මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ .

මාතර නගරයට පැමිණෙන සැම බෞද්ධයෙකුගේම වන්දනාවට පාත්‍ර වන මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ දකුණු ලකටම ආශිර්වාදයකි.

සුන්දර පිටබැද්දර

පිටබැද්දර නම් ප්‍රදේශය මනස්කාන්ත පරිසරයක් හිමිය..

‘‘හදි හූනියම්, වශී ගුරුකම්, යන්ත‍ර මන්ත‍ර

‘‘හදි හූනියම්, වශී ගුරුකම්, යන්ත‍ර මන්ත‍ර තවත් පිරිසකගේ ඇදහිළි හා විස්වාසයන්.

සිංහරාජය... එදා “සිංහරජදහන” - අද ලෝක උරුමය .

ශී‍්‍ර ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජ වනපෙත වර්තමාන ලෝක උරුමයකි. එය ශී‍්‍ර ලංකාවේ ඇති එකම ස්වාභාවික ලෝක උරුමයද වෙයි. ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රකයන්හි පිහිටා ඇත. . .

ශාරුක් ඛාන් වේටර් කෙනෙක්ලු... ඇත්ත ද..?....

You can if you think you can ඔබට හැකි යැයි ඔබ සිත්න්නේ නම් ඔබට හැක

ජංගම දුරකතනයට පැමිණෙන වෛරස්...

     
  ඔබ දුරකතනයක් භාවිතා කරනවා නේද ? සමහර විට ඔබ වැඩි පහසුව සඳහා ජංගම දුරකතන එකකට වඩා පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්  ටිකක් සිතන්න දුරකතනය ඇත්තේ ඔබේ පහසුවට ද?  එහෙම නැත්නම් ඔබව අමතන කෙනාගේ පහසුවටද?  ඔබ ගේ ජංගම දුරකතනය හෝ නිවසේ දුරකථනය නාද වන විට ඔබ දිව යන ආකාරය ගැන මදක් සිතන්න,  අප දිවයන්නේ ගින්නක් මැඩලීමට ගිනි නිවන හමුදාව දුවයන වේගයෙන් නොවේද? අප දුරකතනය ඔසවන්නේ ඇමතුම ලබන අප ඇමතුම ලබා දෙන්නන්ගෙන් යැපෙන අය ලෙසිනි.  ඒ ගැන ඔබ සිතා, ඇද්ද?  

           පවුලේ සියළු දෙනා සිටින රාත්‍රි කෑම ගන්නා අවස්ථාවල ඔබට එන ඇමතුම් වලට සවන් දීමට යාමේ දී පවුලේ සුහද හමුවලින් ඔබ ඇත් වී ඇති නේද?  අප පාඩම් කරන අවස්ථා වන්හි,  නිවසේ අවශ්‍යම වැඩක නිරතව සිටින විට හදිසි දුරකතන ඇමතුම් නිසා අපගේ පූර්ණ අවදානය ඉන් බැහැරව යනවා නේද ?  ඔබ නිදන අවස්ථා වේදි ඔ‍බගේ ජංගම දුරකතනය සක්‍රීයව  තියන කෙනෙක්ද,  බලන්න ඔබ තද නින්දේ සිටින අවස්ථාවලදී  දුරකතනය නාද වු අවස්ථා වලදි ඔබ තිගැස්සී අවදි උනද?  එහිදි ඔබගේ සුව නින්දට බාධා වුවා පමණක් නොව ඔබගේ ශරීරයට සහ ඔබගේ මනසටද එය අයහපත්  බව ඔබ දන්නවාද ? ඔබ තිගැස්සී              

         අවධිවන අවස්ථා වලදී  සිටින්නේ තද නින්දක නම් ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වන්නේ ඔබගේ යටි සිතයි,  තිගැස්සී  අවදිවීම තුල හෘද ස්පන්දනය වැඩිවෙයි,  එහිදි  ඔබ නිරත වු සුව නින්ද ක්ෂණිකව ඔබගෙන් ඉවත් වී  පියවී සිහියට පැමිණෙයි.  ඇතුවත් බැරී නැතුවත් බැරී  මේ අපූරු මෙවලම ඔබට ගෙණෙන වාසී වගේම ඔබට හානි දායක අවස්ථාවන්ද ඇති බව නිකමටවත් ඔබට සිති තියනවාද?   

කිරි අම්මාවරුනට දන්දීම.... කිරි අම්මාවරු දනට වඩිනවා....

   

                     කිරි අම්මාවරු ඇදහීම පිදීම අප රටෙහි අනාදිමත් කාලයක සිට පැවත එන චාරිත‍්‍ර විධියකි. මෙය බොහෝ විට යම් යම් ලෙඩ දුරු කර ගැනීමට දෙවියන්ට බාර විමෙන් පසු එම පොරොන්දු ඉටු කිරිමට පවත්වන්නකි. තවත් සමහර නිවෙස් වල වසරක් පසාම පවත්වයි.

කිරි අම්මා පිදීමේදී පත්තිනි දේවිය මුල් කොට සලකන්නේ පතිවෘතා බලය නිසාත් පත්තිනි දේවිය සියළු ලෙඩ රෝග දුක් නසන විශ්වාසය මතය.

