ජංගම දුරකතනයට පැමිණෙන වෛරස්...

     
  ඔබ දුරකතනයක් භාවිතා කරනවා නේද ? සමහර විට ඔබ වැඩි පහසුව සඳහා ජංගම දුරකතන එකකට වඩා පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්  ටිකක් සිතන්න දුරකතනය ඇත්තේ ඔබේ පහසුවට ද?  එහෙම නැත්නම් ඔබව අමතන කෙනාගේ පහසුවටද?  ඔබ ගේ ජංගම දුරකතනය හෝ නිවසේ දුරකථනය නාද වන විට ඔබ දිව යන ආකාරය ගැන මදක් සිතන්න,  අප දිවයන්නේ ගින්නක් මැඩලීමට ගිනි නිවන හමුදාව දුවයන වේගයෙන් නොවේද? අප දුරකතනය ඔසවන්නේ ඇමතුම ලබන අප ඇමතුම ලබා දෙන්නන්ගෙන් යැපෙන අය ලෙසිනි.  ඒ ගැන ඔබ සිතා, ඇද්ද?  

           පවුලේ සියළු දෙනා සිටින රාත්‍රි කෑම ගන්නා අවස්ථාවල ඔබට එන ඇමතුම් වලට සවන් දීමට යාමේ දී පවුලේ සුහද හමුවලින් ඔබ ඇත් වී ඇති නේද?  අප පාඩම් කරන අවස්ථා වන්හි,  නිවසේ අවශ්‍යම වැඩක නිරතව සිටින විට හදිසි දුරකතන ඇමතුම් නිසා අපගේ පූර්ණ අවදානය ඉන් බැහැරව යනවා නේද ?  ඔබ නිදන අවස්ථා වේදි ඔ‍බගේ ජංගම දුරකතනය සක්‍රීයව  තියන කෙනෙක්ද,  බලන්න ඔබ තද නින්දේ සිටින අවස්ථාවලදී  දුරකතනය නාද වු අවස්ථා වලදි ඔබ තිගැස්සී අවදි උනද?  එහිදි ඔබගේ සුව නින්දට බාධා වුවා පමණක් නොව ඔබගේ ශරීරයට සහ ඔබගේ මනසටද එය අයහපත්  බව ඔබ දන්නවාද ? ඔබ තිගැස්සී              

         අවධිවන අවස්ථා වලදී  සිටින්නේ තද නින්දක නම් ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වන්නේ ඔබගේ යටි සිතයි,  තිගැස්සී  අවදිවීම තුල හෘද ස්පන්දනය වැඩිවෙයි,  එහිදි  ඔබ නිරත වු සුව නින්ද ක්ෂණිකව ඔබගෙන් ඉවත් වී  පියවී සිහියට පැමිණෙයි.  ඇතුවත් බැරී නැතුවත් බැරී  මේ අපූරු මෙවලම ඔබට ගෙණෙන වාසී වගේම ඔබට හානි දායක අවස්ථාවන්ද ඇති බව නිකමටවත් ඔබට සිති තියනවාද?   

0 අදහස් දක්වන්න....:

Post a Comment