පුවත් පත් දැන්වීම් මඟින් ප්‍රචාරය වන වශී ගුරුකම් ගැන සොයන්න හිතුනා.....


 
                                           ‘‘හදි හූනියම්, වශී ගුරුකම්, යන්තර මන්ත තවත් පිරිසකගේ ඇදහිළි හා විස්වාසයන්. ඒවාට අභිචාර විධි කියලත් කියනවා. මේවායේ සත්ත්‍ය අසත්යතාව ගැන තාම කාටවත් හරිටම පෙන්නලා දෙන්න බැහැ. බව විද්‍යාත්මකව තාම ඔප්පු කරලත් නැහැ. මෙම සමහර ඇදහිළි පුද පූජාවන් වර්ථමානය වන විට තවත් පිරිසකගේ ජීවනෝපාය මාර්ගය වෙලා. නිසාම තවත් පිරිසක් මෙමඟින් රැවටිම් හා විශාල වශයෙන් මුදල් ලබා ගැනීම් වැනි අකටයුතුකම් සිදුකරනවා. මෙවැනි ඇදහිළි, පුදපූජාවන්වල සත් අසත්යතාව කොසේවුවත් ඒවාට යොමුවෙන ජනතාව එම යන්ත මන්ත ගුරුකම් කරන්නන් පිළිබඳව හොදින් සොයා බලා සැලකිලිමත්ව එම කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා.
                                      ‘‘දරුවනි බුද්ධිමත්ව මෙය කියවා බලන්න. ලංකාවේ කිසිම තැනකින් රොඞී දැහැනින් ජීවන්කළ නීච කුල බණ්දනය කරගැනීමට ඇත්තේ අප ගුරුමෑණියන්ගේ ගුබ්බෑයමේ පමණයී.සති අන්ත පුවත් පතක පලවු  දැන්වීමක මෙය ශිර්ෂය ලෙස සටහන්වී තිබුණා. එය යන්ත මන්ත ගුරුකම් පිළිබද දැන්වීමකි.
අනාදිමත් කාලයක සිට ඉන්දියාව ලංකාව වැනි පෙරදිග රටවල ජීවත්වන ජනතාව තමතමන්ට ඉටුකර ගැනිමට ඇති බලාපොරොත්තු හා විවිධ කටයුතු පහසුවෙන් ජය ගැනිම සඳහා යන්ත මන්ත ගුරුකම්වල පිහිට සහය අපේක්ෂා කරනවා.  මෙහිදි බෙහෝ දෙනා නොපෙනෙන බලවේග, දෙවියන් යක්ෂයින් වැනි අමනුෂ් ශක්තීන් පිළිබඳ විස්වාසයන් පදනම්කර තමුන්ගේ අරමුණු අභිමථාර්ත ජයගැනිමට පිහිට යැදීම කරයි. මේ ආකාරයේ යන්ත මන්ත ගුරුකම්වලට ජනතාවගේ සිත් යොමුවීමත් සමග එවැනි කටයුතු කරන පිරිසකුත් බිහිවිය.
                             ‘‘වශී යන්තරයක් මතුරන්න දින තුනක් විතර යනවා. දින තුනම එන්න අවශ් නෑමුල් දවසේ ඇවිත් බාරදුන්නම තමන් පුජාව සිදුකරන බව දීර්ඝකාලයක් ගුරුකම් වැඩවල නියුතුව සිටින මන්තරාචාර්ය ජයරත්න සාමිතුමා සදහන් කරනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ පුජාවට අවශ්‍ය කැවිළි වර්ග, පළතුරු වර්ග ගෙනත්දීමට අවශ් බවත් නැත්නම් අවශ්‍ය  මුදල් දිය යුතු බවයි. සාමාන්යයෙන් මෙවැනි යන්තරයක් ජීවම් කිරිමට රුපියල්න්දහසක් (5000) පමණ වැයවන බවත් ඔහු පවසයි.
            ජයරත්න සාමි සඳහන් කරන ආකාරයට ඔහු තම ජීවිතයෙන් හරි අඩක් ගෙවා ඇත්තේ ජනතාවට යන්තරමන්ත ගුරුකම් කරදී සේවය සැපයිමෙනි. සහන ගුරුකම් මැදුර නමින් ස්ථානයක්ද ඔහු පවත්වාගෙන යන්නේ මෙම කටයුතු කරගෙන යෑම සඳහා බව ඔහු පවසයි.
‘‘හැරගිය පෙම්වතා, පෙම්වතිය දින තුනක් ඇතුළත ගෙන්වීම, දෙමාපියන්ගේ කැමැත්ත ආශර්වාදය අවශ්යනම් එය ලබාදීම, නඩු හබ ජය ගැනිමට, දරුඵල නොමැති අයට හා විදේශගතව කරදරයටපත් අයට සැනසීම ලබාදීම සහ නොවිකෙණෙන ඉඩම් විකුණා දැමිම, ලොතරැයි ජයග්‍රහන, සතුරන් මෙල්ල කිරිම, අදී සියළු කල්ලූ මලයාල ගුරුකම් රහසිගතව සිදුකරනවා.පරම්පරාවෙන් පරම් පරාවට පැවත එන නීචකුල හුලවාළි බණ්දනයෙන් පිහිට ලබාදීම සිදුකරන බවත් තැපැල් මඟින්ද තමන්ගෙන් සේවය ලබා ගත හැකිබව ඔහු වැඩිදුරටත් පැවසීය.
සති අන්ත ඉරිදා පුවත්පතක් බැලූවිට මෙවැනි ගුරුකම් පිළිබද කුඩා ප්‍රමාණයේ දැන්වීම් දහයකට වැඩි සංඛ්යාවක් දැකගත හැක.
                             
