මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ .

මාතර නගරයට පැමිණෙන සැම බෞද්ධයෙකුගේම වන්දනාවට පාත්‍ර වන මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ දකුණු ලකටම ආශිර්වාදයකි.

සුන්දර පිටබැද්දර

පිටබැද්දර නම් ප්‍රදේශය මනස්කාන්ත පරිසරයක් හිමිය..

‘‘හදි හූනියම්, වශී ගුරුකම්, යන්ත‍ර මන්ත‍ර

‘‘හදි හූනියම්, වශී ගුරුකම්, යන්ත‍ර මන්ත‍ර තවත් පිරිසකගේ ඇදහිළි හා විස්වාසයන්.

සිංහරාජය... එදා “සිංහරජදහන” - අද ලෝක උරුමය .

ශී‍්‍ර ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජ වනපෙත වර්තමාන ලෝක උරුමයකි. එය ශී‍්‍ර ලංකාවේ ඇති එකම ස්වාභාවික ලෝක උරුමයද වෙයි. ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රකයන්හි පිහිටා ඇත. . .

ශාරුක් ඛාන් වේටර් කෙනෙක්ලු... ඇත්ත ද..?....

You can if you think you can ඔබට හැකි යැයි ඔබ සිත්න්නේ නම් ඔබට හැක

මාතර භාෂාව - ඔහේලට මක්කටෙයි.. හින්නිකිතර අදහස් ටිකක්.....



       
                     රුහුණේ මාතර අපිට අභිමාණයකි මාතර බස් වහර ....  සිංහල හෝ වේවා ඕනෑම  භාෂාවක විවිධ වෙනස්කම් තිබෙනවා.අපේ රටේ බහුතරයක් කතා කරන්නේ සිංහල භාෂාවයි.නමුත් ඇතැම් විට එක් එක් ප්‍රදේශවල අය භාෂාව භාවිතා කරනවිට සිංහල භාෂාවේම වුණත් වෙනස්කම් තිබෙනවා.මේ වෙනස්කම් තමයි භාෂාවේ ප්‍රාදේශීය ව්‍යවහාර කියන්නේ.මෙහිදී දැකිය හැකි ලක්ෂණයක් තමයි ඔබ යම් දෙයකට පාවිච්චි කරන වචනය වෙනත් ප්‍රදේශයකින් පැමිණියෙකු වෙනත් වචනයක් යොදමින් කතා කිරීම.

                      
හින්නිකිතර යමක් ඔබට පවසන්නේ  සීමිත බවයි. කොළඹ සිටින්නේ නම් ඔබට එය පවසන්නේ කෙටියෙනි,  නැතහොත් ස්වල්පයක් වශයෙනි. මාතරදී එය ඩිංගිත්තක් ලෙසද පැවසිය හැක. එසේම පොඩිත්තක් කියාද කීවාට මාතරදී නම් කමක් නැත.
භාෂා  ව්‍යවහාරයේ තවත් වෙනස්කමක් දැකිය හැකියි.රත්ගම හා බලපිටිය ප්‍රදේශවල වහරේ අමුතු බවක් දිස්වෙනවා.ඒ අමුතු බව දිස්වෙන්නේ වචනවල නොව උච්චාරන රටාවෙයි.

01).මවගේ නැගණිය - බාලම්මා,පුංචි අම්මා  02).මුත්තා - මුත්තණ්ඩි  03).ඔබ - ඔහේ  04).ඔයයි මමයි - ඔයැයිතුයි මමයි 05).නුඹ,නුඹලා - බොලා 06).ඉලන්දාරියා - ගැටයා 07).කට්ටඩියා - ඇදුරා 08).තොවිල්කාරයා - යකැදුරා 09).පුළුවන්කම ඇත්තා - ඇහැක්කාරයා 10). දේවාල කපුවා -,පත්තිනි මහත්වරු 11).දිවුල් - ජූල් 12).අනෝදා - අනෝනා,අනෝල, 13). මොනවටද - මක්කටෙයි  මොකටෙයි 14).පරම්පරාව - සනුවරේ  15).විවාහය - හිරය  16). .කුඩා කූඹියා -හින්නා

විජය මාලනී රඟපෑ අපූරු චිත්‍රපටියක් කොළඹදී "මේ දෑස කුමටද" ලෙස නම් වෙත්දී මාතරදී එම නම අසාර්ථක වූ බැවින් " මේ දෑස මක්කටෙයි" යනුවෙන් ව්‍යවහාර වූවා යැයි කියනා විහිළුවක්ද  ප්‍රචලිතව තිබූ බව මට මතක තිබේ. එය යම් සත්‍යයක්ද නැත්තේ නැත මාතරදී "මොකටද" කියා අපද නොඅසයි.

