මෙම සිද්ධිය අනුවණ සැදැහැවතෙකුගේ චරිතය නිරූපණය කරමින්
සාගර පළන්සූරිය කවියා විසින් ඉදිරිපත් කෙරුනකි. ආගම දහම
වෙනුවට සමහර මිනිසුන්ගේ මෝඩ විශ්වාසයන්ට උපහාසාත්මකව මෙම කවි
පෙළ ඉදිරි පත් කර ඇත. මෙය කියවන විට ඔබ සිත තුල ඇතිවන සානුකම්පිත හැගීම විමසා
බලන්න.
ශ්‍රද්ධාව - සාගර පලන්සූරිය (කේයස්)
බාරොන් උපාසක රාළගේ
සැදැහැ ගුණේ
ඉරියව් වලින් කාටත්
පැහැදිළිව පෙණේ
ගරුසරු කරණ ඔහු හැම
අකුරටම බණේ
වන්දනා වෙනුයි හොදටම
මහළු උණේ
අනුරාපුර පොළොන්නරු සමනළ කන්ද
මහායංගන කැළණි විසිතිස් වර වැන්ද
මිනිහට සැදැහැ ගුණයෙහි අම රස වින්ද
සමවන කෙනෙකු ඇතිවී
වීමට පුළුවන්ද
හැම වෙහෙරකම නම කට පාඩාමට දනී
ඔහු සිත ඒවායේ සිතියම් පොතක වැනි
සමහර විටක ඒ තැන් සිහිනයට පෙනී
නින්දෙන් පවා බාරා බිම දෙදන අනී
කිරි බැබළෙන හදේ පසළොස්වක දිනක
බණ දේශනාවෙන් පසු මැදියම් රැයක
බාරොන් උපාසක තැන දිග මාගලක
නිදාගන්ට සැරසුනි බණ ගෙයි කොනක
උතුරට පා යොමාලා එහි නිදි ගත් ඔහුට
යොමුවිය රුවන් වැලි මහ දාගැබ සිතට
හරි පාපයක් නෙවැ පා හරවනු එයට
සලකා ගෙන සැදැහැවත් බරා නැගිට
වු දෙය ගැන සමා යැද තෙවාටක් නැමද
දකුණට දෙපා දාගහැර සැරසුනි යගිද
තිස්ස මහ වෙහෙර ඒ පැත්තෙන් නෙවෙද
සිතමින් නැගිට සිටියා සිහි කර වරද
ඇයි මට මගේ දෙපා බස්නාහිරට දමා
නිදා ගන්න බැරිවුන එක වරද තමා
සිතමින් සැදැහැ වත් බරා උවසු තුමා
මේ වර හරි ගැසුනි සි පෙර දිගට යොමා
මොහොතයි ගත වුණේ කැළණිය සිහි වුයේ
බාරා කෙළින් සිටියා පැදුරේම ආයේ
දාපෙති පිළිම
නිමනැත මෙ ගරු සෑයේ
මගේ පා එදෙස හැරවුම වරදයි කීයේ
යළි ඔහු මදක් කල් නුවනින් සලක මිනි
නැගෙන හිරට පාදෙක ලා ගෙන වැටිනී
මහියංගන වෙහෙර බුදු කෙනෙකුට දෙවැනි
ඒ දෙස බව ඔහුගේ හොද සිහියට නැගුනී
අපොයි හරිම පව් මෙ කල දෙය මොකද
පලමුව තැනු වෙහෙර මහියංගන නොවෙද
කියමින් දෙපා අහසට හරවා යලිද
නිදා ගන්ට සැරසුනි මාගල වැලද
සිළුමිණ සැය සහ සිළුමිණ සැයව ඇති
අහසට දෙපා හැරවුම නම් සුදුසු නැති
කියිමින් කෙලින් සිට රැ ගත කරනු සිතී
නැගිටපි අවසාන වු පසු පහසු පැති
ඩැහැගත් කලක මෙන් විසකුරු සපකු විසින්
ඔහු උඩ පැනපි වගුරුණි දළ කදුළු ඇසින්
පෙනුනා ඔහුට නා ලොව සැ පොලොව දෙසින්
දෝ තෙතෙහි පා තබා ගති පිස්සෙක ගෙ වෙසින්
