මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ .

මාතර නගරයට පැමිණෙන සැම බෞද්ධයෙකුගේම වන්දනාවට පාත්‍ර වන මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ දකුණු ලකටම ආශිර්වාදයකි.

සුන්දර පිටබැද්දර

පිටබැද්දර නම් ප්‍රදේශය මනස්කාන්ත පරිසරයක් හිමිය..

‘‘හදි හූනියම්, වශී ගුරුකම්, යන්ත‍ර මන්ත‍ර

‘‘හදි හූනියම්, වශී ගුරුකම්, යන්ත‍ර මන්ත‍ර තවත් පිරිසකගේ ඇදහිළි හා විස්වාසයන්.

සිංහරාජය... එදා “සිංහරජදහන” - අද ලෝක උරුමය .

ශී‍්‍ර ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජ වනපෙත වර්තමාන ලෝක උරුමයකි. එය ශී‍්‍ර ලංකාවේ ඇති එකම ස්වාභාවික ලෝක උරුමයද වෙයි. ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රකයන්හි පිහිටා ඇත. . .

ශාරුක් ඛාන් වේටර් කෙනෙක්ලු... ඇත්ත ද..?....

You can if you think you can ඔබට හැකි යැයි ඔබ සිත්න්නේ නම් ඔබට හැක

2013 සම්පත් හමුව ආයුබෝවන්.......


ආයුබෝවන්.......  http://sampathhamuwa.blogspot.com  වසර තුනක්  පමණ  කාලයක් දුරින් හිටියත් සම්පත් හමුව නැවත ඔබට තිළිණ කරන්නේ  ගොඩාක් සතුටින්  වසර තනක වෙන්වීම  බ්ලෝග්  කරණයට යොමු නොවුයේ  කාර්ය බහුල සමයක් වීම නිසයි.  නැවත බ්ලෝග් එකට අවේ  සම්පත් හමුවට වඩාත් වැඩ දායක ලිපි පෙලක් ඹබට තිළිණ කරන්න සිතා ගෙනයි මේ නැවත් පැමිණීමට උදව් උනේ  දර්ශක සොහොයුරා සහ  මහින්ද සොහොයුරායට http://www.lionsmatara.com.  

......පාඨමාලා සඳහා දැන් සිසුන් බඳවා ගැනේ.......



