මොරවක් කෝරලයේ පනාකඩුව
ගම්මානයට ඉතිහාසය විසින් වටිනාකමක් එක්කල 1948 පෙබරවාරි මාසයේ දිනයක් විය. කෘෂිකර්මාන්තය මත පදනම්වු
ජීවන රටාවක් ප්‍රදේශයතුල පවතී. පනාකඩුව බෝගහදෙණියේ පිහිටි කුඹුරේ ඇළවේලි සකස්
කිරීම සදහා ගොවියෝ පිටත් වුහ.
"කුඹුරට වතුර හරවන් ඕන හින්දා නියර උදැල්ලෙන් කැපුවා. කපල ඉවර වෙලා ඉහලින් තිබුනු කණ්ඩියෙන් තණ පිඩලි දෙකක් කපල එතනට දාන්න හැදුවා. ගහපු උදළු පාරට යමක් උදැල්ලෙ ගැටුණා දැනුනා. ඊට පස්සේ අරගෙන බලන කොට තඹ තහඩු තුනක් එදා මෙදා කාලය තුල පනාකඩුව ගම ඓතිහාසික ප්‍රදේශයක් විය. බොහෝ දෙනා පනාකඩුව පිළිබද සොයා බලන ලදී. ඈත අතිතයේදී වැඩිම අවධානයටකට ලක්වූ පනාකඩුව ගම්මානය ප්‍රසිද්ධියට පත්වුයේ පනාකඩුවේ තඹ සන්නස නිසාය.
අට වසරේ සිංහල පොතේ පාඩම
මතකනම් පනාකඩුවේ නම ඔබට මතක ඇති.
පනාකඩුවේ තඹ සන්නස මගින් බුදල්නාවන්ගේ පරම්පරාවෙන් පැවත එන්නන්ගෙන් දඩ අයකර නොගැනීම සිරගත නොකිරීම දේපළ රාජ සන්තක නොකිරීම, බලවත් අපරාධයක් සිදු කළද ඒ සඳහා තෙවරක්‌ම සමාව දීම ආදී බොහෝ රාජකීය වරප්‍රසාද ප්‍රදානය කොට ඇත. පනාකඩුව තඹ සන්නස නිසා රුහුණේ මොරවක් කෝරලයද සියලු දෙනාගේම අවධානයට යොමු වූහ.
"රුහුණ දඩ නායක
සිත්නරු බිම් මුදල්නාවන්
වැඩි තැන් සහ වියෙහි
වඩමින් ලොවැඩ වඩා"
සිත්නරු බිම් මුදල්නාවන්
වැඩි තැන් සහ වියෙහි
වඩමින් ලොවැඩ වඩා"
සිංහලේ ශ්‍රේෂ්ඨතම නරපතියකු වූ පළමු වැනි විජයබා රජු විසින් (1055-1110) තමන්ට උදව් උපකාර කළ සිත්නරු බිම් බුදල්නාම නම් දණ්‌ඩ නායකයාට ප්‍රදානය කරන ලද්දා වූ පනාකඩුව තඹ සන්නස මගින් රාජකීය වරප්‍රසාද පිළිබඳ කියෑවෙයි.
ඓතිහාසිකමය අගයෙන් යුතු වූ පනාකඩුව තඹ සන්නස මෙරට දී හමු වුණු පැරණිතම තඹ සන්නස ද වෙයි.
පුරා විද්‍යා චක්‍රවර්තී මහාචාර්ය කඹුරුපිටියේ වනරතන නාහිමියෝ මෙම තඹ සන්නසෙහි අප්‍රමාණ වටිනාකම ලොවට හෙළි කළේ සිංහල ඉතිහාසයේ බොහෝ සිදුවීම් සත්‍ය බව ප්‍රකට කරවමින් මෙන්ම ඊට තවත් පරිච්ඡේදයක්‌ද එක් කරමිනි.
