ගැටබරුව….. රජ්ජුරු බණ්ඩාර දෙවියෝ....... Raja Maha Viharaya - Getabaruwa


                                    දෙනියාය - ගාල්ල ප්‍රධාන මාර්ගයට සමීප කොටපොළට නුදුරු ගැටබරුව එක්‌ පසකින් රක්‌වාන කඳුද, සිංහරාජ මහ වනය තවත් පසෙකින් ද, මෙන්ම මොරවක්‌ කෝරළ කඳුකර ප්‍රදේශ රැසකින් වටවූ මනස්‌කාන්ත කඳුගැටයක පිහිටා තිබේ.
ඓතිහාසික රුහුණේ බටහිරට අධිපති වු දෙවියන් වහන්සේ වූ රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන් වැඩ වාසය කරනු ලබන පුදබිම ගැටබරුව නොහොත් ගැටබරු රජ මහා විහාරය ලෙස හඳුන්වති.
බැතිමතුන්ට ආශිර්වාද ලබා දෙමින් වරද කරුවන්ට දඬුවම් කරන රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන්ගේa පුදබිමේ ඉතිහාසය අනුරාධපුර යුගයේ මුල්කාලය දක්‌වා දිවයයි. එනම් මෙම පුදබිමෙහි සමාරම්භකයා වලගම්බා (ක්‍රි. පූ. 88-76)  රජතුමා විසින් කරවන ලද්දක්‌ ලෙස පිළිගැනෙති.

සතුරු උවදුරු නිසා තාවකාලික ලෙස පසු බැස සිටි වලගම්බා රජු දෙවැනි වර රජ වූයේ රුහුණේ සිට යළි සන්නද්ධ වීමෙන් පසුවය. රජතුමා එකල නැවතී සිටි ගල් ලෙනක මෙම ගැටබරුව රජමහා විහාරය ඉදිකොට ඇත. බෞද්ධ පුදබිමක්‌ ලෙස පැවැති බවට ඇති සාධකද ඒ පිළිබඳ තව දුරටත් සාක්‍ෂි දරති.

කාලයාගේ ඇවෑමෙන් ඉතා වනගත පෙදෙසක්‌ බවට පත්වූ ගැටබරුව බොදු පුදබිම යළි සොයාගෙන තවමත් සියවස්‌ දෙකක්‌වත් ගතවී නැත. ඒ පිළිබඳ ප්‍රචලිතව ඇත්තේ කතාන්දරයකි.

කොටපොළ කෙසෙල් කොරටුව ගෙදර පදිංචිව සිටි එලියස්‌හාමි නම් පුද්ගලයෙකුට ඉතා අහඹු ලෙස 1834 දී පමණ මෙම පුදබිම නෙත ගැටී තිබිණි. ගොවිතැන් පිණිස මෙම කන්දට ගිය එලියස්‌හාමි ඉදිරියට ගෝනකු දුවගෙන ඇවිත් යළි ආපසු දුවන්නට විය. එම ගෝනා පසු පස ලුහුබැන්ද එලියස්‌හාමි විසින් ගෝනා ගල් ලෙනක්‌ තුළට රිංගනු දැක තිබේ. එම ගල්ලෙනට එබී බැලූ එම පුද්ගලයාට දහඅට රියන් සැතපෙන බුදු පිළිම වහන්සේ දැක ගැනීමට හැකිවී තිබේ.


කැටගොඩ උපාසක මහතා ප්‍රමුඛ ගම්වාසීන් විසින් මෙම ගල් ලෙන පිහිටි විහාර භූමියේ සංඝාවාසයක්‌ ඉදිකරන ලදී. අනතුරුව එය වීරසිංහකන්දේ සුමංගල හිමියන්ට පූජා කොට ඇත.

එහෙත් ගැටබරුව අද ප්‍රචලිතව ඇත්තේ වලගම්බා රජු ඉදිකළ විහාරය නිසා නම් නොවේ. රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන් නිසාය. එම දෙවියන් අරක්‌ගත් පුදබිම අද ගැටබරුව ලෙස විශ්වාසය කරති.

       
     රාජකීය භාණ්‌ඩාගාරය බාරව සිටි පිරිස බණ්‌ඩාරවරුන් ලෙස හඳුන්වා ඇත. මෙම බණ්‌ඩාරවරුන් ඇතැම් විට දේවත්වයට පත්වූ අයුරු. බණ්‌ඩාර හත්කට්‌ටුව, බණ්‌ඩාර දොළොස්‌ කට්‌ටුව, බණ්‌ඩාර හැටහත් කට්‌ටුව හා බැඳුනු විශ්වාසයන් ඒ බව සනාථ කරයි.

දකුණු පළාතේ ජනතාව විසින් අදහනු ලබන බණ්‌ඩාර දේව කන්නලව්වෙහි සඳහන් වන බණ්‌ඩාර හත් කට්‌ටුවෙහි එක්‌ දෙවියෙකි. රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන්. බටහිර දෙවියෝ පාතා හාමුදුරුවෝ, ගැටබරු දෙවියෝ ලෙසද එම දෙවියන් උදෙසා භාවිත කරන තවත් නම් ජනතාව අතර ව්‍යවහාර කෙරෙති.

