ඈතාමළ ඈල්ල - සිරි විසිතුරු

    

                                      මාතර දිස්ත්‍රීක්කය කියන්නේ  හැම අතින්ම සුන්දරත්වයෙන් අනූන ප්‍රෙදේශයකටනේ ටිකක් ඈවිදලා බෑලුවොත් පරිසරයේ සුන්දර බව චමත්කාරය අපූරුවට අදුන ගන්න පුළුවන්  මේ කියන්න හදන්නේ ඒ තරම්ම ප්‍රසිද්ධ නොවෙච්ච තාමත් හුග දෙනෙක්ගේ නෙත් නොගෑටිච්ච මනස්කාන්ත දිය ඈල්ලක් ගෑන තමයි. ඒ හින්දම  වගේ තවමත් මේ ස්තානයේ ස්වභාවික පරිසරයට මිනිසාගෙනුත් ලොකු බලපෑමක් සිදු වෙලා නෑ. ඈතා මළ ඈල්ල කියන නමින් තමයි මේ සුන්දර දිය ඈල්ල හදුන්වන්නේ. අකුරෑස්ස දෙනියාය මාරගයේ දෙනියාය පෑත්තට ගමන් කරලා පිටබෑද්දර නගරය පහු කරලා ටිකක් 4 km  දුරක් යන විට  හමුවෙන නිල් ඈල්ල වතු යාය ගාවින් දකුණට හෑරිලා පටු අතුරු පාර දිගේ 3 km විතර ගියාම මේ ස්තානයට යන්න පුලුවන්. ඒ හරියේ ගමට කියන්නේ පහුරුතොට කියලා  මේ දිය ඇල්ල බලන්න තව පාරක් තමයි පිටබැද්දර හරහා සියඹලාගොඩට ආවහම  සියඹලාගොඩ කඩපලට අසලින් වමට හැරිලා ටික දුරක් යන්න ඕනේ නිල් ඇල්ල  වතු යාය අසලින් ගියොත් ආසන්නයටම වාහනයකින් ගමන් කිරීමේ හෑකියාවත් තියෙනවා. මේ ස්තානය සම්බන්දව මගේ නම් බොහොම සුන්දර මතකයක් තියෙන්නේ.          
                             
 මම නම් මුලින්ම මේ ස්තානය බලන්න ගියේ පාසල් යන කාලයේ මගේ යාලුවෝ ටිකක් එක්ක. කොහොම හරි හිතට අල්ලලා ගියපු නිසා ඊට පස්සේ කීප අවස්තාවක්ම බලන්න ගියා. ඉස්සර මේ දිය ඈල්ල ආශ්‍රිතව කුඩා විදුලි බලාගාරයකුත් දකින්න පුලුවන් උනා. ඒ අවට ප්‍රදේශයට විදුලිය සෑපයුනෙත් මේ මගින්මයි. කොහොම උනත්  2003 අවුරුද්දේ ඈති වෙච්ච මහා ගං වතුරෙන් පසුව නම් මේ බලාගාරය තිබුන ස්තානයවත් හොයාගන්න ලෑබුනේ නෑ. ගම් වාසින් නම් කිව්වේ ඒ අවස්තාවේ ඈතා මළ ඈල්ලේ ජල මට්ටම සම උනා කියලා. ඒ අවස්තාවෙදි නම් ජීවිත කිපයකුත් ජල රකුසා පෑහෑරගෙන ගිහින් තියෙනවා. 
                                  නම හෑදුනු  විදිය මෙහෙමයි  ජනප්‍රවාදයේ සඳහන් විදියට ඉස්සර මේ ඈල්ලට ඉහලින් පිහිටලා තියෙන්නේ විශාල වනාන්තරයක්ලු. මෙකේ හිටපු හස්ති රාජයෙක් මේ ඈල්ලේ ඉහල කොටසෙන් ලිස්සලා පහලට වෑටිලා එම ස්තානයේදිම මිය ගිහින් තියෙනවා .අන්න ඒ නිසා තමයි ඈතා මළ ඈල්ල කියන නම වෑටිලා තියෙන්නේ. ලස්සන උනාට දිය නෑමට නම් සුදුසු තෑනක් නොවෙයි මෙතන. ඒක නිසා බලන්න ගියාට පරිස්සමින් සිංහරාජ අඩවියේ පහස ලබමින්  ප්‍රෙදේශයට මහගු සම්පතක්  වන නිල් වලා ගං කුමරියගෙන් තමයි මේ ඇතා මල ඇල්ල පෝෂණය වෙයි.

0 අදහස් දක්වන්න....:

Post a Comment