මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ .

මාතර නගරයට පැමිණෙන සැම බෞද්ධයෙකුගේම වන්දනාවට පාත්‍ර වන මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ දකුණු ලකටම ආශිර්වාදයකි.

සුන්දර පිටබැද්දර

පිටබැද්දර නම් ප්‍රදේශය මනස්කාන්ත පරිසරයක් හිමිය..

‘‘හදි හූනියම්, වශී ගුරුකම්, යන්ත‍ර මන්ත‍ර

‘‘හදි හූනියම්, වශී ගුරුකම්, යන්ත‍ර මන්ත‍ර තවත් පිරිසකගේ ඇදහිළි හා විස්වාසයන්.

සිංහරාජය... එදා “සිංහරජදහන” - අද ලෝක උරුමය .

ශී‍්‍ර ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජ වනපෙත වර්තමාන ලෝක උරුමයකි. එය ශී‍්‍ර ලංකාවේ ඇති එකම ස්වාභාවික ලෝක උරුමයද වෙයි. ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රකයන්හි පිහිටා ඇත. . .

ශාරුක් ඛාන් වේටර් කෙනෙක්ලු... ඇත්ත ද..?....

You can if you think you can ඔබට හැකි යැයි ඔබ සිත්න්නේ නම් ඔබට හැක

රොටුඹ - පෙත්මග රජ මහ විහාරය


 මොරවක් කෝරලයේ ඌරුබොක්ක පස්ගොඩ ප‍්‍රධාන මාර්ගයේ රමණීය  බිම් කඩක ඉපැරණි පෙත්මග රජ මහා විහාරය ඉදිකොට තිබේ.     විහාර භූමිය මං පෙත්වලින් වට වී පිහිටා ඇති නිසා ම එය පුරාණයේ සිට ම ව්‍යවහාරයට පැමිණ ඇත්තේ පෙත්මග රජ මහා විහාරය ලෙසින්ය. බොදු ජනතාවගේ වන්දනීය පුද බිමක් වන පෙත්මග රජ මහා විහාරයට ශතවර්ෂ ගණනාවක් දුරට ගමන් කරනා අලිඛිත ඉතිහාසයක් තිබේ. 
                      ලිඛිත සාක්‍ෂි නැතත් මෙම විහාරයෙහි ආරම්භය පොළොන්නරු යුගයේ මහා වික‍්‍රමබාහු රාජ්‍ය කාලය තුළ දී සිදුවන්නට ඇති බවට පරම්පරාවෙන් පරම්පරාවට එන විශ්වාසයක් ජනතාව අතර පවතී. විහාර භූමිය සීමාවේ බුදාවලනිමින් හැඳින්වෙන සශ‍්‍රීක කුඹුරු යායක් වෙයි. එය පන්සලට ප්‍රෙව්ණි ඇති කුඹුරකි. රොටුඹ නමින් වූ ප‍්‍රදේශ ග‍්‍රාම නාමවත් වී ඇත්තේ එහි රොන් මඩ පිරීම නිසා යයි අදහසක් වෙයි. එලෙස රොන් මඩ පිරී පසු කාලයේ කුඹුරක් බවට පත් වී ඇත්තේ මෙහි මුල් ම විහාරය පිහිටි ස්ථානය බවට විශ්වාස කෙරේ.
පෙත්මග රජ මහා විහාරස්ථානයේ බෝධීන් වහස්සේ දෙනමක් වෙති. මෙම පුදබිමෙහි පැරණිත ම විහාරංගය වන්නේ ඉන් එක් බෝධියකි. එහි ඉතිහාසය පැවසීමට කිසිවෙකුත් නොදනිති. ඇතැම්විට එය මුල් ම විහාරය සතුව පැවති බෝධිය ලෙසටද විශ්වාසයක් පවතී.