ඔබ මාතරදී ඔහේය. ඒ නිසා අද මා මාතර සිටිමින් මේ ලිපිය ලියන්නේ ඔහේලටයි,  එය  පොදුවේ ඇමතුවේ නම් ඒ ඔබටයි.  ඒ කෙසේ වෙතත් මාතරදී ඔහේලා කාටවත් තමුසේ කියා ඇමතීමෙන් වලකිනවා නම් ඇඟට ගුණය. ඒ මාතරදී තමුසේ කියා ඇමතීම එතරම් සුහද ඇමතීමක් නොවන බැවිනි. හැබැයි මාතරදී හාමුදුරුවන්ද, මව මෙන්ම පියාද යහළුවන්ද  අඹු සැමියන්ද,  ඔහේම වෙයි.


   යම් ස්ථානයක් ඇඟවීමට අප කොයිබද, කොයිබටදැයි.... යැයි විමසයි. පොල් ලෙලි ගහනවා යන්න පොල් ඔයනවා යන්න භාවිතයේ ඇත.
පවුලේ බාල දරුවන් හඳුන් වන්නට පුංචි යන අදහසට හීන්, හින්නී,  හිච්චී,  අදහස ය.  හීන් අක්කා හීන් මල්ලී  .හින්නි අම්මා  හිච්චි නැන්දා හිච්චි අක්කා........  නමුත් මෙහිදී  කෙට්ටු බවද  කෙසඟ බවද  සඳහන් කරයි. ඒ වගේම මාතර කූඹි නැති අතර ඉන්නේ හින්නෝය. ඒක වචනයෙන් හින්නා ලෙසද කූඹියා හදුන්වයි.
                    ඔහේලාට මාතරදී මාළු කන්න සිතුනොත් ඒ කුමන මාළුදැයි පහදා දෙන්න. නැත්නම් මෙහිදී සියලුම මස් සහ මාළු වර්ග මාළු වේ. හැබැයි එලවළු මාතරදී වෑංජනවේ.  මාතර අපි සමහර විට හොද්දක් කන්නට සිතේ එනම් ඇටවල්ලන් වැනි මාළු කිරසට හෝ මිරිසට හොදි සාදා කෑමට සිතීමයි.  අප මාළු කල් තබා ගැනී මට මාළු ඇඹුල්තියල් ලෙස රසවත්ව පිළියෙල කර ගනි. අපට කැකුළු බත සමඟ පොල් සම්බෝල සහ මාළු ඇඹුල්තියල් ඇත්නම්  දිව්‍යෙලෝක අහාර වේලකි.

 
                                     ඔහේලා කෑම උයනවා නේද? නමුත් මාතර දී කෑම උයන්නේ නැත. මෙහිදී කෑම පිසියි. කොළඹදී බතක් උයා සම්බෝලයක් සමඟ කෑමට ගත හැකි වුවත් මාතරදී, හැකි වන්නේ බතක් පිහා සම්බලයක් සාදා ගැනීමටයි.  

අපි රසට කන කෙහෙල්මුව මාතරදී වතුමොයියාය. කීර යනුවෙන් හඳුන්වන මැල්ලුමට ගන්නා කොල වර්ග මාතරදී පලාය. පොලොස් මාතරදී පැහි වේ. කොස් මාතරදී හෙරලි බවට පත් වේ. කරපින්චා මාතරදී කරපුන්චා වන අතර පපඩම් පප්පඩම් වේ. බිත්තර බිස්තර වන අවස්ථාද නැත්තේ නොවේ. යම් එලවළුවක් හෝ මාළුවක් උයා ගැනීමෙන් හට්ටියේ අඩියේ ඉතිරිවන බොරයට දංකෙඩ යි.

ගස්ලඹු යනුවෙන් හඳුන්වන පලතුර මාතරදී පැපොල්ය. ඉතා රසවත් බීමක් සාදා ගත හැකි දිවුල් මාතර අයට ජූල්ය.

මාතර දරුවන්ට ආච්චිලා සීයලා - ආත්තලා, මුත්තලා සහ සමහර අයට සිටින්නේ ආත්තම්මලා සහ මුත්තම්මලාය.

