බලාපොරොත්තුව.... අලුත් අම්මා ලගදි එනවා ....


           



                        අලුත්  අම්මා ලගදි එනවා........

                        සුපුරුදු පරිදි  උඩින් පල්ලෙන් ලංකාදීප පත්තරේ අදත් බැලුවහම (2014-01-09)  දුෂණ වංචා මිණි මැරුම්, දේශපාලන, යෝජනා චෝදනා,  දැන්වීම් අතරේ,  පුංචි පැටව් ලියන  ළපටි කියන කොටසේ (මාතර අතිරේකයේ තිබුණා) මේ වගේ පද ගැලපුමක්  අහම්බෙන් හමු උනාම මාතෘකාව දැකපු ගමන් පොඩ්ඩක් කියවලා බැළුවා.....  අලුත් අම්මා ළගදි එනවා  මේ අදහස ලියලා තියෙන්නේ  සදීප දේශාන් කියන දරුවෙක් 4 ශ්‍රේණියේ මෙය විල්පිට මහා විද්‍යාලය විය යුතයි කියලා හිතුනේ විල්පි කියලා ගමක් මාතර දිස්ත්‍රික්කයේ නැති නිසා....   
                                  කොහොම උනත් හතර (4) ශ්‍රේණියේ කියන්නේ වයස අවුරුදු නවයයි. ඇත්තටම මේ දරුවානම් මේ සටහන ලිව්වේ මට හිතුනේ  ඔහු මෙනතරම් නිර්මාණාත්මකද මෙය තමන්ට සිදුවු සිදුවීමක් හැරෙන්නට මේ වයසේ දරුවකුට වෙනත් කෙනෙකුගේ අද්දැකීමක් අනුභුතිය කරගන්න බෑ...... අත්තම්මා සහ තාත්තා තමන්ගේ මව ගැන කියන අදහසත් යහළුවන්ට තමන් රිදවන්න එපා යැයි පවසන්නේ                         තාත්තා තමන්ට අම්මා කෙනෙකු ගෙනත් දෙන බව සඳහන් කරමිණි. මෙය සානු කම්පිත අදහසකි තාත්තා පවසන අලුත ගේන අම්මා කුඩම්මාය   කුඩම්මාලඟ අම්මාගේ සෙනෙහස නැත එය මේ දරුවාට නෙදැනෙයි. එහෙත් දරුවාට දැනෙන සමාජ කොන්වීම තුල ඔහුගේ එකම සිහිනය තාත්තා අලුත ගේන අම්මාය. 

0 අදහස් දක්වන්න....:

Post a Comment