          මිනිසුන්හට සෙත සලසන ශාන්ති කාරක පත්තිනි දේවිය, මුළු සිරිලක පුරා පුද පෙත් ලබන්නීය. පත්තිනි දේවිය වෙනුවෙන් පුදනු ලබන කිරි අම්මා දානය බොහෝ හාස්‌කම් බල ඇති වැඩිහිටියන්ට මෙන්ම කුඩා අතදරුවන්ගේ සියලුම රෝගා බාධාවන් හා ආරක්‌ෂාවටත් අතුරු ආන්තරාවන්ගෙන් මිදීමට දරුපල නැති අයට දරුවන් ලැබීමට පිහිට වෙයි. සමහර නිවෙස්වල සෑම වසරක්‌ පාසාම කිරිඅම්මා දානයක්‌ පිදීම චාරිත්‍රයක්‌ වශයෙන්ම කරන්නේ එම නිවසට රෝ බිය පහව නිවසට කිරි ඉතිරෙන්නාක්‌ මෙන් සෞභාග්‍ය උදාකර ගැනීම සඳහාය. 


පත්තිනි දෙවියෝ.. සිද්ධ පත්තිනි, සළඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිනි, සත් පත්තිනි, යන නම් හත වෙනුවෙන් කිරි අම්මා වරු හත් දෙනෙකු දානයට ඇරයුම් ලබයි.

මෙලෙස කිරි අම්මා දානයට ඇරයුම් ලබන්නේ දරුවන් ඇති, ස්වාමි භක්තිය ඇති ආගමානු කූලව ජීවත්වන කුලවත් ස්ත‍්‍රීන්ය.

             කිරි අම්මා දානයක්‌ දෙන විට පළමුව අඩුක්‌කු දීමේ ඇපයක්‌ මත දානය දීමට දිනයක්‌ වෙන්කර ගනී. පසුව එම දිනයේ සුදුවතින් සැරසුණු කිරි අම්මලාට දෙන දානය උදෑසන කපුටන් හඬන්නට පෙර දිය යුතු බවත්, අවසන් කළ යුතු බවද නීතියකි. අති ප්‍රබල පත්තිනි ඇදහිල්ලෙහි මූලික අභිප්‍රාය වන්නේ කුඩා දරුවන්ගේ ආරක්‌ෂාව සඳහා බව වේ.

දානය දීමේදී පළමුව අඩුක්‌කු වෙන්කර පොල්ගහක කොළ බැඳ කිරි අම්මාලට දානයක්‌ දෙන බවට පොරොන්දු වී පඬුරක්‌ බැඳ දිනයක්‌ වෙන්කර බාරවෙයි. පසුව බුලත් දී කිරි අම්මලා හත් දෙනකු වැඩමවීමට ආරාධනා කරයි. දානය පිරිනමන දිනයේ පළමුව කොළ බැඳි පොල් ගහේ ගෙඩි කඩාගෙන නොයිඳුල් තෙල් සිඳ කැවුම් කිරිබත් උයා ඇඹුල් කෙසෙල් ගෙඩි, කිරිකෑලි නමැති විශේෂ පූපයද එක්‌ වර්ගයකින් හත බැගින් කෙහෙල් කොළවල තබා කිරි අම්මලා නිවසට වැඩිය පසු පැදුරු මත සුදු පිරුවට එළා වැඩ හිඳුවා දානය පිරිනමයි. මෙම අවස්‌ථාවේ කිරි අම්මාවරු කවි ගායනයෙන් සෙත් ශාන්තිය පතා කිසිවකු සමග කතා නොකර නිවසින් පිටව යයි.