      ‘‘අපෙන් වැඩ කරගත්තු අය තමන්ගේ හිතවතුන්ට විස්තර කිව්වාම ආරංචි මාර්ගෙනුත් ගොඩාක් අය අපි හොයාගෙන එනවා. නැත්නම් තවත් අය පත්තරෙන් දැනගෙනත් එනවා. හැම කෙනෙකුටම අපට පුළුවන් විදියට කාටවත් විශේෂයක් කරන්නේ නැතුව උදව් කරන්න බලනවා. හැබැයි මේවයේ සත් අසත්යතාව ගැන හරියටම කියන්න බෑ. අපි කරන දේවල් වලිනුත් සියයට විස්සක් විතර වැරදිලා තියනවා. සමහර අය මුදල් හොයන අරමුණින් මේවගේ වැඩ කරනවා. නිසා ගුරුකම් කරන හැමෝටම සමාජ අපවාදය එනබවත්  මැණික්හින්න වෙද හාමුදුරුවන් පැවසුවේය.
වෙද හාමුදුරුවන් සදහන් කරන ආකාරයට සමහර අය බාරදෙන විවිධ යන්තමන්ත වැඩ කළනොහැකි බවත් අයගේ බල කිරිම මත එම කටයුතු සිදු කරත් ඒවා අසාර්ථක වන අවස්ථා වැඩි බවත් පැවසූහ. මැණික්හින්න හිමියන් වැඩිදුරටත් සදහන් කරන ආකාරයට විභාග ජය ගැනිමට යන්තරයක් පළදිනවානම් එය ජීවම් කිරිම සඳහා තමන්ගේ නම,උපන් දිනය, දහයෙන් පහල අංකයක් දැනුම් දිය යුතුය. ඉන්පසු ලබාදෙන යන්ත දෙකෙන් එකක් ඉනේ හෝ බෙල්ලේ බැදගත යුතුය. අනිත් යන්තරය තම ඉඩමේ වළ දමා ගතයුතුවේ. විභාගයට යන්න දින තුනකට කළින් යලත් දැනුම් දිය යුතුවන්නේ අදාල පූජා පැවැත්වීම සඳහාය. මෙවැනි කටයුත්තක් තැපෑලෙන් කරගැනීම සදහා අවශ් පුදපුජා ද්රව් සඳහා රපියල් හයදහස් පන්සියයක් (6500) අට දහසක්  (8000)පමණ වියදමක් දැරිය යුතු බවත් උන්වහන්සේ කීහ.
‘‘මේ වගේ දේවල්වලට මිනිස්සු යොමුවෙන්නේ සමහර වෙලාවට දරාගන්න බැරි ගැටළුවක් ජීවිතේට ආවාම. ඒවාට විසදුම් සොයන්න යන්ත මන්ත හදිහූනියම්වලට යොමුවෙනවා. වගේ වෙලාවක මිනිස්සුන්ගේ රශ්න පිටින් ගිහිල්ලා මුදල් සොයන්න බලන් ඉන්න පිරිසකුත් අපේ සමාජේ ඉන්නවාරුවන් පතිරණ පැවසුවේය.
                ‘‘ඇත්තටම මේවා ගැන තරුණයෙක් හැටියට මට විස්වාසයක් තියන්න බැහැ. සමහර වෙලාවට ප්‍රශ්න නිසා මිනිස්සු මුලාවෙනවා. නිසා විවිධ යන්තමන්ත වැඩ කරන අය හොයාගෙන යනවා. මේවාගෙන් හරියන ප්‍රමාණය ගොඩක් අඩුයි. මොකද හැමදෙයක්ම ගුරුකම්වලින් කරන්න බැහැ. දැන් තාක්ෂණය දියුණුයි. අපේ රටවල මිනිස්සු තාමත් ජීවත්වෙන්නේ දහනමවන සියවසේයි.උපකාරක පංති ගුරුවරයෙක්වන සමන් රණවීර පැවසුවේය.
