ආයතනික ඵලදායිතාවය දියුණුකර ලීමට මිනිස් ශ්‍රමය



ආයතනයක ඵලදායීතාව වැඩි දියුණු කර ගැනීම සඳහා සේවකයන් දිරිමත් කිරිම හා ඔවුන් ආයතනයේ අරමුණකරා පෙළඹවීම අවශ්‍යය.  ඵලදායිතාවය සඳහා දායක වන ප්‍රධාන කරුණු ගැන සලකා බලමු.
 යන්ත්‍ර උපකරණ
 මිනිස් ශ්‍රමය
 අමුද්‍රව්‍ය
 ශක්තිය
 මුදල්
ඵලද්‍රායිතාවය දියුණු කරගැනීම යනු යම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරණු ලබන ද්‍රව්‍යමය වටිනා කමට වඩා වැඩි වටිනා කමක් ඇති නිෂ්පාදනයක් ලබාගැනීමවේ. එය වර්ධනය කිරීම යනුවෙන් හැදින්විය හැක්කේ, අදදින භාණ්ඩය නිෂ්පාදනය කිරිමට භාවාතා කල අමුද්‍රව්‍ය මිනිස් බලශක්ති ප්‍රමාණය භාවාතායෙන් නිෂ්පාදනය කල භාණ්ඩ ප්‍රමාණයට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් හෙට දින එම ප්‍රමාණයන්ම භාවිතා කර ලබා ගත්තේ නම්, එදින ඵලද්‍රයීතාවය ඊයේ දිනයට වඩා වැඩි බව අවබෝධකර ගත හැකිය.
ඵලදායීතාව වර්ධනය කරගත හැක්කේ සේවකයින් දිරිමත් කිරීමෙන් පමණි. අනිකුත් ද්‍රව්‍ය එයට සංකලනය කිරීමෙන්, භාණ්ඩ නිෂ්පාදනය වේ. එය සේවා සැපයීමට ද අදාලය.

ඵලදායීතාවය ( නිෂ්පාදනය කල භාණ්ඩ වටිනාකම ) දමඑ චමඑ
නිෂ්පාදනය සඳහා වැය වූ වටිනාකම ෂබ චමඑ

මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ සේවක දිරිමත් කරවීම කල යුතු ආකාරය පිළිබඳව හැදින්වීමකි.
මිනිසාගේ අවශ්‍යතාවයන් මේ ලෙස වර්ගීකරණය කල හැක.
1 මුලික අවශ්‍යතා
2 රැකියාවේ සුරක‍ෂිත භාවය
3 සමාජ අනුගත වීම
4 සමාජයේ පිළිගත් ස්ථානයක් ලබා ගැනීමේ අරමුණ
5 ඉහළම කීර්තිය ලබා ගැනීම සහ ඉහලම සමාජයට පිවිසීමේ ආශාව

මුලික අවශ්‍යතා
සාමාන්‍යයෙන් ඕනෑම මිනිසෙකුට ආහාරපාන සහ පහසුවෙන් නිදා ගැනීමට, විවේක ගැනීමට සුදුසු ස්ථානයක් ලබා ගැනීම මුලික අරමුණ වේ. ජීවත් වීමට මුලිකව අවශ්‍යතාවය වන ආහාරපාන නොමැති වු විට මිනිසුන් කොතරම් දරුණු වන්නේ ද යන්න අපි අත්දැකීමෙන් දන්නෙමු. මනුතාපය නම් නවකථාවේ ජනවර්ජන පල්හොරෙකු වුයේ කෑමට යමක් ලබා ගැනීමට ගොස් පාන් ගෙඩියක් සොරකම් කල නිසාය.

ඔබ දිනක වැටුපකට අනියම් සේවකයෙකුගේ සේවාව ලබා ගන්නා අවස්ථා කොතෙකුත් ඇති. ඔවුන්ගේ සේවයට ඔබ වැටුපක් ද ගෙවනු ඇති. ඔහු ගෙන් වටිනා සේවයක් ලබා ගැනීමට ඔහුට ලබා දෙන්නේ වැඩිපුර මුදල් හෝ හොඳ කෑම වේලක් පමණක් නේද? ඊට වඩා ලබා දීමට ඔබ නොපෙලඔ වන්නේ එවැනි මුදලකින් හෝ කෑම වේලකින් ඔහු සතුටට පත්වන හෙයිනි. එම අවස්ථාව ඉහත දැක්වු පරිදි මුල්ම ස්ථරය වේ.

රැකියා සුරක්ෂිත බාවය
ඔබ ළඟ සිටින අනියම් සේවකයන් හෝ තාවකාලික සේවයේ ඇති අය ඉල්ලා සිට්න්නේ ස්ථීර සේවයක් හෝ ස්ථීර පත්වීමකි. දෙවන අව්‍යතාව වූ රැකියා සුරක්ෂිත භාවයට මිනිසුන් පෙළඹෙනුයේ ඉහත මූලීක අවශ්‍යතාවය දිගටම පවත්වා ගැනීමට ඇති අව්‍යතාවය නිසාය. තාවකාලිකව සේවයේ යෙදෙන අයට ස්ථීර තත්වයක් බලාපොරොත්තු වන්නේ දෙවන ස්ථරයේ ස්වභාවය නිසාය. එම අවස්ථාව සඵල වූ විට ඔහු ස්ථීර ආදායමක් ලබන්නෙකු බවට පත්වේ. එදිනෙදා රැකියාවේ යෙදෙන වෙළෙන්දෙක වුවද එක් ස්ථානයක් තෝරා ගෙන නිතරම එහි රැදීමට උත්සුක වන්නේ ද මෙම ස්වභාවය නිසාය. මෙම ස්ථරයේ සිටින සේවකයන් පෙළඹවීමට ඔබ කළ යුත්තේ ස්ථීර ස්වභාවය පිළිබඳවද, ඔවුන් දිරි ගැන්වීමයි. එවැනි අවශ්‍යතාවයක් නොදක්වන අය පිළිබඳ අධ්‍යනයක් කිරීමෙන් ඔබට මෙම අවශ්‍යතාවයෙන් බැහැර අය හඳුනාගෙන ඔවුන්ට ගතයුතු සුදුසු වෙනත් පෙළඹවීමක් ගැන අවධානය යොමු කළ යුතුය.