එලිවන තුරා මිනිහා මෙහෙමෙයි උන්නේ
නෙදනී කොහාටද පාදෙක හර වන්නේ
කොහොමද කකුල් ඇති ඇත්තන් නිදි යන්නේ
සැදැහැවත් හෙයින් තව නැත වැට හෙන්නේ
රත්නපුර කළල්ඇල්ලේ කොස්සින්න ගමෙහි පලන්සූරිය
මොහොට්ටාලලාගේ ගොරකහාමි මහතාණන්ට දා ව හේනක ආරච්චිලාගේ යසෝහාමි මාතාවගේ කුසින් 1908 මාර්තු 11 වැනිදා
උපන් පලන්සූරිය මොහොට්ටාල්ලාගේ ඩිංගිරි මහත්තයා පසුව වඩාත් ප්‍රකට වූයේ ඔහු
පැවිදි කල භාවිත කළ 'කළල්ඇල්ලේ ආනන්ද සාගර 'නාමයේ
මුල'කුරු වන කේ.ඒ.එස් ඇසුරෙන් උපදවාගන්නා ලද 'කේයස් ' යන
අන්වර්ථ නාමයෙනි.කුඩා පලන්සූරිය සිය පුංචි මිතුරන් සමඟ ගමේ ඇවිදිමින් කෙළිදෙළෙන්
ගත කළ කාලය පිළිබඳ සැමරුම් වැඩිහිටියකු වූ පසු ද ඔහු හැරගියේ නැති සැටි ඔහුගේ 'කණ උන්දෑ' , 'මා උපන් ගම ' වැනි පද්‍ය විමසන කල
පැහැදිලි වේ.
කේයස් යන නම වඩාත් ප්‍රකටව
ගියේ ' ටෙනිසන් ' නම් ඉංග්‍රීසි
කවියාගේ 'ඊනොක් ආඩ්න්' කාව්‍යය ඇසුරෙන් ඔහු ලියු ' සුදෝසුදු ' කවි
කතාවත් සමඟිනි. 'කාලකණ්ණියා' , 'කැලණි විත්ති' , 'ගොවි පෙරමුණ' , 'විසිවුණු තරු' , 'මල් හාමි' යනාදි කෘති ද පුවත්පත්
සඟරාදියෙහි පළ වුණූ 'ධීවරී ගීතය'
, 'තැවුල් ඉගිළෙන සිහින', 'දෙවියන්
නැති දෙවොල' යනාදි පද්‍ය පන්ති ද කේයස් ගේ නිර්මාණ අතරින් බෙහෙවින් ම
ජනප්‍රිය වී ය.
ඔහුගේ පද්‍ය නිර්මාණ
බෙහෙවින් සරල බසින් යුතු වූයේ ය. ගැමි මුවට හුරු ඔහුගේ උපමානෝපමේයයන්ගෙන් යුතු මේ
නිර්මාණ කේයස් ජීවමානව සිටියදී ම ජනකාව්‍ය තත්ත්වයෙන් ප්‍රචලිත විය. කේයස්ගේ
විමර්ශනාක්ෂීයට රජවරුන් , තවුසන් , උපාසකයන් , මහල්ලන් , ගොවියන් , ධීවරයන් , කම්කරුවන්
, ආදී විවිධ මාදිලියේ චරිත හසු වී ඇති අයුරු ඔහුගේ නිර්මාණ
සමුදාය විමසන කල දැක්ක හැකිය.
උපැවිදි වීමෙන් අනතුරු '
සාගර පලන්සූරිය ' නමින් ප්‍රකට
වූ හෙතෙම කලක් හොරණ ආසනයේ මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළේය. ඉනික්බිති විද්‍යාලංකාර
විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශයෙහි සංවිධායක වශයෙන් කටයුතු කරමින් සිටියදී රෝගාතුර
වූ සාගර පලන්සූරිය හෙවත් කේයස් කවියාණෝ 1961 ජූනි 21 වැනි දා
මෙලොව හැර ගියහ.
සාගර පලන්සූරිය මහතා ගැන මේ විස්තර මට හමු උනේ....
කවි මුතු මල්
0 අදහස් දක්වන්න....:
Post a Comment