහෙත් තරුණය එහින් සැලුනේ නෑ.. ඔහු නැවත නැවතත් උත්සා කලා. ඔහු පසුකාලයේ ජනප්‍රිය වුණා  "එල්විස් ප්‍රෙස්ලි " නමින්.


7) දුප්පත් ගොවියෙකුට දාව උපන් දරුවෙක් හිටියා.කුඩා කාලයේ අධ්‍යාපන ලැබීමේ වාසනාව ඔහුට නොලැබුණේ ඔහුගේ දුප්පත් කම නිසා. කුඩා කාලයේම මුදල් උපයන්න ඔරු පදින්නෙකු ලෙසත් දුම්රිය මාර්ග සදන්නෙකු ලෙසත් සේවය කලා .ඒ උපාය ගත් මුදලින් ඔහු නීති විද්‍යාලයට බැදී නීති උපාදියත් සමග දේශපාලනයට අවතීර්ණ වුන. දහතුන් වතාවක් චන්දයෙන් පැරදුනු ඔහු 1961 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයට පත් වුණා. ඒ ඒබ්‍රහම් ලින්කන් 

 
                       අපි දුප්පත් වෙලා ඉපදුනොත් එක අපේ වැරද්දක් නෙමේ.එහෙත් අපි දුප්පතෙක් විදියටම මැරුනොත් ඒක අපේ වැරද්දක්.ජිවිතයේ වැටෙන වැටෙන හැම මොහොතකම අපි ආයේ නැගිටින්න ඕනේ. ජිවිතයේ වැටෙන හැම මොතේම තවත් ශක්තිමත් වෙන්න ඕනේ. මැරෙන මොහොතේදී හදවතට ජීවිතය ගැන දුකක් දැනෙන්න තියන්න එපා... තමන් හැම මොහොතේම ජීවිතය දිනන්න උත්සහ කල කියන හැගීම හදවතට දැනෙන්න ඉඩ දෙන්න.
   (උපුටා ගැනීමකි)   
  
       සුබ වාදීව හිතන්න ඔබටත්පුළුවන්...................................................