මාතරදී ප්‍රයෝජනයට ගන්නා උපකරනද වෙනස්ම ඒවාය. එනම් මාතර මිනිස්සු වෑයෙන් අහිති, උදැල්ලෙන් ද අහිති. කඩදාසි කරදාසි බවට පත් වේ. එසේම සබන් රබන් වන අවස්ථාද මම දැක ඇත්තෙමි. දණහිස් කටුවට මාතරදී වහරන්නේ දණ පොලොත්ත,  දණ පොල් කටුව කියාය. ඒ නිසා දිය ලුණු දමන්නේ පොල්කටුවේ නොව ලුණු පොලොත්තේය.

අපි සැම විටම කෙනෙක් හමුවුන විට දොඩයි...  මිනිස්සු ළතෝනි දෙති. සමහර අය කෑගසති, ඒ වගේම තවත් විටෙක මොර ගහති. හැබැයි හැම විටෙකම දොඩති. දෙඩීම විවිධාකාරය. එකිනෙකා දෙඩන අතර කට්ටියක් පිස්සු විකාර දොඩවති. සමහරුන් රංඩුවට දොඩති.

සිංහළ අලුත් අවුරුද්දට කල ප්‍රධානම දෙයකි ගෙවල් අලෙයි කිරිම.  ඒ සඳහා අලස නොවු  ආර්ථිකය ශක්තිමත්, මව්වත්කම් ඇති අයට ආරාධනා කරයි.    

ඔළියගන් කැළය, විල්පිට - අකුරැස්ස

                                         ශී‍්‍ර ලංකාවේ සුවිශේෂී භූ ගෝලීය පිහිටීමකින් මාතර දිස්ති‍්‍රක්කය නිර්මාණය වී තිබේ. එම නිසා විවිධාකාර වූ පරිසර පද්ධතීන් රැසක් එහිදී හදුනා ගත හැකිය. බස්නාහිරට ශී‍්‍ර ලංකාවේ තෙත් කළාපීය දේශගුණයත්, නැගෙනහිරට වියළි කළාපයත්, උතුරට කදු සහිත ප‍්‍රදේශයකුත්, දකුණු ප‍්‍රදේශයට ඉන්දියන් සාගරයත් මාතර දිස්ති‍්‍රක්කයේ මායිම් ලෙස හදුනා ගැනීමට පුළුවන. අකුරැස්ස, කඹුරුපිටිය ප‍්‍රධාන මාර්ගය විල්පිට ඔලියගන් කැළය ඔස්සේ වැටී ඇති නිසා මෙයට පැමිණීම ඉතා පහසුයි.   

හෙක්ටයාර් විසි දහසකට අධික (20242) තෙත් කළාපීය වනාන්තර පද්ධතියකින් යුතු මාතර දිස්ති‍්‍රක්කයේ  ඔළියගන් කැළයවනාන්තරය එහි පිහිටීම නිසාම බොහෝ දෙනකුගේ අවධානයට යොමු වී තිබේ. එය හෙක්ටයාර් 482 කින් යුතු ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්තව පවතී. ශී‍්‍ර ලංකාවේ සංරක්‍ෂිත වනාන්තර 33 අතරටද නම් කොට ඇති මෙය යුනෙස්කෝ සහායෙන් කි‍්‍රයාත්මක කෙරෙන මිනිසා සහ ජෛවගෝල රක්‍ෂිතයක් ලෙස ද නම් කොට තිබේ. ඊට හේතුව අධ්‍යාපන හා පර්යේෂණ ජෛව විද්‍යාත්මක වටිනාකමකින් යුතු වනාන්තරයක් ලෙස මෙම වනාන්තරය හදුනා ගැනීමයි.
මීටර් 20 සිට 100 දක්වා උසකින් යුතු ඔලියගන් කැළය වර්ෂයේ වැඩි කාලයක් තෙත් දේශගුණයක පවතී. එමෙන්ම ඊට මි.මී. 2465 ක පමණ වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙයි.
ඔලියගන් කැළය තුළ පිහිටා ඇතිහාලි ඇල නැමැති  ස්වභාවික වැව අක්කර දහයකට අධික ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇත. එය පරිසරයට එක් කරන්නේ අපූර්ව චමත්කාරයකි. කැළය පීරා ගලා යන කුඩා දිය පහරවල් කිහිපයකින්ම එය පෝෂණය කරයි.

