ඔබට හැකි යැයි ඔබ සිත්න්නේ නම් ඔබට හැක.... You can if you think you can.....

       
       
     ඔබට හැකි යැයි ඔබ සිත්න්නේ නම් ඔබට හැක   විශ්ව බල ශක්තියේ අසීමිත ශක්තිය ගැන ඔබ දන්නවාද හිරුගේ සියළු බල ශක්තිය මත ලෝකය පවතී, ශාක හා සතුන් ගේ පැවැත්ම සූර්ය ශක්තිය නිසා සිදුවෙයි.  විශ්ව බලශක්තිය කැටිවු සූර්ය කිරණේ සහ හමන සුළගේද, ගලායන පිරිසුදු ජලදහරාවන්ගේද මේ මිහිතලයේ අසීමිත විශ්ව බල ශක්තිය මුසුවි පවතී. 
                 මිනිසාගේ සියළු ශක්තින් හට ගන්නේ සිත මුල්කරගෙනයි, මිනිස් සිත ප්‍රදාන කොටස් දෙකකි, උඩු සිත සහ (භවාංග සිත) යටි සිතයි.         මානවයාගේ අසිමිත බලය ඒකරාහී වි ඇත්තේ මෙම භවාංග සිත
 (යටි සිත) තුල බව මනෝ විද්‍යාඥයින් පවසයි. මේ අනුව  විශ්ව බල ශක්තියේ අසීමිත ශක්තිය සහ භවාංග සිත (යටි සිත). සියල්ල කල හැකීයි යන විස්වාසයෙන් සෑම කටයුත්තක්ම ආරම්භ කරන්න.   ඔබ ඔබගේ ජීවිතයට ආදරේ කරන්න ගොඩාක් ඔබ ඔබටම ආදරේ කරන්න ජීවිතයේ සුන්දර බව සොදුරු සිහින කල් තියා දකින්න ඒවා ඒකායන ඉලක්ක බවට පත් කර ගන්න. ඔබගේ ජිවිතයේ  ලස්සන හීන අන් අයට ඵලක් නොවන නිසා ඒ අයට ඔබගේ සිහින කියන්න එපා මෙකද ඔබගේ  ජීවිතයේ පුර්ණ සැලසුම ඔබගේම වන නිසා.  
  

          එදිනෙදා ජීවිතයේදී කරන සියළු වැඩ සැලසුම් සහගතව කරන්න පිළිවෙලට සහ පිරිසිදු කමට  හැම විටම මුල් තැන දෙන්න.  තමන්ට පවරා ඇති වැඩ වඩාත් නිවරදිව කරන්න. සැම ක්‍රියාවක්ම අන් අයගේ යහපත සදහාම කිරිමට උත්සාහ ගන්න, එවිට ඔබට මිතුරන් වැඩි වේවි.  ඔබේ මුවින් පිටවන වචන ගැන සැලකිලිමත් වෙන්න , මොකද ඔබ හොද හෝ නරක කෙනෙක් ලෙස සමාජය විසින් ඔබ හදුන්වන්නේ  ඔබගේ කතා විලාෂය සහ ක්‍රියා කලාපය තුලින් වන නිසා.  අන් අයට හොදින් සවන් දෙන්න, ඔවුන් ඔබට යමක් කියන්නේ ඔබ ඔවුනට වැදගත් වන නිසයි.   ඉවසීමට සිමා ඇති කර ගන්න එපා  ඔබේ ඉවසීමට සීමා ඇත්නම්  ඉක්මණින්ම  පුරුදු  පුහුණු වන්න ඉවසීම ගැන ඉගන ගන්න.  ආදරය කරුණාව වගා කරන්න, මනුසත් කම අස්වනු විදිහට නෙලා ගන්න. සුබ වාදීව සිතන්න ඔබ දන්නවාද ඔබට නොහැක්කක් නොමැත. ඔබට සැමදා ජය සතුට ශක්තිය ලැබේවා..........
 You can if you think you can .........


(පොත පත ඇසුරිනි)

1 අදහස් දක්වන්න....:

  1. බොහොම වටින කරුණු රැසක්. මං හිතන්නේ ධනාත්මක චින්තනය පැත්තට යම් කෙනෙක් නැඹුරුයි නම් මේ කියන සියල්ලම ඔහු ලඟ තියෙනවා.

    ReplyDelete