හින්නිකිතර යමක් ඔබට පවසන්නේ සීමිත බවයි. කොළඹ සිටින්නේ නම් ඔබට එය පවසන්නේ කෙටියෙනි, නැතහොත් ස්වල්පයක් වශයෙනි. මාතරදී එය ඩිංගිත්තක් ලෙසද පැවසිය හැක. එසේම පොඩිත්තක් කියාද කීවාට මාතරදී නම් කමක් නැත.
භාෂා ව්‍යවහාරයේ තවත් වෙනස්කමක් දැකිය හැකියි.රත්ගම හා බලපිටිය ප්‍රදේශවල වහරේ අමුතු බවක් දිස්වෙනවා.ඒ අමුතු බව දිස්වෙන්නේ වචනවල නොව උච්චාරන රටාවෙයි.
01).මවගේ නැගණිය -
බාලම්මා,පුංචි අම්මා 02).මුත්තා - මුත්තණ්ඩි 03).ඔබ - ඔහේ 04).ඔයයි මමයි -
ඔයැයිතුයි මමයි 05).නුඹ,නුඹලා - බොලා 06).ඉලන්දාරියා - ගැටයා 07).කට්ටඩියා - ඇදුරා 08).තොවිල්කාරයා - යකැදුරා 09).පුළුවන්කම ඇත්තා - ඇහැක්කාරයා 10). දේවාල කපුවා -,පත්තිනි මහත්වරු 11).දිවුල් - ජූල් 12).අනෝදා - අනෝනා,අනෝල, 13). මොනවටද - මක්කටෙයි මොකටෙයි 14).පරම්පරාව - සනුවරේ 15).විවාහය - හිරය 16). .කුඩා කූඹියා
-හින්නා
විජය මාලනී රඟපෑ අපූරු චිත්‍රපටියක් කොළඹදී "මේ දෑස කුමටද" ලෙස නම් වෙත්දී මාතරදී එම නම අසාර්ථක වූ බැවින් " මේ දෑස මක්කටෙයි" යනුවෙන් ව්‍යවහාර වූවා යැයි කියනා විහිළුවක්ද ප්‍රචලිතව තිබූ බව මට මතක තිබේ. එය යම් සත්‍යයක්ද නැත්තේ නැත මාතරදී "මොකටද" කියා අපද නොඅසයි.
ඔබ මාතරදී ඔහේය. ඒ නිසා අද මා මාතර සිටිමින් මේ ලිපිය ලියන්නේ ඔහේලටයි, එය පොදුවේ ඇමතුවේ නම් ඒ ඔබටයි. ඒ කෙසේ වෙතත් මාතරදී ඔහේලා කාටවත් තමුසේ කියා ඇමතීමෙන් වලකිනවා නම් ඇඟට ගුණය. ඒ මාතරදී තමුසේ කියා ඇමතීම එතරම් සුහද ඇමතීමක් නොවන බැවිනි. හැබැයි මාතරදී හාමුදුරුවන්ද, මව මෙන්ම පියාද යහළුවන්ද අඹු සැමියන්ද, ඔහේම වෙයි.
යම් ස්ථානයක් ඇඟවීමට අප කොයිබද, කොයිබටදැයි....
යැයි විමසයි. පොල් ලෙලි ගහනවා යන්න පොල් ඔයනවා යන්න භාවිතයේ ඇත.
පවුලේ බාල
දරුවන් හඳුන් වන්නට පුංචි යන අදහසට හීන්, හින්නී,
හිච්චී, අදහස ය. හීන් අක්කා හීන් මල්ලී .හින්නි අම්මා
හිච්චි නැන්දා හිච්චි අක්කා........ නමුත් මෙහිදී කෙට්ටු
බවද කෙසඟ බවද සඳහන් කරයි. ඒ වගේම මාතර කූඹි නැති අතර ඉන්නේ හින්නෝය. ඒක
වචනයෙන් හින්නා ලෙසද කූඹියා හදුන්වයි.ඔහේලාට මාතරදී මාළු කන්න සිතුනොත් ඒ කුමන මාළුදැයි පහදා දෙන්න. නැත්නම් මෙහිදී සියලුම මස් සහ මාළු වර්ග මාළු වේ. හැබැයි එලවළු මාතරදී වෑංජනවේ. මාතර අපි සමහර විට හොද්දක් කන්නට සිතේ එනම් ඇටවල්ලන් වැනි මාළු කිරසට හෝ මිරිසට හොදි සාදා කෑමට සිතීමයි. අප මාළු කල් තබා ගැනී මට මාළු ඇඹුල්තියල් ලෙස රසවත්ව පිළියෙල කර ගනි. අපට කැකුළු බත සමඟ පොල් සම්බෝල සහ මාළු ඇඹුල්තියල් ඇත්නම් දිව්‍යෙලෝක අහාර වේලකි.
