උමං විහාරය ...මාතර වෙහෙරහේන...


   උමං විහාර අතුරින් ප්‍රමුඛ ස්ථානයේලා සැලකිය හැකි විශාලතම බෞද්ධ සිද්ධස්ථානය  මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානයයි. මාතර කැකණදුර මාර්ගයේ පිහිටා ඇති මෙම විහාරයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වනුයේ කොට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝසභාවේ අනුනායක ධුරන්දර පරවාහැර රේවත නාහිමිපාණන්වහ්නසේය.  උනවහන්සේ වෙහෙරහේන ප්‍රදේශයට  ආවේ හිස් අතිනි.  ඒ වනවිට වෙහෙරහේන සතුව සතුව තිබුනේ අක්කර භාගයක් තරම් වූ බිම් ප්‍රමාණයකි. ඓතිහාසික ග්‍රන්ථවල සඳහන් ආකාරයට උන්වහන්සේ මෙහි වැඩම වන විට රැගෙන ආවේ පොරොවනයත්, පැදුරත්, පාත්‍රයත් පමක් යැයි කියවේ. මෙහි වැඩම කළ උන්වහන්සේ දකින්නට ලැබුනේ සෑම අතින්ම කැලෑවෙන් වැසීගත් භුමි භාගයකි.
කැලෑව හෙලි පෙහෙලි කළ උන්වහන්සේ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව කටු මැටියෙන් කුඩා ආරාමයක් තනවා ගත්හ එහි කාලය ගත කළ උන්වහන්සේ වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානය නිර්මාණය කිරීමේ කටයුතු කර ගෙන යාම ආරම්භ කරන ලදි.
බෞද්ධ පුනරුදය වෙනුවෙන් විශාල මෙහෙයක් කළ අනගාරික ධර්මපාල තුමන් සමග දෙස් විදේස්හි ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරතව සිටිද්දී ලබන ලද අත්දැකිම් වලට අනුව  උනවහන්සේට විහාරය ගොඩනැගීමේ අදහස පහළවිය. ඒ අනුව වර්ෂ 1939 මාර්තු මස 05 වන දින අනගාරික ධර්මපාල තුමාගේ පින්බර සුරතින් මුල්ගල් තබා මෙහි නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කරන ලදි.

Photos of Weherahena Buddhist Temple, Matara

සාරිපුත්‍ර නම් ප්‍රතිමා නෙලීමේ සම්ප්‍රධාය අනුව මෙහි පිළිම වහන්සේ නිර්මාණය කර තිබෙන අතර පන්සිය පනස් ජාතක පොතේ සඳහන් වන උම්මග්ග ජාතකයේ එන උමංදාව සිහි ගන්වමින් උමංවිහාරය නිර්මාණය තර තිබේ උමං විහාරයේ හා පිළිම වහන්සේගේ ආරක්ෂාවට තනන ලද නවමහල් විහාර මන්ධිරයේ පන්සිය පනස් ජාතක කතා චිත්‍රයට නගා තිබේ. මෙසේ රේවත නාහිමි පාණන් වහ්නසේ විසින් ඉදි කිරිම් කටයුතු කරගෙන ගියහ නමුත් උන්වහ්න්සෙට මෙම නිර්මාණයේ කටයුතු අවසන් කරගැනිමට නෙහැකිවිය. පිළිම වහන්සෙගේත් නවමහල් විහර මන්ධිරයේත් මහල් දෙකක කටයුතු අවසන් කළ උන්වහ්නසේ 1968 දී තරමක් රොගාතූර විය මෙම නිසා මෙහි කටයුතු අතර මඟ නවතා දමන ලදි, මෙසේ රෝගාතූර වූ උන්වහ්සේ 1968 අගොස්තු මස 13 වන දින අපවත් වි වදාල හ.


වර්තමානයේදීත් දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත්ඇඳ බැඳ තබමින් වෙහෙරහේන පුරාණ රජමහා විහාරය බෞද්ධයන්ගේ මුදුන්මල්කඩක් මෙන් මාතර පුරවරයේ විරාජ මානවේ. මේ අවට ගම්මාන රැසක් මේ ප්‍රදේශයේ ඉපැරණි බවට සාක්ෂි දරයි. 


Weherahena Buddhist Temple -  Matara  

Matara  weherahena  purwaramaya  is situated in the village of weherahena in the district of matara in the southern province in Srilanka. Buddhist as well as non Buddhist  live in the world pay homage to this temple and it's very popular among the people in the world.

    the colossal Buddha statue is a wonderful mastter piece.the hight of the statue is 88 cubits (39m) The highly significante of this temple is the tunnel shrine.It is 3km from matara town on the matara - kataragama main road turn to left at meddawatta junction and drive 1.1/2 km along the Yatiyana road and turn to left at Weraduwa junction and you can reach the temple.


1 අදහස් දක්වන්න....:

  1. වෙහෙරහේන විහාරය ගැන බොහෙම වටිනා ගොඩක් දෙනෙක් නොදන්න කරුණු පෙලක්. ස්තුතියි. මේ විහාරය ගොඩක් ප්‍රචලිත වුනා අර අජිත් ගේ සින්දුවක් තියේනනේ වෙහෙරහේන විහාරයේ කියලා. අන්න ඒකෙන්. නමත් ඒ සින්දුවෙන් කියවුනේ වෙනත් දෙයක් ගැන. ඉතිහාසයත් සමග මෙහි ඇති වටිනාකම ඊටත් වඩා ගොඩක් එහා ගිය එකක්.

    ReplyDelete