......පාඨමාලා සඳහා දැන් සිසුන් බඳවා ගැනේ.......



            සැම වසරකම උසස් පෙළ විභාග තියනවා, ප්‍රථිඵල එනවා ඉන් පස්සේ මොකද කරන්නේ....
උසස් පෙළ විභාගයෙන් සිසුන් ලක්ෂ සංඛ්‍යාවෙන් සියයට දෙදෙනෙක් පමණක් විශ්ව විද්‍යාල වරම් ලබද්දී ඉතිරි සියයට අනූඅට දෙනා අනාගතය සඳහා විවිධ තේමා සොයා යති. ඒ අතරින් කෙනෙකු උත්සාහය අත් නොහැර යලිත් විභාගය ගැන සිතයි, තවත් අය ආර්ථික අපහසුකම් මත විවිධ රැකියා සඳහා ඇයදුමට සැරසෙයි,‍ මෙම කණ්ඩායම සඳහා දෙවන වර තුන්වන වර උසස් පෙළට මුහුණ දී අපේක්ෂා බිඳුණු පිරිස ද එක්වෙති. මේ වකවානුව බොහෝ තරුණ තරුණියන් රැකි‍යා අපේක්ෂාවෙන් සිටින කාලයක් බවට පත්ව ඇත.
රැකියා අපේක්ෂාවට පෙර බොහෝ සිසුන් විවිධ රැකියා ඉලක්ක ගත පුහුණු පාඨමාලා වලට යොමුවෙයි. ඒ අතර මුල්තැනක් ගන්නේ පරිගණක පාඨමාලය, එයට අමතරව වෙනත් භාෂාවක් ඉගනීමට හා විවිධාකාර රැකියා සුදුසුකම් සපුරා ගනිති. ඒවායේ ගුණාත්මය බොහෝ දෙනා මනින්නේ ලබා දෙන සහතිකයේ වටිනාකම අනුව වෙති. ඒනිසාම මෙවැනි වෘත්තීය පුහුණු පාඨමාලා පවත්වන්නෝ මේ කාලයේ හතු පිපෙන්නාක් මෙන් හංදියක් ගානේ වෘත්තීය පුහුණු පාඨමාලා කඩ දමා ගනිති. ඒ කඩ වල අයිතිකාරයන්ගේ මුලික බලා පෙ‍ාරොත්තුව වන්නේ වෘත්තීය පුහුණු පාඨමාලා සිදුකරන මුවාවෙන් අහිංසක දෙමාපියන්ගේ, දරුවන්ගේ අත ඇති මුදලට තට්ටු කර මාරු වීමයි. (මේ ලියන මමද මෙවැනිම අකාරයේ මාධ්‍ය පුහුණු පාඨමාලාවකට සම්බන්ද වීය. මේ වන විට පාඨමාලාව අවසන් නොවුවද එය පැවැත් වු අයගැන කිසිදු තොරතුරක් නොමැත.) මෙවැනි පාඨමාලාව කඩ පවත්වන්නන් ඉතාම සිත්ගන්නා සුළු ආකාරයට මෙම දැන්වීම් ජනප්‍රිය ඉරිදා පුවත් පත් වල පළකරයි. 
       මීට පෙර විශේෂ දක්ෂතා දැක්වුවන් ඔවුන් ගෙන් දැනුම ලබා එම තැන් ගත් බවද ප්‍රසිද්ධියේ ප්‍රකාශකරයි, මෙම නිසා විවිධ පාඨමාලා සඳහා ඇයදුම් කරණ ඔබ ඒ ගැන හොද සෙවිල්ලෙන් විමසීමෙන් පසුවන්නැයි මතක් කරමි.
රුකියා සඳහා ඇයදුම් කිරිමද මේ අකාරයේම වෙයි, ඒ ගැන පසුවට.....................''

0 අදහස් දක්වන්න....:

Post a Comment