            සැම වසරකම උසස් පෙළ විභාග තියනවා, ප්‍රථිඵල එනවා ඉන් පස්සේ මොකද කරන්නේ....
උසස් පෙළ විභාගයෙන් සිසුන් ලක්ෂ සංඛ්‍යාවෙන් සියයට දෙදෙනෙක් පමණක් විශ්ව විද්‍යාල වරම් ලබද්දී ඉතිරි සියයට අනූඅට දෙනා අනාගතය සඳහා විවිධ තේමා සොයා යති. ඒ අතරින් කෙනෙකු උත්සාහය අත් නොහැර යලිත් විභාගය ගැන සිතයි, තවත් අය ආර්ථික අපහසුකම් මත විවිධ රැකියා සඳහා ඇයදුමට සැරසෙයි,‍ මෙම කණ්ඩායම සඳහා දෙවන වර තුන්වන වර උසස් පෙළට මුහුණ දී අපේක්ෂා බිඳුණු පිරිස ද එක්වෙති. මේ වකවානුව බොහෝ තරුණ තරුණියන් රැකි‍යා අපේක්ෂාවෙන් සිටින කාලයක් බවට පත්ව ඇත.
රැකියා අපේක්ෂාවට පෙර බොහෝ සිසුන් විවිධ රැකියා ඉලක්ක ගත පුහුණු පාඨමාලා වලට යොමුවෙයි. ඒ අතර මුල්තැනක් ගන්නේ පරිගණක පාඨමාලය, එයට අමතරව වෙනත් භාෂාවක් ඉගනීමට හා විවිධාකාර රැකියා සුදුසුකම් සපුරා ගනිති. ඒවායේ ගුණාත්මය බොහෝ දෙනා මනින්නේ ලබා දෙන සහතිකයේ වටිනාකම අනුව වෙති. ඒනිසාම මෙවැනි වෘත්තීය පුහුණු පාඨමාලා පවත්වන්නෝ මේ කාලයේ හතු පිපෙන්නාක් මෙන් හංදියක් ගානේ වෘත්තීය පුහුණු පාඨමාලා කඩ දමා ගනිති. ඒ කඩ වල අයිතිකාරයන්ගේ මුලික බලා පෙ‍ාරොත්තුව වන්නේ වෘත්තීය පුහුණු පාඨමාලා සිදුකරන මුවාවෙන් අහිංසක දෙමාපියන්ගේ, දරුවන්ගේ අත ඇති මුදලට තට්ටු කර මාරු වීමයි. (මේ ලියන මමද මෙවැනිම අකාරයේ මාධ්‍ය පුහුණු පාඨමාලාවකට සම්බන්ද වීය. මේ වන විට පාඨමාලාව අවසන් නොවුවද එය පැවැත් වු අයගැන කිසිදු තොරතුරක් නොමැත.) මෙවැනි පාඨමාලාව කඩ පවත්වන්නන් ඉතාම සිත්ගන්නා සුළු ආකාරයට මෙම දැන්වීම් ජනප්‍රිය ඉරිදා පුවත් පත් වල පළකරයි. 
       මීට පෙර විශේෂ දක්ෂතා දැක්වුවන් ඔවුන් ගෙන් දැනුම ලබා එම තැන් ගත් බවද ප්‍රසිද්ධියේ ප්‍රකාශකරයි, මෙම නිසා විවිධ පාඨමාලා සඳහා ඇයදුම් කරණ ඔබ ඒ ගැන හොද සෙවිල්ලෙන් විමසීමෙන් පසුවන්නැයි මතක් කරමි.
රුකියා සඳහා ඇයදුම් කිරිමද මේ අකාරයේම වෙයි, ඒ ගැන පසුවට.....................''

සෑම පියෙකුටම ගොඩාක්ම වැදගත් ලිපියක්...


     දරුවන්ට හරි වැරැද්ද කියා දෙන්නේ ගුරුවරයාය. තම දරුවා යහ මගට ගන්නට දරුවාන්ට දඩුවම් කරන ගුරුවරිය දනගස්සන මෙවන් යුගයක
එදා  තම දරුවාගේ ගුරුතුමියට ජනාධිපතිතුමෙකු යැවු ලිපිය.....


             ලෝකයේ සෑම පියෙකුටම ආදර්ශයක් වනසේ ඒබ්‍රහම් ලින්කන් ජනපතිවරයා තම පුතාගේ පාසල් ගුරුවරියට යැවු ලිපිය පහත දැක්වේ
   
     පියාගෙන් පුතාගේ ගුරුතුමියට......