පත්තිනි දේවිය මුල් කොටගෙන කරන පහන් මඩු පත්තිනි ඇදහිල්ලේ ප්‍රබලම අවස්‌ථාවයි. එය එකල "සේරමන්" නමැති රජුගේ හිසේ හටගත් රෝගයක්‌ සුව කිරීම සඳහා එම රජුගේ අගමෙහෙසිය වන පත්තිනි දේවිය මුල් කොටගෙන පැවැත්වූ ශාන්ති කර්මය පහන් මඩුව නමින් හැඳින්වේ.
එම කථාව මෙසේය. සේරමන් රජු දිනක්‌ රාත්‍රියේ නිදා සිටින විට ගෝනකුගේ දෙදරුම් කන හඬ ඇසීමෙන් රජුගේ නින්දට බාධාවක්‌ වී නින්ද නොයන නිසා, ගෝනා මරා ගෝනාගේ හිස මොළ කමියි හිතා, යහනාවෙන් නැගිට ගොස්‌ ගෝනා මරා කෑවේය. මැරුණු ගෝනා රජුට අයිති මානෙල් විලක දැකුම්කළු මානෙල් මලක්‌ යට ගෙම්බෙක්‌ වී ඉපදුණේය. දිනක්‌ රජු විලට ගොස්‌ මානෙල් මලක්‌ කඩාගෙන එය සිම්බේය. එවිට එහි සැඟවී හිටිය ගෙම්බා රජුගේ නාසය තුළට ඇතුළු වී මොළයට රිංගා ගත්තේය. එදින සිට රජුට තදබල වේදනා දෙනහිසේ අමාරුවක්‌ ඇතිවිය. එය සුව කිරීමට දන්නා වෙද හෙදකම් කොතෙක්‌ කෙරුවද ඉන් කිසිපලක්‌ නොවීය. එනිසා එය සුව කිරීම සඳහා රජු සිරි ලංකාවට කැඳවාගෙන ඇවිත් මෙම පහන් මඩු ශාන්ති කර්මය කිරීමෙන් පසු රජුට සුවයක්‌ වූ බවට කථාවක්‌ ඇත. 
                           කිරි අම්මා දානය පුදනවිට පළමුව කරන්නේ පොල්ගසක්‌ පට්‌ටා බැඳීමයි. මෙය පොල් ගසක කොළ බැඳීමයි කියති. එසේ කරන්නේ කිරි අම්මලාට දානයක්‌ දෙන බවට පොරොන්දුවකි. ඉන්පසු බුලත් අතට දී දරුවන් බිහිකළ අම්මාවරුන් හත් දෙනකුට ආරාධනය කරති. දානය පුදන දිනයේ කොළ බැඳි පොල්ගසේ ගෙඩි කඩා නොයිඳුල් තෙල්හිඳ කැවුම්, කිරිබත්, කෙසෙල් ගෙඩි සහ කිරිකෑලි නමින් හැඳින්වෙන විශේෂ ආහාරයද සහිතව එක්‌ වර්ගයෙන් හත බැගින් කෙහෙල් කොලවල තබා කිරි අම්මා වරුන්ට පුද පිරිනමයි.


කිරි අම්මාවරු හත්දෙනෙක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය -

කැකුළු හාල් කිලෝ 7 ක, කිරිබත්

කිලෝ 2 හාල් කිරි, (හාල් කිරියා සඳහා)

කැකුළු හාල් කිලෝ 2 ක, (කැවුම් සඳහා)

කෙසෙල් ගෙඩි 50

කිතුල් හකුරු කෑලි 7

පඬූරු 7

බුලත් විට 7

කෙසෙල් කොළ 7

ලොකු බෑග් 7

සූදානම් වීම -

පළමූවෙන්ම ගේ සෝදා පිරිසිදු කරගන්න. ඉන්පසූ ඉඩ ඇති ලෙසට පැදුරු දෙකක් එලා ඒ මත සූදු සාරියක් එලන්න. ගෙයි දොරකඩ දෙහි බෑයක් සමඟ කහ මිශ්‍ර වතුර කෝප්පයක් තබන්න. ඒ කිරි අම්මාවරු ගේ තුළට වඩින විට මූහූණ සෝදා ගැනීම සඳහායි. අම්මාවරු ඉඳගත් පසූ පළමූව පත්තර කොළයක් ඉදිරියෙන් එලාගෙන යන්න. ඉන්පසූ කෙසෙල් කොළය බැගින් බෙදාගෙන යන්න. ඒ මතට කිරි ස්වල්පයක් ඉසින්න. ඉන්පසූව දානය බෙදීම ආරම්භ කරන්න.

දානය බෙදීම -

      දානය බෙදීමේදී මුලින්ම බෙදන්නේ කිරිබත්ය. කිරිබත් කැබලි දෙක බැගින් මූලින් බෙදාගෙන යන්න. ඉන්පසූ ඉජතිරි කිරිබත් බෙදන්න. මෙහිදී අපි කිරිබත් කෝප්පයක් දෙවනූව පිළිගන්වා ඇත. මේ කෝප්පයට හාල් හූණ්ඩූ තුනක පමණ කිරිබත් තිබිය යූතුයි. ඉන් ලස්සනක්ද එක්වේ. නැත්නම් කැබලි කපාම පිළිගැන්වීමටද පුළුවනි.

කිරිබත් බෙදාගත් පසූව කැවූම් හත බැගින් බෙදාගෙන යන්න. දෑන් පිළිවෙළින් හාල් කිරි කැබලි 7, කෙසෙල් ගෙඩි 7, හකුරු කැබලි 1, බූලත් විටි 1 හා පඬූරු බෙදා ගෙන යන්න.

පන්සිල් දී අනෙකුත් ආගමික කටයූතු අවසානයේ ආහාර ගෙන අවසන් වන විට කෝපි කෝප්පයක් පිරිනමන්න.

කිරි දානය අවසානයේ කැවිලි වර්ග ගෙන යෑම සඳහා බෑග්වලට දාමා ගැනීමට කිරි අම්මලාට උදව් නොකළ යූතුයි. එය කිරි අම්මාවරුන්ගේ දානයේ සිරිතකි.

නිවැසියන් සඳහා කිරි අම්මාවරුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට උස පොල් තෙල් පහනක් පත්තුකර තැබිය යූතු අතරම එහි පහන් තිර හතක්ද තිර නිවා දෑමීමට කිරි පීරිසියක්ද තැබිය යූතුය.