සමාජගත වීම
රැකියාවේ සුරක්ෂීතභාවය, සම්පූර්ණ වූ කළ, ඔහුට හැගෙනුයේ තමා ස්ථීර ආදායමක් ලබන්නකු බවය. එහෙයින් ඔහු තමා සිටින සමාජයේ ඔහු සිටියාට වඩා ඉහල ස්ථානයක් අත්පත් කර ගැනීමට පෙළෙඕ. මේ නිසා ඔහු බැංකුවක් හෝ වෙනත් ආයතන වලින් මුදල් ණය ලබාගෙන වඩා සුදුසු නිවාසයක් තනා ගැනීම,තමාගේ දරුවන්ට හොඳ ස්ථානයක්, පාසලක් ලබා දීම, සමාජයේ කැපී පෙනී සිටිමට ක්‍රියා කිරිම වැනි ක්‍රියා වල නිරත වේ. එවැනි ස්ථීරයේ සිටින අයට සුදුසු පෙළඔවීම් වන්නේ රැකියාව අගය කිරිම, සුදුසු උසස් වීම් ලබා දීම, සුදුුසු වැටුප් ලබා දීම වැනි ක්‍රියා තුලින් ඔවුන් වඩාත් ඵලදායී ලෙස පොළඔවා ගත හැකි උපාය වාර්තා වේ.

සමාජයේ පිළිගත් ස්ථානයක් ලබා ගැනීමට ඇති ආශාව
ඊළග ස්ථරයේ සිටින සේවකයින් අයත් වන්නේ වඩාත් පරිපාලන තලයේ හෝ පුහුණු වර්ගයේ සේවකයින් වේ. මේ තලයේ සේවකයින් අතර ඔවුන් පුහුණු වර්ගයේ සේවකයින් වේ. මේ තලයේ සේවකයින් අතර ඔවුන් තුල තමා යමක් දන්නා අයකු බව හෝ ආයතනයට නැතිව බැරි යන අය යනුවෙන් ඇති සුළු මානසික සිතකිනි ද සමන්විත අය වේ. සමහර සුපර්වයිසර්වරුන් ඔවුනට දී ඇති වගකීම්, ඒ ඒ අයගේ කුසලතා අනුව පැවැත්ම අනුව වෙනස් වන අසුරු ද අපට දැක ගත හැකිය.
මෙම ස්ථරයේ සේවකයින් වගකීමක් තමන්ගේ ස්ථාවරය රුක ගැනිමට සමාජයේ යහපත් දිවි පැවැත්මක් පවත්වා ගෙන යාමට නැඔුරු අය වෙති. ඒ ස්ථරයේ සේවකයින් පෙළඔවීම සඳහා ඔවුන්ගේ සේවය ඇගයීම, ප්‍රශංසා, වගනීම් සහිත ස්ථානයට පත් කිරීම. සේවයේ උසස් කිරීම, පුහුණු පාඨමාලා වලට යැවීම. විදේශ පුහුණු සාමුහික හැගීම් දනවන සම්භාෂන වලට සහභාගී කරවීම ආදි උපක්‍රම එවැනි ස්ථරයේ සේවකයන් පෙළඔ වීමට සුදුසු ක්‍රියා මාර්ග වේ.

ඉහලට කිර්තිය ලබා ගැනීම ඉහල සමාජයට පිවිසිමේ ආශාව
මෙම ස්ථරයේ සේවකයින් වඩාමත් කළමණාකරුවන්, වෘත්තිකයින්ථ වැනි අයගෙන් සමන්විත වන අය වේ. ඔවුන් වඩා කැමති වන්නෙA සමාජයේ කිර්තිමත් නමක් දිනා ගැනිම,අන් අය අතරින් ප්‍රමුඛතාවය ලබා ගැනිම, ඉතා යහපත් දිවි පෙවෙතක් ගත කිරිම, වැනි ඉහලම ආශාවන් සපුරා ගැනිමට කැමැත්ත දක්වන්නේය.
ඔවුනට කළමනාකාරීත්වය, විදේශ පුහුණු කිරීම්, ඉහල තලයේම වැටුප්, දීමනා, ගෙවල් කුලී හෝ සුදුසු වර්ගයේ වාසස්ථාන, වාහන සැපයීම, ඔවුන්ගේ දරුවන් සඳහා සුදුසු පාසල් ලබාදීම.කළමනාකාරීත්වයේ ඉතා සමීප සම්බන්ධතාවය ගොඩ නැගීම ආදී ඉතාමත් සුදුසු අන්දමින් ඒ ඒ පුද්ගලයන්ට ගැලපෙන අන්දමේ පෙළඔවීම් තෝරා ගෙන එවැනි සුදුසු දීමනා දිමෙන් දිරිමත් කර ගත හැකිය.

0 අදහස් දක්වන්න....:

Post a Comment