තවත් භාෂාවක් ඉගන ගනිමු....



සුබ්බ‍්‍රමණියම් රාමන් දෙනියාය ප‍්‍රදේශයේ තේ වත්තක සේවය කරමින් ජීවත්වන කම්කරුවෙකි. දැන් ඔහුගේ පුතාගේ වයස අවුරුදු පහකි. තමන්ගේ පුතාට නිසි අධ්‍යාපනයක් ලබාදිය යුතු බැවින් තම එකම පුතා  පාසලකට ඇතුළත් කලයුතුයැයි කමලනී රාමන්ට නිතරම කරදර කරයි පාසලකට දරුවා ඇතුළත් කරගන්න නම් අනිවාර්යෙන් ළමයාගේ  උප්පැන්න සහතිකය අවශ්‍ය වෙයි. ඒ නිසාම පුතාගේ උප්පැන්න සහතිකය ගන්න රාමන් ඒ ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියේය. එහිදී එම කටයුත්තට අදාල නිළධාරිනිය අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා රාමන්ට කොළයක් ලබාදී එය හැකි ඉක්මණින්  පුරවලා බාරදෙන්න යැයි කීවාය. එහෙත් රාමන්ට සිංහල ලියන්නට කියවන්නට නොහැකිවිය. අදාල නිළධාරිනියට දෙමළ කොහෙත්ම නොහැකිය. මෙම සිදුවිම  නිසා එදින දෙදෙනාටම ලොකු අසීරුතාවයකට මුහුණපාන්නට සිදුවිය.

        මෙම තත්වය යටතේ සිංහල නිළධාරින්ගෙන් සේවයක් ලබාගන්න යන දමිළ  ජනතාවත් දමිළ නිළධාරින්ගෙන් සේවයක් ලබාගන්න යන සිංහල ජනතාවත් යන දෙගොල්ලම අසරණ තත්වයකට පත්විය. නමුත්  වර්ථමානයේ  මේ ක‍්‍රමය වෙනස් කිරිම සඳහා රාජ්‍ය භාෂා දෙපාර්තමේනතුව පියවර ගෙන ඇත.  සියළුම රාජ්‍ය සේවකයින්හට දමිළ භාෂාව පිළිබඳව පුහුණුව ලබාදෙන්නට පියවර ගැනීමයි.
                
 

                  
                                  ශ‍්‍රී ලංකාව කියන්නේ විවිධ ජන වර්ග ජිවත්වන රටක් මේ හැම දෙනාටම සාමයෙන් ජීවත් විමට ඒ ඒ අය අතර අදහස් හුවමාරු කරගත යුතුයි. ඒ නිසා දකුණේ සිංහල අය දෙමළ දැනගත යුතුයි. උතුරේ දෙමළ අයත් සිංහල දැනගත යුතුයි. රාජ්‍ය සේවකයින්හට භාෂා ත‍්‍රිත්වයම පිළිබඳ දැනුමක් තියෙනවානම් වඩාත් ඵලදායි සේවයක් කරන්න ඔවුන්ට පුළුවන් වෙයි.
  
                     මම කියන්නේ රටේ භාවිතාවන සියළු ප‍්‍රදාන භාෂාවන් පිළිබඳ පුහුණු වැඩසටහන් විශ්ව විද්‍යලයේ අධ්‍යන පාඨමාලාවන්ට ඇතුළත්විය යුතුයි. දැන් නිදහස් රටක් නිසා අනාගතේ අපටත් උතුරට ගිහින් සේවය කරන්න වෙයි උතුරේ අයට දකුණට අවිත් තමන්ගේ රස්සාවල් කරන්න වේවි. ඒ නිසා ඊට අවශ්‍ය වටපිටාව දැන්ම ඉඳලා සුදානම් කරගැනීම වැගත් වන බව අපගේ අදහසයි
            
                                මෙවැනි වැඩසටහන් ඉතාම හොදයි මොකද  ඕනැම  භෂා දැනුමක් ලබාදීම සිංහල දෙමළ හැමදෙනාටම ප‍්‍රයෝජනයි. අනාගතයේ ඉතාම හොද කාලයක් අපේ රටට උදාවෙයි .මෙවැනි දමිළ භාෂා පුහුණු රජයේ නිළධාරීන් වෙනුවෙන් පැවැත්වීම දුෂ්කරව ජීවත්වෙන නූගත් දෙමළ ජනතාවට ලොකු  සේවයකි.

            සාමාන්‍යයෙන් රජයේ ආයතනයකට සිංහල.දෙමළ මුස්ළිම් කියලා බේදයක් නැතුව ජනතාව විවිධ කටයුතු සඳහා ජනතාව පැමිණෙනවා මෙච්චර කල් තිබුණු ගැටළුව තමය දෙමළ ජනතාවට ඔවුන්ගේ භාෂාවෙන් ගැටළුවක් විසඳාදීමට රාජ්‍ය නිළධාරියාට නොහැකියාවක් තිබිම මෙහිදි රාජ්‍ය සේවකයින් ලොකු අසීරුතාවයකට පත්විය.                       

 භාෂාව හා සන්නිවේදනය රටේ සංවර්ධන කි‍්‍රයාවලියේ දී ප‍්‍රධාන වශයෙන් වැදගත් වෙනවා. ඒ නිසා රටේ පවතින හැම භාෂාවක්ම ඉගන ගැනිම කාලීන අවශ්‍යතාවයක් බවට පත්වෙලා ඒ සඳහා  සිංහල අයට දෙමළ ඉගෙන ගැනීමටත් දෙමළ අයට සිංහල ඉඟන ගැනීමටත්. මෙවැනි වැඩසටහන් වලට එහා ගිය පුළුල් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම අන්තර් ජාතික භාෂාවක් වන ඉංගී‍්‍රසි පිළිබඳවත් වැඩි අවධානයක් යොමුකරන්න කාලය දැන් උදාවෙලා එය මේ රටේ සංවර්ධන කාර්ය වඩා වේගවත් කරනවා මෙන්නම හැම කෙනෙකුගේම අනාගතය යහපත් වීමට එය හේතුවක් වෙයි.



0 අදහස් දක්වන්න....:

Post a Comment