ඉන්පසු කිරි අම්මලා දානය පිලිගෙන එක්‌ අතකින් දැල්වූ පහනක්‌ රැගෙන ඉතා රසවත්ව මිහිරව ගීතිකා, හා කාව්‍යයන් කියමින් යාදින්නාවන් කර සෙත් වඩති. එයින් නිවැසියන්ටත් ගැබිනි මාතාවටත් කිව නොහැකි සෙතක්‌ සැලසී සියලූම දුක්‌, රෝග පීඩාවන්ගෙන් මිදී ශාන්තිය සැලසේ. එය සත්‍යයි. වසංගත රෝග බෝනොවේ.මෙහි තවත් සිරිතක් වන්නේ දානය රැගත් කිරි අම්මලා පසු නොබලාම නොනැවතී නෙපෙනෙනෙ දුරක් යාමයි.
 යලි ආපසු හැරී නිවස දෙස බැළු විට එය අගුණ යැයි ගේහිමියෝ විශ්වාස කරති.
 
පත්තිනි ඇදහිල්ලේ දී කිරි අම්මාවරු ගෙදරින් පිටව යන විට මෙසේ සෙත් පතා යයි.

කිරි අම්මාවරු වඩිනා වේලේ
මල් වරුසාවක්‌ වැස්‌සයි දෑලේ
ඒ මල් අවුලා අමුණන මාලේ
කිරි අම්මාකල ලෙඩ නැත ආලේ

කිරි අම්මලා දානයට නුසුදුසු අය -

1.  ඉතා මහළුව හැරමිටියෙන් යන අය.
2.  සුව කල නොහැකි රෝගවලින් පෙළෙන අය.
3.  දෙනෙත් අනධ, බිහිරි අය.
4.  අංගවිකල වුවන්.
5.  අංශබාග අපස් මාර රෝගීන්.
6.  සියළු දරුවන් මියගිය අය.
7.  වැන්දඹු කාන්තාවන්.
8.   වඳ ස්ත‍්‍රීන්.
9.   මත් ද්‍රව්‍ය භාවිතා කරන ස්ත‍්‍රීන්.
10. මස් මාංශ විකුණන අය.
11. නපුරු නිතර දබර කරන, කේලාම් කියන ස්ත‍්‍රීන්.
12. ගණිකාවන්.

කිරි අම්මා දානය පුජා කරන නිවස ඉතාම හොදින් පිරිසිදුව තිබිය යුතුවේ. ඒ සඳහා කිළි කුණු නොමැති සුබ දිනයක් තෝරා ගත යුතුය.


               ඔබ සැමට පත්තිනි දෙවියන්ගේ පිහිටයි.......













සුදු (එළ) පැහැති මල් තිබූ දෙණිය - එළමල්දෙණිය


          එළමල්දෙණිය රජ මහ විහාරයට අනුරාධපුර යුගයේ මුල් කාලයට දිවගිය ඉතිහාසයක්‌ ඇත.   අනුරාධපුරයේ සිට විවිධ ප්‍රදේශවල පිහිටා තිබූ ගිරිහෙල් තුළ විහාරාරාම ඉදි කරමින් රුහුණු මාගමට පැමිණි සද්ධාතිස්‌ස (ක්‍රි. පූ. 137- 149)  රජතුමා විසින් බු. ව. 415  දී පමණ එළමල්දෙණිය විහාරය ද ඉදි කොට ඇත. ඒ පිළිබඳ වූ සටහනක්‌ එළමල්දෙණිය විහාරයට ඇතුළු වන ගල් උළුවස්‌සෙහි ශ්ලෝකයකින් ප්‍රකාශ කොට තිබේ.

"සද්ධාතිස්‌සෝ මහා රාජා

තේජෝ ශ්‍රද්ධාවි කොඹුරේ
රාජ මහා විහාරයං
තරෝ සිඬ තතොපරං"


        අකුරැස්‌ස - පස්‌ගොඩ මාර්ගයේ පිටබැද්දර සිට සියඹලාගොඩ දෙසට යන විට හරස්‌ මඟකින් පිවිසිය හැකි මේ පූජනීය ස්‌ථානය මුලටියන රක්‌ෂිතයේ අක්‌කර 25 ක්‌ පුරා පැතිර පවතියි. සුදු (එළ) පැහැති මල් තිබූ දෙණිය  එළමල්දෙණිය නම් වු බව ගැමියන්ගේ මතය වී ඇත.

       එළමල්දෙණිය පුදබිම පිහිටා ඇත්තේ රක්‍ෂිත වනයක්‌ තුළය. එළමල්දෙණියේ එම රක්‍ෂිත වනය තුළම පඩිපෙළකින් ගමන් කිරීමේ දී ලෙන් විහාර සහිත ගල් ලෙන් නෙත ගැටෙයි. සීත ගඟුලක්‌ බඳු "විහාර දොළෙන්" දෙපා සෝදා ගෙන එම පුදබිමට ඇතුළු වීම සැදැහැතියන්ගේ සිරිතකි.

