උසම සැතපුම් කණුව -මාතර - දෙවුන්දර


අප රටට දුර ප්‍රමාණයන් දක්වන කිලෝමීටර ක්‍රමය  හඳුන්වාදීමට පෙර පැවතියේ සැතපුම් ක්‍රමයයි.  සැතපුම් ප්‍රමාණයන් දැනගැනීමට රට පුරා ප්‍රධාන මාර්ගවල සැතපුම් කණු සවි කර තිබියදී.  කිලෝ මීටර ක්‍රමය භාවිතයට ගැනීමත සමඟ සැතපුම් කණු ඉවත් කර කිලෝ මීටර කණු භාවිත කෙරිණි.
රට පුරා බොහෝ මාර්ගවල සැතපුම් කණු ඉවත් කර ඇතත් කළු ගලින් තනන ලද මෙරට උසම සැතපුම් කණුව අදටත් මාතර කතරගම මාර්ගයේ මාතර දෙවිනුවර නගරය ආසන්නයේදී දක්නට ලැබේ. මේ සැතපුම් කණුවේ ඉහලම සිංහලින් දෙවුන්දර යන්න හා රුහුණේ සලකුණ වන කුර ඇත් සලකුණ දක්නට ලැබේ.

A-2  මාර්ගයේ ඇති සැතපුම් 103 සැතපුම් කණුව ශ්‍රී ලංකාවේ දැනට ඇති උසම සැතපුම් කණුව ලෙසට හදුනාගෙන ඇත. එය පිහිටා ඇත්තේ දෙවුන්දර නගරයේය. දේවුන්දර නගරයේ සිට කිලෝමීටරයක් පමණ මාතර දෙසට වන්නට, දෙවුන්දර ලංකා බැංකු ශාඛාවට ඉදිරියේ පාරේ අනෙක් පැත්තේ මෙය පිහිටා ඇත.

0 අදහස් දක්වන්න....:

Post a Comment