දකුණේ බීරළු රේන්ද

                 ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තිරයෙහි ගෘහස්ත කර්මාන්තයක් වශයෙන් පවතින බීරළු රේන්ද, ගාලු ලේස්, පෘතුග්‍රීසි ලේස්, යන නම් වලින්ද හදුන්වයි. ලොව ප්‍රසිද්ධ මෙම නිර්මාණ ඈත ඉතිහාසයකට උරුම කම් කියයි. මීට වසර 600කට පෙර පෘතුග්‍රීසින් විසින් ගාල්ල අවට ප්‍රදේශවලට රේනද නිර්මාණ කලාව හදුන්වා දී ඇත. එහිදී ගාලූ වරාය මූලික කරගෙන ලොව නන්දෙසට බීරළු රේන්ද සැපයු ප්‍රදාන වෙළඳ ම්‍යස්ථානයක් ලෙස ලංකාව කීර්තියක් අත්පත් කරගෙන තිබූ බව සඳහන්වේ.

    
        එහෙත් මෙය මෑත යුගයේ බොහෝ දුරට සංචාරක කර්මාන්තය මත යැපෙන හස්ත කර්මාන්තයකි. පසුගිය කාලයේ සංචාරක කර්මාන්තය වැටී තිබුණා වු අභාග්‍යමත් තත්ත්වය හමුවි දී ද, මෙම කර්මාන්තය පණ අදිමින් හෝ රැකුණේ කුඩා පරිමාණයේ පුද්ගලික අංශයේ දායකත්වයෙනි. එය බොහෝ විට දශක ගණනාවක් කර්මාන්තය හා ඔවුන් අතර තිබූ බැඳීෙමි සහජීවනය වෙන්නට ඇත.
රේන්ද මෝස්තර ප්‍රස්ථාර කොලයක ඇඳ    මෙය රූපරේඛාවන්- ටර්චය යන යෙදුමෙන් නිර්මාණයේ සඳහන්කර ඇත.    කාඩ්බෝඩි පටියක සලකුණු කර වියුම හැසිරවිය යුතු ආකාරය අධ්‍යයනය කර ඒ සඳහා ඇල්පෙනෙති යොදා සකසන එස්බීසලය (අච්චුව හෙවත් ස්ටෙන්සිලය)  බීරළු කලාවි උසස් නිර්මාණාත්මක තත්වය මොනවාට පැහැදිලි කරයි. එය සියවස් ගනනාවක් නම රැන්දු ගාලූ රේන්ද - කලාව සුරකිනු ඇත. නුතන ලෝකයේ පරිසරය රකින මත ප්‍රවණතා වලින් මෙවන් පරිසර හිතකාමී - කර්මාන්ත ආර්ථීක වාසි අත්පත් කරගෙන ඉදිරියට පියමනිනු ඇත.


බීරළු රේන්ද කර්මාන්තයෙහි තාක‍ෂණය හා ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සඳහා මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය මගින් කටයුතු කර ඇත. එහි ප්‍රථම අදියර ලෙස මිරිස්ස ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බීරළු කර්මාන්තය වැඩි දියුණු කිරීම සඳහා දින 05 ක තාක‍ෂණික හා කළමණාකරන පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. එයින් කර්මාන්තය සඳහා නව නිර්මාණ, නව යෝග්‍ය තාක‍ෂණය, වෙළඳපොල පිවිසුම් පිළිබඳව පුහුණුවු හා අධ්‍යයනය සිදුකෙරිණි.
     මාතර දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ගරු සභාපති රාජා හේවාබෝවල මහතාගේ හා ගරු ලේකම් මෙත්තානන්ද විදානගමාච්චි මහතාගේ මග පෙන්විම මත මෙය ක්‍රියාත්මක කරන ලදි. මෙම කටයුතු සඳහා වාණිජ මණ්ඩලය සමග අන්තර් ජාතික මුල්‍ය සංස්ථාව හා හෙල්ප්-එජ් ආයතනය සමග අත්වැල් බැඳගනිමින් කටයුතු කරයි. මෙහි අතුරුඵල ලෙස නව පරපුර සඳහා බිරළු රේන්ද හදුන්වා දි ප්‍රචලිත කිරීම, සංචාරක කර්මාන්තය සමගාමිය ප්‍රචාරන කටයුතු කිරිමත්, බීරළු රේන්ද සඳහා නව සම්පත් මධ්‍යස්ථානයක් ඇති කිරීම සඳහා ඉඩකඩ වෙන් කිරිමට අවස්ථාව උදාවනු ඇත.

0 අදහස් දක්වන්න....:

Post a Comment