පෙත්මග රජ මහා විහාරයේ දැන් පවතින සියලූ ඉදි කිරීම් යළි සිදුකොට ඇත්තේ 1735 දී ය. ඒ මෙරට බුදු දහම පිරිහී කිබූ අවධියකි. නමුත් උපසම්පදාව පිහිටුවීමත් සමග යළි භික්‍ෂු සමාජය, ප‍්‍රතිස්ථාපනය වීමත් සමඟ මෙම විහාරය අද පවතින ස්වරූපයෙන් ඉදි කොට තිබේ.
පෙත්මග විහාරයේ ඇති ඉපැරණි විහාරාංග සියල්ලක්ම පාහේ නුවර යුගයේ කලා අනන්‍යතා ප‍්‍රකට කරවති. පුළුල් මැටි බිත්තිවලින් ඉදි කොට ඇති විහාර මන්දිරයකි. බුදු පිළිම වහන්සේට අමතරව ඉපැරණි සිතුවම් රුසක් ද වෙයි. ශ‍්‍රාවක සිතුවම් මෙන් ම විෂ්ණු කතරගම දෙවිවරුන්ගේ රූප ද මෙහි තිබේ. විහාරයෙහි ඇතුල සහ මැද මාලයේ ඇඳි සිතුවම් මඟින් බුද්ධ චරිතයේ අවස්ථා, ජාතක කතා, චරිත ආදිය වෙසෙසින් නිර්මාණය කර තිබේ.මෙහි රෝපිත දෙවැනි බෝධීන් වහන්සේ ශ‍්‍රී මහා බෝධියේ අංකුරයකින් රෝපණය වූවකි. මීට අවුරුදු සියයකට පෙරාතුව එය රෝපණය කොට තිබේ.

පුස් කොළ පොතක ලියන ලද පන්සිය පනස් ජාතක පොතක් සහිත ඥාන කෝෂ්ටාගාරයක් ද මෙහි වෙයි.
                   නුවර රාජධානියට එල්ල වූ සතුරු උවදුරු නිසා දළදා වහන්සේ ආරක්‍ෂාව පිණිස මෙම ප‍්‍රදේශය ද පසු කරමින් කොළවෙනිගමට වැඩම කොට ඇත. එය සිහිවීම පිණිස පෙත්මග රජ මහා විහාරය ඇසළ පොහොය කේන්‍ද්‍ර කොට ගෙන දළදා පෙරහරක් ද පවත් වනු ලබයි. දින දහයක් තිස්සේම පවත්වනු ලබන මෙම ඇසළ පෙරහරට ආදර්ශය වී ඇත්තේ මහනුවර දළදා පෙරහරයි. සියලූ ම තේවාවන්, පුද සිරිත් ද ඒ අනුවම සිදු කරයි.
ඓයිතිහාසික උරුමය ද වර්තමානයේ භාර ගෙන සිටින පෙත්මග රජ මහා විහාරය අපේ උරුමයක් වන්නේ එලෙසින් ය.

      


කොහොමද කකුල් ඇති ඇත්තන් නිදි යන්නේ......

                                         මෙම සිද්ධිය අනුවණ සැදැහැවතෙකුගේ චරිතය නිරූපණය කරමින් සාගර පළන්සූරිය කවියා විසින් ඉදිරිපත් කෙරුනකි. ආගම දහම වෙනුවට සමහර මිනිසුන්ගේ මෝඩ විශ්වාසයන්ට උපහාසාත්මකව මෙම කවි පෙළ ඉදිරි පත් කර ඇත. මෙය කියවන විට ඔබ සිත තුල ඇතිවන සානුකම්පිත හැගීම විමසා බලන්න.