ඔහේලා කෑම
උයනවා නේද? නමුත් මාතර දී කෑම
උයන්නේ නැත. මෙහිදී කෑම පිසියි. කොළඹදී බතක් උයා සම්බෝලයක් සමඟ කෑමට ගත හැකි
වුවත් මාතරදී, හැකි වන්නේ
බතක් පිහා සම්බලයක් සාදා ගැනීමටයි.
අපි රසට කන කෙහෙල්මුව මාතරදී වතුමොයියාය. කීර යනුවෙන් හඳුන්වන මැල්ලුමට ගන්නා කොල වර්ග මාතරදී පලාය. පොලොස් මාතරදී පැහි වේ. කොස් මාතරදී හෙරලි බවට පත් වේ. කරපින්චා මාතරදී කරපුන්චා වන අතර පපඩම් පප්පඩම් වේ. බිත්තර බිස්තර වන අවස්ථාද නැත්තේ නොවේ. යම් එලවළුවක් හෝ මාළුවක් උයා ගැනීමෙන් හට්ටියේ අඩියේ ඉතිරිවන බොරයට දංකෙඩ යි.
ගස්ලඹු යනුවෙන් හඳුන්වන පලතුර මාතරදී පැපොල්ය. ඉතා රසවත් බීමක් සාදා ගත හැකි දිවුල් මාතර අයට ජූල්ය.
මාතර දරුවන්ට ආච්චිලා සීයලා - ආත්තලා, මුත්තලා සහ සමහර අයට සිටින්නේ ආත්තම්මලා සහ මුත්තම්මලාය.
මාතරදී ප්‍රයෝජනයට ගන්නා උපකරනද වෙනස්ම ඒවාය. එනම් මාතර මිනිස්සු වෑයෙන් අහිති, උදැල්ලෙන් ද අහිති. කඩදාසි කරදාසි බවට පත් වේ. එසේම සබන් රබන් වන අවස්ථාද මම දැක ඇත්තෙමි. දණහිස් කටුවට මාතරදී වහරන්නේ දණ පොලොත්ත, දණ පොල් කටුව කියාය. ඒ නිසා දිය ලුණු දමන්නේ පොල්කටුවේ නොව ලුණු පොලොත්තේය.
අපි සැම විටම කෙනෙක් හමුවුන විට දොඩයි... මිනිස්සු ළතෝනි දෙති. සමහර අය කෑගසති, ඒ වගේම තවත් විටෙක මොර ගහති. හැබැයි හැම විටෙකම දොඩති. දෙඩීම විවිධාකාරය. එකිනෙකා දෙඩන අතර කට්ටියක් පිස්සු විකාර දොඩවති. සමහරුන් රංඩුවට දොඩති.
සිංහළ අලුත් අවුරුද්දට කල ප්‍රධානම දෙයකි ගෙවල් අලෙයි කිරිම. ඒ සඳහා අලස නොවු ආර්ථිකය ශක්තිමත්, මව්වත්කම් ඇති අයට ආරාධනා කරයි.

සෑහෙන හොඳ උත්සහයක්.
ReplyDeleteඔහේ පොල් ඔයන්න දන්නවැයි?
ඩැඩේනම් ගොඩක්ම හොදයි. දිගටම කරගෙන යන්න. මේ ලංකාවේ අනිත් ගොයියන්ට මේ සිංහල හාහිත්‍ය බිහිවුන තැන අමතක වෙලා මාතර භාෂාවට හිනාවෙනවා.
ReplyDelete