මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ.......

                               මාතර නගරයට පැමිණෙන සැම බෞද්ධයෙකුගේම වන්දනාවට පාත්‍ර වන මාතර  ඓතිහාසික බෝධීන් වහන්සේ  දකුණු ලකටම ආශිර්වාදයකි.

                                මාතර  ඓතිහාසික බෝධීන් වහන්සේ  අනුරාධපුරයේ ජය ශ්‍රී මහා ‍බෝධීන් වහන්සේගේ කුලයට අයත් බව උද්භිත විද්‍යාඥයින් තහවුරුකොට ඇත.
මෙහි ඉතිහාසය අනුරාධපුර යුගයේ, (515-521) කුමාරදාස රජ දවස  සිදුවු ප්වතක් හා බැදී පවතී.  ජානකී හරණය මහා සංස්කෘත මහා කාව්‍ය කුමාරදාස  රජුගේ නිර්මාණයන්ය. එවක ඉංදියාවේ සිටි කාලිදාස කවියාත් කුමාර දාස රජ තුමාත් කවිකම නිසාම මිතුරන් විය.  රජුගේ ඇරයුම්න් ලංකාවට පැමිණි කාලිදාස කවියා නතරව සිට ඇත්තේ මාතර ප්‍රදේශයේය.  අවාසනාවන්ත ලෙස ගණිකාවක් නිසා කාලිදාස කවියා මරණයට පත්ව ඇත. මෙම මිතුරාගේ වෙන්විම දරාගත නොහැකි රජු කාලිදාස කවියාගේ චිතකයට පැන දිවි නසා ගන්නා ලදි.
 මේ පුවත සැලවු රජුගේ බිසෝවරුන් පස් දෙනාද එම චිතකයටම පැන දිවි නසාගත් බව ජනප්‍රවාදයේ සඳහන් වේ.  මෙම සිදු විම මුල්කර පසු කාලයේ  එම සත් දෙනා සිහිවිමට බෝධීන් හතක් රොපණය කර තිබේ. එය හත් බෝධි වත්ත ලෙස අදද හදුනා ගත හැක.
එම කල පටන් මාතර  ඓතිහාසික බෝධීන් වහන්සේ  ද අද දක්වාම වන්දනාවට පාත්‍රවෙති.

ඉංග්‍රිසි පාලන සමයේ බෝධින් වහන්සේ ඉවත් කිරීමට සුදානම් වු අවස්ථාවේ ප්‍රදේශවාසීන් දැඩි විරෝදය මත සිය අදහස අත් හැරිමට පිටරැටියන්ට සිදුවි ඇත.
ඉමහත් ගෞරවයෙන් ආරක්ෂා කල බෝධීයේ වැඩිදියුණුව සඳහා මාතර බෝධී ආරක්ෂක සභාව 1962 දී  පිහිටුවා ලන්නා ලදි.


අද වන විට අලංකාර බුදු මැදුරක්ද චෛත්‍යක්ද ඉදිකර තිබේ, දින පතා ආගමික චාරිත්‍රයන් සිදු වන මෙම ස්ථානයේ වර්ථමාන දියුණුව උදේසා මාතර බෝධී ආරක්ෂක සභාව විශාල මෙහෙයක් සිදුකර තිබේ.

0 අදහස් දක්වන්න....:

Post a Comment