ශ්‍රද්ධාව  - සාගර පලන්සූරිය (කේයස්)    

බාරොන් උපාසක රාළගේ සැදැහැ          ගු‍‍ණේ
ඉරියව් වලින් කාටත් පැහැදිළිව            පෙණේ
ගරුසරු කරණ ඔහු හැම අකුරටම          බණේ
වන්දනා වෙනුයි හොදටම මහළු             උණේ

අනුරාපුර පොළොන්නරු සමනළ           කන්ද
මහායංගන කැළණි විසිතිස් වර               වැන්ද
මිනිහට සැදැහැ ගුණයෙහි අම රස            වින්ද
සමවන කෙනෙකු ඇතිවී  වීමට           පුළුවන්ද

හැම වෙහෙරකම නම කට පාඩාමට          දනී
ඔහු සිත ඒවායේ සිතියම් පොතක            වැනි
සමහර විටක ඒ තැන් සිහිනයට              පෙනී
නින්දෙන් පවා බාරා බිම දෙදන                අනී

කිරි බැබළෙන හදේ පසළොස්වක          දිනක
බණ දේශනාවෙන් පසු මැදියම්               රැයක
බාරොන් උපාසක තැන දිග                 මාගලක
නිදාගන්ට සැරසුනි බණ ගෙයි             කොනක

උතුරට පා යොමාලා එහි නිදි ගත්             ඔහුට
යොමුවිය රුවන් වැලි මහ දාගැබ             සිතට
හරි පාපයක් නෙවැ පා හරවනු                 එයට
සලකා ගෙන සැදැහැවත් බරා                 නැගිට

වු දෙය ගැන සමා යැද තෙවාටක්           නැමද
දකුණට දෙපා දාගහැර සැරසුනි              යගිද
තිස්ස මහ වෙහෙර ඒ පැත්තෙන්       නෙවෙද
සිතමින් නැගිට සිටියා සිහි කර                වරද

ඇයි මට මගේ දෙපා බස්නාහිරට             දමා
නිදා ගන්න බැරිවුන එක වරද                 තමා
සිතමින් සැදැහැ වත් බරා උවසු              තුමා
මේ වර හරි ගැසුනි සි පෙර දිගට          යොමා

මොහොතයි ගත වුණේ කැළණිය සිහි    වුයේ
බාරා කෙළින් සිටියා පැදුරේම               ආයේ
දාපෙති  පිළිම නිමනැත මෙ ගරු            සෑයේ
මගේ පා එදෙස හැරවුම වරදයි              කීයේ

යළි ඔහු මදක් කල් නුවනින්  සලක         මිනි
නැගෙන හිරට පාදෙක ලා ගෙන          වැටිනී
මහියංගන වෙහෙර බුදු කෙනෙකුට     දෙවැනි
ඒ දෙස බව ඔහුගේ හොද සිහියට         නැගුනී

අපොයි හරිම පව් මෙ කල දෙය           මොකද
පලමුව තැනු වෙහෙර මහියංගන       නොවෙද
කියමින් දෙපා අහසට හරවා                   යලිද
නිදා ගන්ට සැරසුනි මාගල                     වැලද

සිළුමිණ සැය සහ සිළුමිණ සැයව            ඇති
අහසට දෙපා හැරවුම නම් සුදුසු             නැති
කියිමින් කෙලින් සිට රැ ගත කරනු         සිතී
නැගිටපි අවසාන වු පසු පහසු                පැති

ඩැහැගත් කලක මෙන් විසකුරු සපකු          විසින්
ඔහු උඩ පැනපි වගුරුණි දළ කදුළු              ඇසින්
පෙනුනා ඔහුට නා ලොව සැ පොලොව      දෙසින්
දෝ තෙතෙහි පා තබා ගති පිස්සෙක ගෙ   වෙසින්      

එලිවන තුරා මිනිහා මෙහෙමෙයි            උන්නේ
නෙදනී කොහාටද පාදෙක හර                 වන්නේ
කොහොමද කකුල් ඇති ඇත්තන් නිදි       යන්නේ
සැදැහැවත් හෙයින් තව නැත වැට          හෙන්නේ