            සියළු මිනිසුන් සාධාරණ නොවන බවත් සත්‍යවාදී නොවන බවත් ඔහු විසින් උගත යුතු බව මම දනිමි. එහෙත් සෑම කපටි වංචාකාර පුද්ගලයෙකුට ම එක් වීරයෙකු බැගින් ද සෑම ආත්මාර්ථකාමී දේශපාලකයෙකුට ම කැපවීමකින් යුතු එක් නායකයෙකු බැගින් ද සිටින බව ඔහුට උගන්වන්න.
            සෑම සතුරෙකුට ම එක මිතුරෙකු සිටින බව ඔහුට උගන්වන්න. ඊර්ෂ්‍යාවෙන් ඔහුව ඈත් කරන්න. ඔබට හැකිනම් සෞම්‍ය සිනහවේ රස ඔහුට උගන්වන්න.
දාමරිකයන් පහසුවෙන් ම පැරදවිය හැකිබව ඔහුට නොපමාව ඉගෙන ගැනීමට ඉඩ හරින්න. ඔබට හැකිනම් ඔහුට පොත්වල ඇති අපූර්වත්වය උගන්වන්න. ඒ සමඟ ඔහුට අහසේ සැරි සරන කුරුල්ලන්ගේත්හිරු එළියේ පියාසර කරන මී මැස්සන්ගේත් හරිත කඳු වැටි වල පිපුන මල් වලත් ඇති සදාතනික අද්භූතභාවය පිළිබඳ සිතා බැලීමට ඔහුට විවේකී කාලයක් ලබා දෙන්න. 
     අසමත් වීම වංචා කිරීමට වඩා උතුම් බව ඔහුට පාසලේදී උගන්වන්න.
සියල්ලෝම ඔහුගේ අදහස් වැරදි යැයි පැවසුවද ඔහුට සිය මතය පීළීබඳ විශAවාස තැබිමට උගන්වන්න. මෘදු ගුණය ඇති අය සමඟ මෘදු ගුණය පෙරදැරිවත් රළු ගුණය ඇති අය සමඟ රළු ගුණය පෙර දැරිවත් කටයුතු කිරිමට උගන්වන්න. සියල්ලෝම රැල්ලට හසුවී ඒ සමඟම යන අවස්ථාවේ දී ඔවුන් හා නොයා සිටීමට අවශ්‍ය ශක්තිය මගේ පුතුට ලබා දීමට උත්සාහ කරන්න. සියල්ලන් හට ම සවන්දීමට ඔහුට උගන්වන්න. එහෙත් අසන සියළුම දේ සත්‍යයේ පෙරහනින් පෙරා එහි ඉතිරිවන යහපත් දේ පමණක් ලබා ගැනීමට ඔහුට උගන්වන්න.
ශෝකාකූල අවස්ථාවන් හිදී සිනාසෙන්නේ කෙසේදැයි ඔහුට උගන්වන්න. කඳුළු සැලීම ලැජ්ජාවට කරුණක් නොවන බව ඔහුට උගන්වන්න. කිසිත් නොරුස්සන පුද්ගලයින් සමච්චලයට ලක්කිරීමටත්වැඩි සෙනෙහස පිළිබඳව කල්පනාවෙන් කටයුතු කිරීමටත් ඔහුට උගන්වන්න.
         ඔහුගේ බුද්ධීය හා ශක්තිය වැඩීම මිලකට විකිණිමටත් ඔහුගේ හදවත හා ආත්මයට මිලක් නියම නොකිරීමටත් ඔහුට උගන්වන්න.
කලහකාරී පිරිස් කෑමොර දෙන විට දෙසවන් වසා සිටීමටත් තමන් නිවරදි යැයි සිතෙන විටදී නැඟී සිට සටන් වැදීමටත් ඔහුට උගන්වන්න.
මෘදු ගුණයෙන් ඔහුට සලකන්න එහෙත් ඔහුව සුරතල් නොකරන්න එයට හේතුව මා හැඟි වානේ නිර්මාණය කිරීම සඳහා ගින්නේ පරීක‍ෂණය අවශ්‍යම වන බැවිනි.
නොඉවසිලිමත් වීමට අවශ්‍ය ධෛර්ය ඔහුට ලබා ගැනීමට ඉඩ හරින්න. 
     සෑම විටම තමා කෙරෙහි අති උදාර විශAවාසයන් ඇති කර ගැනිමට උගන්වන්න. මක්නිසාද යත් මනුෂ්‍ය වර්ගයා පිළිබඳ ඇති උදාර විශ්වාසයක් ඔහු තුළ ඇතිවන්නේ එවිට ය.
මෙය විශාල වගකීමකි. ඔබට කළ හැක්කේ කුමක්දැයි සොයා බලන්න.
   මගේ පුත්‍රයා එතරම් හොද දරුවෙකී.
   
ලින්කන්.....


LETTER FROM ABRAHAM LINCOLN TO HIS SON’S TEACHER

“My son starts school today. It is all going to be strange and new to him for a while and I wish you would treat him gently. It is an adventure that might take him across continents. All adventures that probably include wars, tragedy and sorrow. To live this life will require faith, love and courage.

So dear Teacher, will you please take him by his hand and teach him things he will have to know, teaching him - but gently, if you can. Teach him that for every enemy, there is a friend. He will have to know that all men are not just, that all men are not true. But teach him also that for every scoundrel there is a hero, that for every crooked politician, there is a dedicated leader.

Teach him if you can that 10 cents earned is of far more value than a dollar found. In school, teacher, it is far more honorable to fail than to cheat. Teach him to learn how to gracefully lose, and enjoy winning when he does win.