පනාකඩුවෙන් සොයා ගන්නා ලද මෙම තඹ සන්නසට පෙර ඉතිහාසඥයින් විශ්වාස කළේ පැරැණිතම තඹ සන්නස නිශ්ශංක මල්ල රාජ සමයට අයත් බවකි. එහෙත් ඊට පෙරද තඹ සන්නස් ලියූ බව මෙමගින් තහවුරු වන්නෙමු.
දිගින් අඩියකුත් අඟල් දෙක හමාරක් ද පළල අඟල් තුනක් ද වෙයි. අඟලකින් අටෙන් එකක පමණ ගණකමක් ඇත. එම පනාකඩුව තඹ සන්නස රාත්තල් දෙකකුත් අවුන්ස දෙක හමාරක් බරය.
පනාකඩුව තඹ සන්නසෙහි පත්‍ර තුනක් වෙයි. එක් පත්‍රයක පේළි හත බැගින් ලියා ඇත. ඒ අනුව අක්‍ෂර පේළි විසි අටක් එහි වෙයි. පළමු සහ තෙවැන පත්‍ර දෙකෙහි ඇතුළු පැත්තේ ද දෙවැනි පත්‍රයෙහි දෙපැත්තේ මද වශයෙන් නම අක්‍ෂර සටහන් කොට තිබේ.
පනාකඩුව තඹ සන්නසෙහි කෙළවර හිල් දෙකක් විද ඇත. එය නූලකින් බැඳ පුස් කොළ පොතක් ලෙස පරිත්‍යාග කොට ඇති බව එමගින් සිතීමට පුළුවනි.
රුහුණේ සිටි බලසම්පන්න ජන ප්‍රධානියකු ලෙස බුද්ධරාජ හෙවත් සිත්නරුබිම් බුදල්නාවන් ඉතිහාසයට එක් වී සිටියි. අනුරාධපුර රාජධානිය බිඳ දමමින් චෝල ආක්‍රමණික රජ උරුමක්‌කාරයින් සමූල ඝාතනය කරද්දී පණ රැක ගනිමින් කීර්ති කුමාරයා ඇතුළු රජ පවුල රෝහණයට පැමිණෙයි. කීර්ති කුමරුගේ පියා වන මුගලන් රාජ්‍ය උරුමක්‌කාරයෙක් විය. රහසේ රුහුණේ මොරවක්‌කෝරලයට පලා ගිය ඔවුහු රැක බලා ගත්තේ සිත්නරුබිම් බුදල්නාවන් විසිනි.
කෑමට ගතහැකි කොළ වර්ග, පලවැල ගෙනත් දෙමින් බුදල්නාවන් විසින් මෙම රජ පවුල පෝෂණය කොට රැක බලාගත් බව පනාකඩුව තඹ සන්නසින් නොසඟවා පවසා ඇත.
මහ විජයබා නමින් රජ පැමිණි කීර්ති කුමාරයාට එම ගමන යැමට අවශ්‍ය සේනා සංවිධාන කටයුතු සිදු කරමින් කටයුතු කොට ඇත්තේ ද බුදල්නාවන් විසින්ය. මහ විජයබාවන් විසින් තමන් ඇතුළු රජ පවුලට කරන ලද එම අප්‍රමාණ සැලකිල්ල වෙනුවෙන් කෘතගුණ දැක්‌වීම පිණිස කරන ලද රාජකීය ප්‍රදානයන් පිළිබඳ වූ සන්නස අද ප්‍රකටව ඇත්තේ පනාකඩුව තඹ සන්නස ලෙසිනි.
පද්‍යයන්, ගද්‍යයන් අතර වූ චම්පු කාව්‍යමය භාෂා ශෛලියක් පනාකඩුව සන්නසට වෙයි. කඹුරුපිටියේ වනරතන මාහිමියන් එලෙස පෙළ ගස්‌වන ලද පබැඳුමක් මෙලෙස දැක්‌විය හැකිය.
මෙය මොරවක් කෝරළයට පමණක් නොව මාතර දිසාවට දකුණු ලකටම වටිනා කමකි.
0 අදහස් දක්වන්න....:
Post a Comment