       රත්නපුර කළල්ඇල්ලේ කොස්සින්න ගමෙහි පලන්සූරිය මොහොට්ටාලලාගේ ගොරකහාමි මහතාණන්ට දා ව හේනක ආරච්චිලාගේ යසෝහාමි මාතාවගේ කුසින් 1908 මාර්තු 11 වැනිදා උපන් පලන්සූරිය ‍මොහොට්ටාල්ලාගේ ඩිංගිරි මහත්තයා පසුව වඩාත් ප්‍රකට වූයේ ඔහු පැවිදි කල භාවිත කළ   'කළල්ඇල්ලේ ආනන්ද සාගර 'නාමයේ මුල'කුරු වන කේ.ඒ.එස් ඇසුරෙන් උපදවාගන්නා ලද   'කේයස් ' යන අන්වර්ථ නාමයෙනි.කුඩා පලන්සූරිය සිය පුංචි මිතුරන් සමඟ ගමේ ඇවිදිමින් කෙළිදෙළෙන් ගත කළ කාලය පිළිබඳ සැමරුම් වැඩිහිටියකු වූ පසු ද ඔහු හැරගියේ නැති සැටි ඔහුගේ  'කණ උන්දෑ' , 'මා උපන් ගම ' වැනි පද්‍ය විමසන කල පැහැදිලි වේ.

  කේයස් යන නම වඩාත් ප්‍රකටව ගියේ ' ටෙනිසන් ' නම් ඉංග්‍රීසි කවියාගේ 'ඊනොක් ආඩ්න්කාව්‍යය ඇසුරෙන් ඔහු ලියු ' සුදෝසුදු ' කවි කතාවත් සමඟිනි. 'කාලකණ්ණියා' , 'කැලණි විත්ති' , 'ගොවි පෙරමුණ' , 'විසිවුණු තරු' , ‍'මල් හාමියනාදි කෘති ද පුවත්පත් සඟරාදියෙහි පළ වුණූ 'ධීවරී ගීතය' , 'තැවුල් ඉගිළෙන සිහින',  'දෙවියන් නැති දෙවොලයනාදි පද්‍ය පන්ති ද කේයස් ගේ නිර්මාණ අතරින් බෙහෙවින් ම ජනප්‍රිය වී ය.

                  ඔහුගේ පද්‍ය නිර්මාණ බෙහෙවින් සරල බසින් යුතු වූයේ ය. ගැමි මුවට හුරු ඔහුගේ උපමානෝපමේයයන්ගෙන් යුතු මේ නිර්මාණ කේයස් ජීවමානව සිටියදී ම ජනකාව්‍ය තත්ත්වයෙන් ප්‍රචලිත විය. කේයස්ගේ විමර්ශනාක්ෂීයට රජවරුන් , තවුසන් , උපාසකයන් , මහල්ලන් , ගොවියන් , ධීවරයන් , කම්කරුවන් , ආදී විවිධ මාදිලියේ චරිත හසු වී ඇති අයුරු ඔහුගේ නිර්මාණ සමුදාය විමසන කල දැක්ක හැකිය.
               
උපැවිදි වීමෙන් අනතුරු ' සාගර පලන්සූරිය ' නමින් ප්‍රකට වූ හෙතෙම කලක් හොරණ ආසනයේ මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය. ඉනික්බිති විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශයෙහි සංවිධායක වශයෙන් කටයුතු කරමින් සිටියදී රෝගාතුර වූ සාගර පලන්සූරිය හෙවත් කේයස් කවියාණෝ 1961 ජූනි 21 වැනි දා මෙලොව හැර ගියහ.

සාගර පලන්සූරිය මහතා ගැන මේ විස්තර මට හමු උනේ.... කවි මුතු මල් 

සුන්දර පිටබැද්දර ...

                            මාතර දිස්ත්‍රීක්කයේ  දෙනියාය මැතිවරණ කොට්ඨාශයේ  සුන්දරත්වයෙන් අනූනවු බටහිර මොරවක් කෝරලේ දකුණු ප්‍රදේශයේ පිහිටා  ඇති  පිටබැද්දර නම් ප්‍රදේශය මනස්කාන්ත පරිසරයක් හිමිය. ගාල්ල දෙනියාය මාර්ගයේ අකුරැස්සට පැමිණ එතැන් සිට කිලෝ මීටර  15 ක් පැමිණි විට පිටබැද්දර නගරය හමුවේ.  පිටබැද්දර  ප්‍රාදේ ශීය ලේකම්  කොට්ඨාශය වර්ග කි මී .  141.6 පමණ විශාලත්වයකින්   යුක්තය.