Teach him to be gentle with people, tough with tough people. Steer him away from envy if you can and teach him the secret of quiet laughter. Teach him if you can - how to laugh when he is sad, teach him there is no shame in tears. Teach him there can be glory in failure and despair in success. Teach him to scoff at cynics.


Teach him if you can the wonders of books, but also give time to ponder the extreme mystery of birds in the sky, bees in the sun and flowers on a green hill. Teach him to have faith in his own ideas, even if every one tell him they are wrong.

Try to give my son the strength not to follow the crowd when everyone else is doing it. Teach him to listen to every one, but teach him also to filters all that he hears on a screen of truth and take only the good that comes through.

Teach him to sell his talents and brains to the highest bidder but never to put a price tag on his heart and soul. Let him have the courage to be impatient, let him have the patient to be brave. Teach him to have sublime faith in himself, because then he will always have sublime faith in mankind, in God.

This is the order, teacher but see what best you can do. He is such a nice little boy and he is my son.

දකුණේ බීරළු රේන්ද

                 ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තිරයෙහි ගෘහස්ත කර්මාන්තයක් වශයෙන් පවතින බීරළු රේන්ද, ගාලු ලේස්, පෘතුග්‍රීසි ලේස්, යන නම් වලින්ද හදුන්වයි. ලොව ප්‍රසිද්ධ මෙම නිර්මාණ ඈත ඉතිහාසයකට උරුම කම් කියයි. මීට වසර 600කට පෙර පෘතුග්‍රීසින් විසින් ගාල්ල අවට ප්‍රදේශවලට රේනද නිර්මාණ කලාව හදුන්වා දී ඇත. එහිදී ගාලූ වරාය මූලික කරගෙන ලොව නන්දෙසට බීරළු රේන්ද සැපයු ප්‍රදාන වෙළඳ ම්‍යස්ථානයක් ලෙස ලංකාව කීර්තියක් අත්පත් කරගෙන තිබූ බව සඳහන්වේ.

    
        එහෙත් මෙය මෑත යුගයේ බොහෝ දුරට සංචාරක කර්මාන්තය මත යැපෙන හස්ත කර්මාන්තයකි. පසුගිය කාලයේ සංචාරක කර්මාන්තය වැටී තිබුණා වු අභාග්‍යමත් තත්ත්වය හමුවි දී ද, මෙම කර්මාන්තය පණ අදිමින් හෝ රැකුණේ කුඩා පරිමාණයේ පුද්ගලික අංශයේ දායකත්වයෙනි. එය බොහෝ විට දශක ගණනාවක් කර්මාන්තය හා ඔවුන් අතර තිබූ බැඳීෙමි සහජීවනය වෙන්නට ඇත.
රේන්ද මෝස්තර ප්‍රස්ථාර කොලයක ඇඳ    මෙය රූපරේඛාවන්- ටර්චය යන යෙදුමෙන් නිර්මාණයේ සඳහන්කර ඇත.    කාඩ්බෝඩි පටියක සලකුණු කර වියුම හැසිරවිය යුතු ආකාරය අධ්‍යයනය කර ඒ සඳහා ඇල්පෙනෙති යොදා සකසන එස්බීසලය (අච්චුව හෙවත් ස්ටෙන්සිලය)  බීරළු කලාවි උසස් නිර්මාණාත්මක තත්වය මොනවාට පැහැදිලි කරයි. එය සියවස් ගනනාවක් නම රැන්දු ගාලූ රේන්ද - කලාව සුරකිනු ඇත. නුතන ලෝකයේ පරිසරය රකින මත ප්‍රවණතා වලින් මෙවන් පරිසර හිතකාමී - කර්මාන්ත ආර්ථීක වාසි අත්පත් කරගෙන ඉදිරියට පියමනිනු ඇත.