‘‘අපි විශ්වවිද්යා ලයේ ශිෂ්‍යයො කණ්ඩායමක් එකතුවෙලා මේ ගැන හොයල බැලූවා. අපි පත්තරවල තිබුණ දැන්වීම්වල අංකවලට කතා කලා. සමහර තැන්වලට ගියා. අපි එහෙම කෙරුවේ මේවයේ තියෙන සත් අසත්යතාවය ගැන හොයල බවන්න.රුහුණු විශ්වවිද්යාලයේ ශිෂ්යයකු වන ජනිත කුමාර රාජපක් පැවසීය.
                             ‘‘මේ හමුවුන අය පසු කාලීනව අපි සමඟ ගොඩාක් හිතවත් උනා. අය කියන්නේ තමන් කරන ගුරුකම් ගැන ස්ථිර විස්වාසයක් තමන්ට නැහැ කියලා. මිනිස්සු යම් යම් විස්වාසවලින් එන නිසා සමහර කටයුතු හරියනවා. අපිටත් ජීවත්වෙන්න රමයක් අවශ් නිසා මුදලක් ලබා ගන්නවා. අපි එන අයගෙන් බලෙන් සල්ලි ගන්නෑ. අය කියපු විදියට ගොල්ලන් මේක පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන යන දෙයක්.ජනිත වැඩිදුරටත් පැවසුවේය.
                         ‘‘මෙවැනි ගුරකම් කරන බෝහෝ දෙනෙකුගේ ජීවිත බොහොම දුකින් ගෙවන්නේ. වැඩිදෙනෙකු ජනතාවට සේවය කරනවා කිව්වාට මෙනවා හරි ගුරුකම් අතේ වැඩක් කරගන්න ඔවුන් ලඟට යන ජනතාවයි නියම විදියට ඔවුන්ගේ පිහිට ඉන්නේ.එළමල්දෙණියේ ධම්මානන්ද හිමියෝ පැවසූහ.
                              
     History has shown that black magic has played a key role in East Asian countries like Sir Lanka and India although either the truth or fallacy behind these supernatural acts is yet to be determined. People of all ages are drawn to black magic to find solutions to their various problems. Astrologers believe the people’s faith in black magic has attributed to the success of each act. However, the masters who practice the art of black magic say they too are unable to vouch for the success of their work. Most of them say that practicing black magic has become an income earner for some rather than a being source to help people in distress. People some times have to spend between Rs. 5000-Rs. 8,000 for each act of black magic.

http://sampathhamuwa.blogspot.com

0 අදහස් දක්වන්න....:

Post a Comment