මාතර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 16 යෙන් එකකි.  මෙහි වසන ජන සංඛාව 53247කි. 
(2008- ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුව)


වාර්ශික මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27.2 කි. වර්ෂයේ ඉහල උෂ්ණත්වයක් ඇති මාස මාර්තු සහ අප්‍රේල් වන අතර අවම උෂ්ණත්වය දෙසැම්බර්  ජනවාරි වෙයි. මධ්‍ය වර්ෂාපතනය මිලි ලිටර් 2775.3 පමණවේ. (ගාල්ල මධ්‍යස්ථානය)
 (ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සිතියම)
මෙම කොට්ඨාශයට අදාලව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයක් 1989 වර්ෂයේ  ආරම්භ කරන ලද අතර 1998 මාර්තු 31 එය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයක් බවට පත්විය.  පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශය 1989 වසර වන තෙක්ම බටහිර මොරවක් කෝරලයේ කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ව පැවතුනි. 1989.9.29. දින සිට කොටපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් උප කාර්යාලයක් ලෙස වැඩබලන උප දිසාපති වරයෙකු යටතේ  පිටබැද්දර පිහිටවන ලදී. ඉන් පසුව එය පිටබැද්දර ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ලෙස උසස් කරන ලද්දේ 1998.04.01. දිනය.වර්ග කි:මි:141.6 ක පමන විශාලත්වයකින් යුතු මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ආරම්භයේදී ග්‍රාම නිළධාරි වසම් 14 කින් යුක්ත වූ අතර පසුව එය 40 දක්වා වැඩි කෙරිණ.දැනට මෙම ග්‍රාම නිළධාරි වසම් 40 සමෘද්ධි කලාප තුනක් ලෙස බෙදා වෙන්කර ඇත.
ජනප්‍රවාද වලට අනුව පිටබැද්දර නගරය පිහිටි ප්‍රදේශය පෙර හදුන්වා ඇත්තේ මුරුක්කන්දොල හේන නමිනි. එකල එම ප්‍රදේශය ජනාවාසව පැවතී නැති අතර එහි පැවතුන ලදු කැලෑවට බැද්ද ලෙස භාවිතා කර පසුකාලීනව පිටබැද්දර ලෙස ව්‍යවහාරයට පත්ව ඇත.
පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, උතුරින් හා බටහිරින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ,නැගෙනහිරින් කොටපොල හා පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින්ද ,දකුණින් අතුරලිය, අකුරැස්ස සහ මුලටියන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් ද මායිම් වේ. මුලටියන රක්ෂිතයේ කොටසක්ද මෙම කොට්ඨාශයට අයත් වේ.
භූවිෂමතාවය අනුව  මෙම කොට්ඨාශය තුල මුහුදු මට්ටමේ සිට අ ඩි 25-1500 දක්වා වන කදු ගැට සහිත භූමියක් දක්නට ඇත. ප්‍රදේශයේ දකුණු කොටසේ සිට උතුරු දිශාව දක්වා ක්‍රමයෙන් උස් වී යන භූමියකින් යුක්ත වේ. කොට්ඨාශය හරහා ගලා බසින ප්‍රධාන ගඟ වන නිල්වලා ගඟට ඌරුබොක්ක ගඟ සහ හුලංදා ඇල කොට්ඨාශ සීමාවේ දීම සම්බන්ධ වේ.මෙම කොට්ඨාශයේ කදු ආශ්‍රිත උස් බිම් වල තේ වගා කර ඇත.එය කොට්ඨාශයේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය වේ.එයට අමතරව කුරුදු වගාවද, වී වගා කරන තැනිතලා ප්‍රදේශද පිහිටා ඇත.ප්‍රදේශයේ දකුණේ සිට උතුරට දිවෙන ගාල්ල දෙනියාය (A-17) ප්‍රධාන මාර්ගය සහ අකුරැස්ස සිට සියඹලාගොඩ හරහා පස්ගොඩ දක්වා දිවෙන මාර්ග ප්‍රධාන මංමාවත් වේ.දුෂ්කර අතුරු මාර්ග වල තවමත් ගමනාගමන අපහසුතා මෙන්ම ප්‍රවාහන අපහසුතා දැඩිව බලපායි.ප්‍රදේශවාසීන්ගේ එදිනෙදා අවශ්‍යතා පිටබැද්දර හා මොරවක නගර වලින් සපුරා ගනී.