මෙහි විශාලතම ගල් ලෙන අඩි විස්‌සක්‌ පළලය, අඩි පනහක්‌ දිගින් යුතුය. එහි තුළ දහඅට රියන් සැතපෙන බුදු පිළිම වහන්සේ නමක්‌ වැඩ සිටිති. පිහිටි ගලින් මෙවැනි ස්‌ථානවල බුදු පිළිම නෙළීම සිරිතක්‌ වුවද මෙම බුදු පිළිමය මැටි, බදාම ආදී ද්‍රව්‍ය යොදා ගනිමින් නිර්මාණය කොට ඇත.
            මාතර දිස්‌ත්‍රික්‌කයේ ලෙන් විහාරස්‌ථාන ගැන සඳහන් කරන විට මොරවක්‌ කෝරළයට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. ලක්‌දිව පරසතුරු උවදුරු පැවැති සමයේ රුහුණට වැදී සේනා සංවිධානයේ යෙදුණු වළගම්බා රජතුමන් විසින් මොරවක්‌ කෝරළේ ගැටබරුව, රුවන්කන්ද ආදී ස්‌ථානවල ලෙන් විහාර කරවන ලද බව ඉතිහාසය පෙන්වා දෙයි.   
                     
                          රුහුණු ප්‍රදේශයේ ලෙන් පිළිබඳව සොයා බලා විහාරස්‌ථාන ඉදිකිරීමේ කටයුතුවල නිරත වූ සද්ධාතිස්‌ස රජතුමාද මොරවක්‌ කෝරළේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ සුන්දර වනපෙතක එළමල්දෙණිය ලෙන් විහාරස්‌ථානය ඉදිකර ඇත. 
අලංකාර පරිසරයකින් යුත් තුරු ලතාවන්ගෙන් සැදි මේ සුන්දර වනපෙතේ විශාල ශෛලමය පර්වතයක්‌ ආශ්‍රිතව නිර්මාණය කර ඇති මෙම විහාරස්‌ථානය සියලුම විහාරාංගයන් ගෙන් සමන්විතය.

                                                            මෙම පර්වත ලෙනට බටහිර දෙසින් දීගොඩ මාතාවගේ ලෙන නමින් හඳුන්වනු ලබන ලෙනක එවකට කැටගොඩ සිල් මාතාව නමින් හැඳින්වූ සිල් මාතාවක්‌ මෙහි විසූ බවත්, එම සිල් මාතාවද මෙම විහාරස්‌ථානය ගොඩනැඟීමේදී සහයෝගය ලබාදී ඇති බවත් පැවසේ.

මෙම වනපෙතේ ලෙන් විහාරයට පහළ ප්‍රදේශයේ ගලායන සිසිල් දිය දහරාවක්‌ ඇති අතර සංඝාවාසය විහාරයට කිලෝමීටරයක්‌ පමණ මෙහායින් මාර්ගය ආසන්නයේ පිහිටා ඇත. 

මෙහි විහාර මන්දිරය තුළ දහඅට රියන් බුද්ධ ප්‍රතිමා නමයක්‌ද, තවත් ප්‍රතිමා කීපයක්‌ද නිර්මාණය කර ඇති අතර පහළ ඈතින් අලංකාර ලෙස පරිසරය දිස්‌වන අයුරින් කඳු මුදුනේ චෛත්‍යය ඉදිකර ඇත. සාධාරණත්වයේ දෙවියන් ලෙස සැලකෙන බටහිර රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන්ගේ අඩවිය වශයෙන් සැලකෙන වනය තුළ පිහිටි මෙම පූජනීය ස්‌ථානය පූජා භූමියක්‌ වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. 
       
                    මෙම විහාරස්‌ථාන භූමියට ඇතුළු වන විට ගතට මෙන්ම සිතටත් සිසිලසක්‌ දැනෙන අතර රඡ්ජුරු බණ්‌ඩාර දෙවිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පොහෝ දින පමණක්‌ නොව දිනපතාම සැදැහැවතුන් මෙම ස්‌ථානයට විශාල වශයෙන් පැමිණෙයි. 
ඓතිහාසික ලෙන් විහාරයක්‌ ලෙස ද, දේශීය දෙවියකුට කැප කළ පුදබිමක්‌ ලෙස ද එකසේ වැදගත්කමකින් යුතු පුදබිමක්‌ ලෙස එළමල්දෙණිය රජ මහා විහාරය හඳුනාගැනීමට පුළුවනි.
එමෙන්ම එහි විෂ්ණු - කතරගම දේව පිළිමද දෙපසින් ඉදිකොට ඇත. රඡ්ජුරු බණ්‌ඩාර ආදී දෙවිවරුන් සඳහා ද මෙහි කුඩා ලෙන් ඉදිකොට තිබේ.

ප්‍රධාන ලෙනෙහි සුවිශේෂි බුද්ධ පාත්‍රයක්‌ වෙයි. එහි එකවරකට හාල් මිටි හතරක්‌ වුව දැමීමට වුවද පුළුවනි. බැතිමතුන් විසින් බුද්ධ පූජාව සිදු කරන්නේ එම අති විශාල පාත්‍රයට දානය බෙදමින්ය.

එළිමල්දෙණිය විහාර ගල පාමුල ඉතා කුඩා පොකුණක්‌ ඇත. එහි ජලය කිසි දිනක නොසිඳෙයි. ජල බිඳ බිඳ ගල ඇතුළෙන් ඊට ගලා එයි. ධාරාණිපාත වර්ෂාවකට වුවද එහි ජල පහර වැඩි නොවීමද සුවිශේෂි දෙයකි.