බීරළු රේන්ද කර්මාන්තයෙහි තාක‍ෂණය හා ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය මගින් කටයුතු කර ඇත. එහි ප්‍රථම අදියර ලෙස මිරිස්ස ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බීරළු කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා දින 05 ක තාක‍ෂණික හා කළමණාකරන පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. එයින් කර්මාන්තය සඳහා නව නිර්මාණ, නව යෝග්‍ය තාක‍ෂණය, වෙළඳපොල පිවිසුම් පිළිබඳව පුහුණුවු හා අධ්‍යයනය සිදුකෙරිණි.
     මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ගරු සභාපති රාජා හේවාබෝවල මහතාගේ හා ගරු ලේකම් මෙත්තානන්ද විදානගමාච්චි මහතාගේ මග පෙන්විම මත මෙය ක්‍රියාත්මක කරන ලදි. මෙම කටයුතු සඳහා වාණිජ මණ්ඩලය සමග අන්තර් ජාතික මුල්‍ය සංස්ථාව හා හෙල්ප්-එජ් ආයතනය සමග අත්වැල් බැඳගනිමින් කටයුතු කරයි. මෙහි අතුරුඵල ලෙස නව පරපුර සඳහා බිරළු රේන්ද හදුන්වා දි ප්‍රචලිත කිරීම, සංචාරක කර්මාන්තය සමගාමිය ප්‍රචාරන කටයුතු කිරිමත්, බීරළු රේන්ද සඳහා නව සම්පත් මධ්‍යස්ථානයක් ඇති කිරීම සඳහා ඉඩකඩ වෙන් කිරිමට අවස්ථාව උදාවනු ඇත.

ආයතනික ඵලදායිතාවය දියුණුකර ලීමට මිනිස් ශ්‍රමය



ආයතනයක ඵලදායීතාව වැඩි දියුණු කර ගැනීම සඳහා සේවකයන් දිරිමත් කිරිම හා ඔවුන් ආයතනයේ අරමුණකරා පෙළඹවීම අවශ්‍යය.  ඵලදායිතාවය සඳහා දායක වන ප්‍රධාන කරුණු ගැන සලකා බලමු.
 යන්ත්‍ර උපකරණ
 මිනිස් ශ්‍රමය
 අමුද්‍රව්‍ය
 ශක්තිය
 මුදල්
ඵලද්‍රායිතාවය දියුණු කරගැනීම යනු යම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරණු ලබන ද්‍රව්‍යමය වටිනා කමට වඩා වැඩි වටිනා කමක් ඇති නිෂ්පාදනයක් ලබාගැනීමවේ. එය වර්ධනය කිරීම යනුවෙන් හැදින්විය හැක්කේ, අදදින භාණ්ඩය නිෂ්පාදනය කිරිමට භාවාතා කල අමුද්‍රව්‍ය මිනිස් බලශක්ති ප්‍රමාණය භාවාතායෙන් නිෂ්පාදනය කල භාණ්ඩ ප්‍රමාණයට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් හෙට දින එම ප්‍රමාණයන්ම භාවිතා කර ලබා ගත්තේ නම්, එදින ඵලද්‍රයීතාවය ඊයේ දිනයට වඩා වැඩි බව අවබෝධකර ගත හැකිය.
ඵලදායීතාව වර්ධනය කරගත හැක්කේ සේවකයින් දිරිමත් කිරීමෙන් පමණි. අනිකුත් ද්‍රව්‍ය එයට සංකලනය කිරීමෙන්, භාණ්ඩ නිෂ්පාදනය වේ. එය සේවා සැපයීමට ද අදාලය.

ඵලදායීතාවය ( නිෂ්පාදනය කල භාණ්ඩ වටිනාකම ) දමඑ චමඑ
නිෂ්පාදනය සඳහා වැය වූ වටිනාකම ෂබ චමඑ

මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ සේවක දිරිමත් කරවීම කල යුතු ආකාරය පිළිබඳව හැදින්වීමකි.
මිනිසාගේ අවශ්‍යතාවයන් මේ ලෙස වර්ගීකරණය කල හැක.
1 මුලික අවශ්‍යතා
2 රැකියාවේ සුරක‍ෂිත භාවය
3 සමාජ අනුගත වීම
4 සමාජයේ පිළිගත් ස්ථානයක් ලබා ගැනීමේ අරමුණ
5 ඉහළම කීර්තිය ලබා ගැනීම සහ ඉහලම සමාජයට පිවිසීමේ ආශාව