  මිහිකතේ සුකුමාල බව පෙන්වමින් සිංහරාජ අඩවියේ  පහස ලබමින් ගලායන් නිල්වලා ගං කුමරියද සතු සෝබමාන ලීලාව ප්‍රෙද්ශයේ අලංකාරයට දිය ඇලි කිහිපයක්ද එක්කර ඇත.


 ‍ඓතිහාසික වැදගත් කම් ගණනාවකි එහිදි එළමල්දෙණිය රජමහා විහාරය ප්‍රධාන වෙයි.  පිටබැද්දර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වටිනා ස්ථාන අතර අතු ඇල පාලමට හිමිවන්නේ වැදගත් තැනකි. 
ආර්ථික බෝගයන් ලෙස ප්‍රධාන වශයෙන් තේ වගාව සහ වී ගොවිතැන, ද  කටුපොල් (farm Oil), රබර්, කුරුදු, සහ අනිකුත් ආර්ථික බෝග සුළු වශයෙන් වගා කරනු ලබයි. 


 
ග්‍රාම නිළධාරී වසම් 40 කින්   සමන්විතය.
1.    අඹේවෙල
2.    කළුබෝවිටියන
3.    ගලබඩ
4.    දංගල බටහිර
5.     දංගල නැගෙනහිර
6.    බානගල නැගෙනහිර
7.   ඊදඩුකිත නැගෙනහිර
8.    ඊදඩුකිත බටහිර
9.   අලපලාදෙණිය උතුර
10.      අලපලාදෙණිය දකුණ
11.      බානගල බටහිර
12.      කොඩිකාරගොඩ බටහිර
13.      කොඩිකාරගොඩ නැගෙනහිර
14.      තලපෛකුඹුර උතුර
15.      තලපෛකුඹුර
16.      තලපෙකුඹුර දකුණ
17.      වැලිව
18.      රඹුකන නැගෙනහිර
19.      රඹුකන බටහිර
20.      අළුවන
21.      කොස්නිල්ගොඩ
22.       කුඩගලහේන
23.      දෑරංගල
24.      ගොරකවෙල
25.      පරදුපල්ල
26.      තැන්නහෙන
27.      දංකොළුව
28.      මහපොතුවිල
29.      සියඹලාගොඩ නැගෙනහිර
30.      සියඹලාගොඩ බටහිර
31.      වනසිංහ කන්ද
32.      දියදාව
33.      පිටබැද්දර
34.      කදුරුවාන
35.      දෙහිගස්ප
36.      වතුරකුඹුර
37.      කොටගල
38.      ඉහලඅයිනගම
39.      එළමල්දෙණි
40.      පුවක්බඩඕවිට

Pitabeddara Divisional Secretariat is a Divisional Secretariat of Matara District, of Southern Province, Sri Lanka. There are many location are can visit people. Also this area have important   place 
Pitabeddara DS Division has 40 Grama Niladhari (GN) divisions, the lowest unit in the administrative structure of the country.
One of local government units in the Pitabeddara DS Division Pradeshiya Sabhas 
North : Kotapola DS Division
East : Pasgoda DS Division
South : Aathuraliya DS Division

West : Akuressa DS Division / Gall District