එළමල්දෙණිය කඳුමුදුනෙහි දාගැබ පිහිටා ඇත. ඒ ආසන්නව ඉපැරණි සිරි පතුළක්‌ ද නෙළා ඇත.
බෞද්ධ විහාරයක්‌ වුවද එළමල්දෙණිය බස්‌නාහිර දෙවියන් හෙවත් රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන්ට ද කැප වූ පුද බිමක්‌ ද වෙයි. එම දෙවියන්ට කැප වූ ප්‍රදේශයේ පිහිටි දේවාල 16 අතරින් එළමල්දෙණිය ද විශේෂයෙන් වැදගත් වෙයි.
එළමල්දෙණිය පුදබිම පිහිටි අක්‌කර 17 1/2 ක පමණ වූ භූමියක්‌ පොළොන්නරු යුගයේ දී මහ පැරකුම්බාවන් විසින් වෙන් කොට දී ඊට අනුග්‍රහ සිදු කොට ඇත.
එළමල්දෙණිය ලෙඩ රෝග, අණවින ආදියට බැතිමතුන්ට පිහිට ලැබෙන බවට විශ්වාසයක්‌ තිබේ. එම නිසා ම මෙම පුදබිම වෙත පැමිණ නිරන්තරයෙන් භාරහාර සිදු කරනු දැක ගත හැකිය.
ඉතාම ජනප්‍රිය මෙන්ම ඓතිහාසික වශයෙන්ද එළමල්දෙණිය රජ මහා විහාරය මාහැඟි පිං බිමක්‌ වී ඇත.

Elamaldeniya Raja Maha Viharaya
                     
                    Elamaldeniya Raja Maha Viharaya lies about 18km away from the Morawaka town and 8 km away from the Pitabeddara Town. The Temple built during the 2nd century BC is on a rocky hill isolated from human habitation is attributed to King Saddhatissa ( 137-119 BC ) of the Anuradhapura Era.
Once you park at the vihara premises you can see the chethiya (stupa) far away on another mountain top. From here it is a climbing down to the foot of the mountain and then climbing the next hill. The steps are made out  of granite and has been well laid.
To reach the bottom for the hill you need to climb down over 200 steps. At the bottom is a refreshing water stream. Walking across the stream, the climb begins. The ancient image house is about another 200 steps above this hill. The image house is a cave temple built on a natural rocky platform. A large reclining Buddha statue in this cave shows the Buddha in the state of parinibbana. All the statues in the cave has been covered by a large transparent glass.
One one side of the main image hall is a Devale for the Deitie"Rajjuru Bandara". He is the most worshipped Deitie in this area. Most of the people who come to this temple from this area seems to be making the journey to visit the Devale rather than the image house.
On one side of the platform is a water drip coming from the rock itself. This is collected in a small tank. The image house in the cave has been recently renovated. But for the entrance the ancient granite door frames has been used.
Above the cave temple roof is a drip ledge to stop water coming in to the temple. But above this man main drip ledge is a larger natural ledge created by two huge boulders sitting on one another.
From the Devale there is another flight of steps going up to the stupa