මුලික අවශ්‍යතා
සාමාන්‍යයෙන් ඕනෑම මිනිසෙකුට ආහාරපාන සහ පහසුවෙන් නිදා ගැනීමට, විවේක ගැනීමට සුදුසු ස්ථානයක් ලබා ගැනීම මුලික අරමුණ වේ. ජීවත් වීමට මුලිකව අවශ්‍යතාවය වන ආහාරපාන නොමැති වු විට මිනිසුන් කොතරම් දරුණු වන්නේ ද යන්න අපි අත්දැකීමෙන් දන්නෙමු. මනුතාපය නම් නවකථාවේ ජනවර්ජන පල්හොරෙකු වුයේ කෑමට යමක් ලබා ගැනීමට ගොස් පාන් ගෙඩියක් සොරකම් කල නිසාය.

ඔබ දිනක වැටුපකට අනියම් සේවකයෙකුගේ සේවාව ලබා ගන්නා අවස්ථා කොතෙකුත් ඇති. ඔවුන්ගේ සේවයට ඔබ වැටුපක් ද ගෙවනු ඇති. ඔහු ගෙන් වටිනා සේවයක් ලබා ගැනීමට ඔහුට ලබා දෙන්නේ වැඩිපුර මුදල් හෝ හොඳ කෑම වේලක් පමණක් නේද? ඊට වඩා ලබා දීමට ඔබ නොපෙලඔ වන්නේ එවැනි මුදලකින් හෝ කෑම වේලකින් ඔහු සතුටට පත්වන හෙයිනි. එම අවස්ථාව ඉහත දැක්වු පරිදි මුල්ම ස්ථරය වේ.

රැකියා සුරක්ෂිත බාවය
ඔබ ළඟ සිටින අනියම් සේවකයන් හෝ තාවකාලික සේවයේ ඇති අය ඉල්ලා සිට්න්නේ ස්ථීර සේවයක් හෝ ස්ථීර පත්වීමකි. දෙවන අව්‍යතාව වූ රැකියා සුරක්ෂිත භාවයට මිනිසුන් පෙළඹෙනුයේ ඉහත මූලීක අවශ්‍යතාවය දිගටම පවත්වා ගැනීමට ඇති අව්‍යතාවය නිසාය. තාවකාලිකව සේවයේ යෙදෙන අයට ස්ථීර තත්වයක් බලාපොරොත්තු වන්නේ දෙවන ස්ථරයේ ස්වභාවය නිසාය. එම අවස්ථාව සඵල වූ විට ඔහු ස්ථීර ආදායමක් ලබන්නෙකු බවට පත්වේ. එදිනෙදා රැකියාවේ යෙදෙන වෙළෙන්දෙක වුවද එක් ස්ථානයක් තෝරා ගෙන නිතරම එහි රැදීමට උත්සුක වන්නේ ද මෙම ස්වභාවය නිසාය. මෙම ස්ථරයේ සිටින සේවකයන් පෙළඹවීමට ඔබ කළ යුත්තේ ස්ථීර ස්වභාවය පිළිබඳවද, ඔවුන් දිරි ගැන්වීමයි. එවැනි අවශ්‍යතාවයක් නොදක්වන අය පිළිබඳ අධ්‍යනයක් කිරීමෙන් ඔබට මෙම අවශ්‍යතාවයෙන් බැහැර අය හඳුනාගෙන ඔවුන්ට ගතයුතු සුදුසු වෙනත් පෙළඹවීමක් ගැන අවධානය යොමු කළ යුතුය.