ඔලියගන් කැළය නිවර්තන වන ගොමුවේ දැක ගත හැකි ශාක අතරින් 58% ක්ම ශී‍්‍ර ලංකාවට ආවේණිකය. ශාක විශේෂ 163 ක් පමණ හදුනා ගෙන තිබෙන එහි ජාත්‍යන්තර වශයෙන් වදවීමේ තර්ජනයට ලක්වී ඇති ශාක 64 ක්ද, දේශීය වශයෙන් වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක 18 ක්ද ආරක්‍ෂා වී තිබේ. අංකෙන්ද, සෙරු, වැලිපියන්න, බැදිදෙල්, පත්කැළ, වේවැල්, වදුරුවැල්, දොඹකීන, ඉනිපෙත්ත, වල්ලලූව, රත්මල්, බටුකීන, ආරිද්ද කැකුණ, හැඩවක, කටුබොඩ, ගොඩපර, ඇටඹ, කුරට්ටිය, කිරිහැඹිලිය, කටු කැන්ද, බදුල්ල, අලූබෝ, පනුකෑර, හම්පැලන්ද, හල් ආදී ශාක රැසක්ම එහි වෙයි.
ඔලියගන් කැළයේ ශාක අතර එම කැළයට පමණක් සීමා වූ ශාක විශේෂයක්ද හදුනා ගෙන ඇත. ඉන් එබෙන්සි කුලයට අයත්  (ඩයස්පයිරස් පේමදාසයිසදිචහරදි ඡුරුපස) ලෙස නම් කොට ඇති එම ශාක විශේෂය පර්යේෂණ මගින් සොයා ගන්නා ලද්දේ මහාචාර්ය අලවත්තාගොඩ පේමදාසයන් විසිනි.


සත්ව විශේෂ රැසකටම ඔලියගන් කැළය සිය වාසස්ථානය වී තිබේ. කුරුල්ලන්, උභය ජීවීන්, සමනළයින්, ගොළුබෙල්ලන්, ක්‍ෂීරපායීන් , මත්ස්‍යයින් ද එම සත්ව විශේෂ වෙයි. ඒක දේශීය සතුන් රැසක්ම ඒ අතර වෙති. සැළලිහිනියා, නිල් රදමාරා, පොළොස් කොට්ටෝරුවා, හිස කළු පදුරු දෙමලිච්චා, ලංකා ගිරා මලිත්තා, පිළිහුඩුවා, කුඩා පිලච්චා, නිල් මැසිමාරා ආදී පක්‍ෂීන් රැසක් ද, ඉත්තෑවා, කළු වදුරා, දඩු ලේනා ආදී ක්‍ෂීරපායීන් ද, දං කොළ පෙතියා, ගොම කඩයා, දොළ තිත්තයා, ලේ තිත්තයා, කෙහෙල් දණ්ඩියා ආදී මත්ස්‍ය විශේෂ රැසක්ම එම සතුන් අතර වෙති.
විල්පිට දන්ඩියා නමින් හදුන්වන විශේෂ මාලූවෙක් ද මෙම වනාන්තරයේ වෙති. එම මාලූවා ඔලියගන් කැළයේදී පමණක් දැක ගත හැකි දුර්ලභ ම මාලූවෙක් ලෙස හදුනාගෙන තිබේ.
  

 එහි ජෛව විවිධත්ව උද්‍යානයේ පිහිටුවා තිබෙන තොරතුරු මධ්‍යස්ථානයේ දී පාසල් විශ්ව විද්‍යාල සිසුන්ට මෙන්ම පර්යේෂකයින්ට ගුරුවරුන්ට ශාක හා සත්ව ප‍්‍රජාව පිළිබද ඉමහත් දැනුමක් ලබා ගැනීමට හැකියාව තිබේ.
කඹුරුපිටිය අඩවිවන නිලධාරි අනූෂා වනිගසිංහ මහත්මිය, කැළය ඇතුළේ ඇවිද ගෙන ගොස් ඒ පිළිබද පර්යේෂණ සිදු කළ හැකියි. ඒ සදහා පහසුකම් සපයා දී තිබෙනව කි.මී. 7 පමණ වනාන්තරය තුළ ගමන් කළ හැකියි. සාමාන්‍යයෙන් පැය තුනහමාරකට අධික කාලයක් ඒ සදහා ගත වෙනවා.
ගහ කොළ සතා සිව්පාවා සමග ජීවත් වන විට ඊට ආදරය කරන්න. ඒවා රැක ගන්න උවමනාවක් අවශ්‍යව ඇත.