අනගාරික ධර්මපාලතුමා... - සැප්තැම්බර් මාසේ 17

                                   අද  සැප්තැම්බර් මාසේ 17 වෙනිදා ලංකාදීප පත්තරේ බලන වෙලාවේ හමුවුනේ මගේ ආගමට අමිල මෙහෙවරක් කරපු උතුමෙක්, අද 149 වැනි උපන් දීනේ ඒ නිසා  මේ විදියට පටන් ගත්තේ....
1864 සැප්තැම්බර්  17 දින උදේ 07.01ට ඩේවිඩ් හේවාවිතාරණනම්   කුලකුමරුවා මෙළොව එළිය ලැබීය. පියාඑච්. දොන් කරෝලිස් හේවාවිතාරණ​ ය. ඔහු මාතරහිත්තැටිය ගමේ සිට කොළඹට සංක්‍රමණය වූ මුදලි කෙනෙකි. මව​,අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන ගේ දියණිය වූමල්ලිකා හේවාවිතාරණ (විවාහයට පෙර මල්ලිකා ධර්මගුණවර්ධන​) ය​. ඔහු ගේ සහෝදරයෝ වූඑඩ්මන් හේවාවිතාරණසයිමන් හේවාවිතාරණ හා සී. ඒ. හේවාවිතාරණ ද ශ්‍රී ලංකාවේ කැපී පෙණුනු චරිතයෝ වූහ​.
1872 - 1874 දක්වා බැප්ටිස්ට් සිංහල පාසලේත්, 1874 -1876 දක්වා ශාන්ත බෙනඩික් විද්‍යාලයේත්, 1876 - 1878 දක්වා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේත්, 1878 - 1883 දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබී ය​.  මෙම පාසල් වලින් ලද අධ්‍යාපනය ක්‍රිස්තියානි මිෂනාරි එකක් විය.
පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසුව, අධ්‍යාපන කාර්යාංශයේ ලිපිකරුවෙක් ලෙස රජයේ සේවයට බැඳුණේ ය.
                      වයස අවුරුදු 16 දී, ඩේවිඩ් හේවාවිතාරණට සර් හෙන්රි ස්ටීල් ඕල්කට් හා බ්ලැවට්ස්කි මැතිණිය හඳුනා ගැනීමට ඉඩ සැලසුණි. වයස අවුරුදු 19 දී විශේෂ සාමාජිකත්වයකින් පරම විඥානාර්ථ සමාගමට බඳවා ගන්නා ලදි. 1886 දී කර්නල් හෙන්රි  ස්ටීල් ඕල්කට් හා සී. ඩබ්. ලීඩ්බීටර් බෞද්ධ අධ්‍යාපන අරමුදලට ආධාර එකතු කරනු පිණිස ලංකාවට පැමිණියහ​. ඔවුනගේ භාෂා පරිවර්ථකයා ලෙස කටයුතු කිරීමට ඩේවිඩ් හේවාවිතාරණ රජයේ රැකියාවෙන් ඉවත් විය​. ඕල්කට්තුමා සමග රට පුරා කළ සංචාරය ඔහු ගේ ඇස් අරවන්නක් විය​. සිංහල ජාතියට හා බුදු දහමට​ සිදුව ඇති පරිහාණිය එහි දී ඔහු සියැසින් දුටුවේ ය​...
සිදුව ඇති පරිහාණියට ප්‍රතිකර්ම යෙදීම උදෙසා, තමන් ස්වකීය දිවිය ම බුදු දහමේ උන්නතිය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කර ගත් බවත්, තමාට ගිහි ගෙයින් ඵලක් නැති බවත්, අනගාරිකව විසීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් 1886 ජනවාරි 12 වන දින තම පියාට ලිපියක් යවන ලදි. හික්කඩුවේ සිරි සුමංගල හිමි ගේ කරුණු පහදා දීමකින් අනතුරුව, පියා, ඩේවිඩ් හේවාවිතාරණට අනගාරික වීමට අවසර ලබා දුන්නේ ය​. දොන් ඩේවිඩ් යන විදේශික නාමය අත හැර දමා, ධර්මපාල හේවාවිතාරණ යන සිංහල නම භාවිතා කරන්නට පටන් ගත්තේ ය​. ඔහු ගත කළ බ්‍රහ්මචාරී දිවිය නිසා අනගාරික යන පෙර ඈඳිය ඔහු ගේ නමට එක් විය​..............
වසර 1886 සිට 1890 දක්වා කාලය තුළ බෞද්ධ පරම විඥානාර්ථ සංගමයේ බෞද්ධ අංශ​යේ මහ ලේකම්, බෞද්ධ මුද්‍රණාලයේ හා සඳරැස පත්‍රයේ කළමණාකරු, බෞද්ධ පාසල් කළමණාකරු, බෞද්ධ ආරක්‍ෂක කමිටුවේ සහයක ලේකම් යනාදි තනතුරු ධර්මපාලතුමා විසින් දරණ ලදි.
ක්‍රිස්තියානි මිෂනාරි බලපෑමෙන් ජපන් බුදු දහම ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් සෙන්‍ෂිරෝ නෞගචි ඕල්කට්තුමාට ජපානයට කළ ආරාධනාවක් අනුව ඔහු 1889 ජනවාරි 10 වන දින ධර්මපාලතුමා සමග ජපානය බලා පිටත්ව ගියේ ය​. ලංකාවෙන් ජපානයට ගිය ප්‍රථම ධර්ම දූතයා වශයෙන් සැලකෙන්නේ ධර්මපාලතුමා ය​. එහි දී පැවැත් වූ ජපන් බෞද්ධ මහා සම්මේලනයේ දී බෞද්ධ කොඩිය ප්‍රථම වරට පෙරදිග රටක ප්‍රදර්ශනය කරන ලදි.