නිලමේ කෙනෙකු මෙන් සැරසී සිටින රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන්ගේ හිසෙහි ඔටුන්නක්‌ දරති. උඩු රැවුලක්‌ ඇත. ගෙලෙහි තැල්ලක්‌ බැඳ ඇත. ඉන දක්‌වාවූ මල් මාලයකි. වම් උර හිස හරහා උතුරු සළුවකි. දෙඅත් ආභරණ වලින් යුතුය. දකුණු අතේ සෝලු ලීයකි. වමත රබානකි.

රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන් බැතිමතුන්ට සාධාරණය ඉටු කොට වැරදිකරුවන්ට දඬුවම් කරනු ලබයි. ජනප්‍රවාද කතා ඒ සඳහා බෙහෙවින් ඇත. උකුස්‌සකුගේ පියාපත් අළුකිරීම, ගොන් බානක්‌ ගල් කිරීම (ගොන් ගල) ආදී කතා ඉන් සමහරකි.

ඇසළ උත්සවය ගැටබරුවට ආවේණික වූ චාරිත්‍රයක්‌ බඳුය. බැතිමතුන් පඬුරු ඔප්පු කරන්නේ, ධන ධාන්‍ය පුදන්නේ එම උළෙලේ දීය. පෙරහැරකින් යුතු ගැටබරු උත්සවය නෙත් සිත් පිනවයි.

ගැටබරුවට එම නම ලැබී ඇත්තේ බැතිමතුන් විසින් පඬුරු ගැට ගසා බාරහාර වන නිසා බවට ඇති විශ්වාසයක්‌ වෙයි.

බොදු පුදබිමක බලය පැතිරවූ රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන්ට පිදෙන ගැටබරුව රුහුණේ මාතරට ඇති අනගි උරුමයකි.... 

රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන්ගේ පිහිටයි........

පින්තූර එකතුව...........

පිත්තල දොර උළුවහු
දේවාලය
නාරි ගැට දැක්වෙන සිතුවම්


මාළිගයේ සිතුවම්


චෛත්‍ය රාජයාණන් වහන්සේ

බෝධීන් වහන්සේ

සධාතුක මන්දිරය


ඉහල මාලයට පිවිසීමේ පිය ගැට පෙළ

පහල මළුවේ රථ ගාල


Raja Maha Viharaya - Getabaruwa 



     Raja Maha Vihara temple at Getaboruwa Sri lanka  which is well known throughout the Sir Lankan territory is a significant sacred premises associated with not only the people of Ruhuna but also with the masses of this whole country.
        Numerous are the Buddhist temples situated in various locations of the Country. It has been a common practice to call even recently built Viharas as Raja Maha Viharas. Even such temples follow the traditional practice of conducting Perahera festivals (processions). That is a notable aspect.
        Although there are numerous temples and continuous preaching’s of the Dhamma, the society has resorted to a vain and meaningless way of life forgetting in turn our religion, dhamma and morality. Even the Triple Gem has been forgotten. They do not believe in gods or the Self Awakened One. It is during such an era that the Raja Maha Vihara at Getabaru holds its Esala festival drawing attention of the people to our traditional Values.
        Raja Maha Vihara at Getabaruwa is a Raja Maha Vihara in the real sense. There is evidence to the effect that the Raja Maha Vihara at Getabaruwa was built by king Valagamba during the time of his hiding in the Ruhuna Jungles and organizing his armies. He existing sleeping Buddha statue of 18 riyanas in length at the Vihara is a living testimony in this connection.
        In the past people from distant places came on pilgrimage to Getabaruwa on foot and climbed the hillock to pay theirs vows to the god carrying with them the “panduru mitiya” and arecanut flower with much devotion to the Getabaru deviyo during the perahera season in July, the month of the god. Even today people from villages have their faith the God in tact. Esala Perahera at Getabaruwa commences on the day the devotees of Ruhuna reach the summit of the “Getabaru Kanda” From the days of yore this festival has been a complexed process of responsibilities and not merely a procession. Customs and religions observances play a vital part in this Perahera festival held annually is the major component. This is more complexed than what you see in the Perahara. A chain of responsibilities fulfilled throughout the year is associated with the Perahera.- Web
 

3 අදහස් දක්වන්න....:

  1. අගේ ඇති විස්තරයක් වගේම වටිනා කියන පින්තුර ටිකක්. සංචාරය කිරීම අවිවේකිත්වය එක්ක නැවතිලා චතියෙන එකේ මෙහෙම හරි විඳන්න ලැබෙන එකත් වාසනාවක්.

    ReplyDelete
  2. obatath rajjuru bandara dewiyange pihitai ! godak watina lipiyakmeka , pinn

    ReplyDelete
  3. great post keep it up :) godaak pin

    ReplyDelete