සමාජගත වීම
රැකියාවේ සුරක්ෂීතභාවය, සම්පූර්ණ වූ කළ, ඔහුට හැගෙනුයේ තමා ස්ථීර ආදායමක් ලබන්නකු බවය. එහෙයින් ඔහු තමා සිටින සමාජයේ ඔහු සිටියාට වඩා ඉහල ස්ථානයක් අත්පත් කර ගැනීමට පෙළෙඕ. මේ නිසා ඔහු බැංකුවක් හෝ වෙනත් ආයතන වලින් මුදල් ණය ලබාගෙන වඩා සුදුසු නිවාසයක් තනා ගැනීම,තමාගේ දරුවන්ට හොඳ ස්ථානයක්, පාසලක් ලබා දීම, සමාජයේ කැපී පෙනී සිටිමට ක්‍රියා කිරිම වැනි ක්‍රියා වල නිරත වේ. එවැනි ස්ථීරයේ සිටින අයට සුදුසු පෙළඔවීම් වන්නේ රැකියාව අගය කිරිම, සුදුසු උසස් වීම් ලබා දීම, සුදුුසු වැටුප් ලබා දීම වැනි ක්‍රියා තුලින් ඔවුන් වඩාත් ඵලදායී ලෙස පොළඔවා ගත හැකි උපාය වාර්තා වේ.

සමාජයේ පිළිගත් ස්ථානයක් ලබා ගැනීමට ඇති ආශාව
ඊළග ස්ථරයේ සිටින සේවකයින් අයත් වන්නේ වඩාත් පරිපාලන තලයේ හෝ පුහුණු වර්ගයේ සේවකයින් වේ. මේ තලයේ සේවකයින් අතර ඔවුන් පුහුණු වර්ගයේ සේවකයින් වේ. මේ තලයේ සේවකයින් අතර ඔවුන් තුල තමා යමක් දන්නා අයකු බව හෝ ආයතනයට නැතිව බැරි යන අය යනුවෙන් ඇති සුළු මානසික සිතකිනි ද සමන්විත අය වේ. සමහර සුපර්වයිසර්වරුන් ඔවුනට දී ඇති වගකීම්, ඒ ඒ අයගේ කුසලතා අනුව පැවැත්ම අනුව වෙනස් වන අසුරු ද අපට දැක ගත හැකිය.
මෙම ස්ථරයේ සේවකයින් වගකීමක් තමන්ගේ ස්ථාවරය රුක ගැනිමට සමාජයේ යහපත් දිවි පැවැත්මක් පවත්වා ගෙන යාමට නැඔුරු අය වෙති. ඒ ස්ථරයේ සේවකයින් පෙළඔවීම සඳහා ඔවුන්ගේ සේවය ඇගයීම, ප්‍රශංසා, වගනීම් සහිත ස්ථානයට පත් කිරීම. සේවයේ උසස් කිරීම, පුහුණු පාඨමාලා වලට යැවීම. විදේශ පුහුණු සාමුහික හැගීම් දනවන සම්භාෂන වලට සහභාගී කරවීම ආදි උපක්‍රම එවැනි ස්ථරයේ සේවකයන් පෙළඔ වීමට සුදුසු ක්‍රියා මාර්ග වේ.

ඉහලට කිර්තිය ලබා ගැනීම ඉහල සමාජයට පිවිසිමේ ආශාව
මෙම ස්ථරයේ සේවකයින් වඩාමත් කළමණාකරුවන්, වෘත්තිකයින්ථ වැනි අයගෙන් සමන්විත වන අය වේ. ඔවුන් වඩා කැමති වන්නෙA සමාජයේ කිර්තිමත් නමක් දිනා ගැනිම,අන් අය අතරින් ප්‍රමුඛතාවය ලබා ගැනිම, ඉතා යහපත් දිවි පෙවෙතක් ගත කිරිම, වැනි ඉහලම ආශාවන් සපුරා ගැනිමට කැමැත්ත දක්වන්නේය.
ඔවුනට කළමනාකාරීත්වය, විදේශ පුහුණු කිරීම්, ඉහල තලයේම වැටුප්, දීමනා, ගෙවල් කුලී හෝ සුදුසු වර්ගයේ වාසස්ථාන, වාහන සැපයීම, ඔවුන්ගේ දරුවන් සඳහා සුදුසු පාසල් ලබාදීම.කළමනාකාරීත්වයේ ඉතා සමීප සම්බන්ධතාවය ගොඩ නැගීම ආදී ඉතාමත් සුදුසු අන්දමින් ඒ ඒ පුද්ගලයන්ට ගැලපෙන අන්දමේ පෙළඔවීම් තෝරා ගෙන එවැනි සුදුසු දීමනා දිමෙන් දිරිමත් කර ගත හැකිය.