                           1890 වසරේ දෙසැම් බර් 05 වන දින ධර්මපාලතුමා, ජපන් ජාතික ගුණරතන කොජේන් භික්‍ෂුව සමග බෝධිගයාව වන්දනාය කිරීමට ඉන්දියාව බලා කොළඹින් පිටත් විය​. බුද්ධගයා මහා විහාරයේ තැන්පත් කොට තිබූ බුද්ධ ප්‍රතිමාවට හින්දු වත් පිළිවෙත් අනුව පුද පූජාවන් පැවතෙමින් තිබිණි. බුද්ධගයා මහා විහාරයේ භාරකාරයාව සිටි හේමනාරායන ගිරි නම් මහන්තා සිතා සිටියේ බුදුන්වහන්සේ  ශිව භක්තිකයෙකු බවයි. ධර්මපාලතුමා මෙය සැලකුවේ බුදුන්ට කරන අගෞරවයක් වශයෙනි. ගුණරතන කොජේන් භික්‍ෂුව බෝධිගයාවේ තාවකාලිකව නවතා, කෙටි බුරුම සංචාරයකින් අනතුරුව ධර්මපාලතුමා නැවත ලංකාවට පැමිණියේ ය​. 1891 මැයි 31 වන දින, බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ පරමාර්ථය පෙර දැරි කොට ගෙන​, බුද්ධගයා මහා බෝධි සංගමය ආරම්භ කරන ලදි. මේ හේතුවෙන්, සියලු ආගම් හා ජාතීන් සමානත්වයෙහිලා සැලකූ ඕල්කට්තුමා, හා ධර්මපාලතුමා අතර විරසකයක් ඇතිවිණි.
බෝධිගයා මහා නඩුව යන නමින් ප්‍රකට වූ දීර්ඝ නඩු විභාගය 1906 දී අවසන් වූයේ ධර්මපාලතුමා පරාජයට පත් කරමිනි. ඉන් අධෛර් ය නොවූ ඔහු බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ සටන අඛණ්ඩව ම ඉදිරියට ගෙන ගියේ ය​. ඔහු ගේ අභාවයෙන් පසුව​, බෞද්ධ හින්දු දෙ පාර්ශ්වයෙන් ම හතර දෙනා බැගින් නියෝජනය වන කමිටුවකින් බුද්ධගයාව පාලනය විය යුතු බවට නියම වෙමින් 1949 දී බුද්ධගයා පනතසම්මත විය​.
1921 දී ධර්මරාජික විහාරයත්, 1931 දී මූලගන්ධකුටි විහාරයත් ඉන්දියාවේ ඉදි කරවන ලදි. ධර්මපාල මැතිතුමාගේ උත්සාහය නිසා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ භූමි භාගය (කුසිනාරා නුවර)  නැවතත් බෞද්ධයන්ගේ ආකර්ෂනයට ලක්විය. ඉංගිරිසි මහා බෝධි සඟරාව කියවීමෙන් පසුව​චිකාගෝ දෘෂ්ටි සම්මේලනයේසම්පාදක බරෝස්, ධර්මපාලතුමාට 1893 දී චිකාගෝ  නුවර පැවති දෘෂ්ටි සම්මේලනයට ආරාධනා කළේ ය​.
බුදු දහම ප්‍රචාරය කිරීමට​, සිංහල හා හින්දු භික්‍ෂූන් කිහිප නමක් එංගලන්තයට යවන ලදි. ලන්ඩන් මහාබෝධි සංගමය​බ්‍රිතාන්‍ය බෞද්ධයා නම් ඉංග්‍රීසි සඟරාව ඇරඹී ය​.
ශ්‍රී ලංකාව නිදහස් රටක් කිරීමට කර්මාන්ත උන්නතියක් ඇති කළ යුතු බව ධර්මපාලතුමා විශ්වාස කළේ ය​. වාර්ෂිකව, කර්මාන්ත ඉගෙන ගැනීමට ජපානයට ශිෂ්‍යත්ව ලබා දෙන ලදි. පේෂ කර්මාන්තය හැදෑරු යූ. බී. දොලපිහිල්ල​පිඟන් කර්මාන්තය හා චිත්‍ර ශිල්පය හැදෑරු ඩී. සී. හාන්ති අප්පුහාමිසුවඳ විලවුන් කර්මාන්තය හැදෑරු ජෝන් එෆ්.කුරේකඩදාසි කර්මාන්තය හැදෑරු එන්. ජේ. සෝමරත්නගිනිකූරු කර්මාන්තය හැදෑරු බාලසූරිය​ගොවිකම හැදෑරු මුනසිංහ​, එසේ කර්මාන්ත උගෙන පැමිණි කැපී පෙනෙන ශිෂ්‍යෙයෝ වෙති.
බ්‍රිතාන්‍ය පාලකයෝ 1914 දීකල්කටාවේ දී, ධර්මපාලතුමාව නිවාස අඩස්සියට පත් කළහ​. ඔහු ඉන් නිදහස ලැබුවේ 1921 දී ය​.
හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත හිමියන්, ධර්මපාලතුමාට තරුණ කල දුන් අවවාදයක් අනුව​, 1931 ජූලි 13 වන දින​බෝරුග්ගමුවේ රේවත මහ තෙරුන් වහන්සේ ආචාර්යත්වයෙහි තබා ගෙන​, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නමින්, පැවිදි දිවියට ඇතුළු විය​. සිරි දේවමිත්ත යන්න තම පැවිදි නමට ඇතුළු කර ගනු ලැබුවේ, හෙයියන්තුඩුවේ හිමියන්ට කෘත ගුණ සැලකීමට ය. කෝදාගොඩ උපසේන නා හිමිට ගෞරවය පළ කිරීමට​, උන්වහන්සේ ගේ පරණ සිවුරක් තම පරිහරණයට ගෙන්වා ගන්නා ලදි.
1933 අප්‍රේල් 29 දීන ධම්ම පාල හිමියෝ අපවත් වූහ​.  ශ්‍රී දේහය ලංකාවට ගෙන ඒමට කටයුතු යොදා තිබුණ ද මළ සිරුර නරක් වීම නිසා ආදාහන කටයුතු ඉන් දියාවේ දී ම සිදු කෙරුණි. භෂ්මාවශේෂවලින් කොටසක් බරණැස ඉසිපතනාරාමයේ තැන්පත් කරන ලදි. ඉතිරි කොටස ලංකාවට වැඩම කරවන ලදි. මේසේ සාසනික ජාතික මෙහෙවරක් ඉටුකල යුග පුරුෂයෙක් අහිමි විය.