මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ .

මාතර නගරයට පැමිණෙන සැම බෞද්ධයෙකුගේම වන්දනාවට පාත්‍ර වන මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ දකුණු ලකටම ආශිර්වාදයකි.

සුන්දර පිටබැද්දර

පිටබැද්දර නම් ප්‍රදේශය මනස්කාන්ත පරිසරයක් හිමිය..

‘‘හදි හූනියම්, වශී ගුරුකම්, යන්ත‍ර මන්ත‍ර

‘‘හදි හූනියම්, වශී ගුරුකම්, යන්ත‍ර මන්ත‍ර තවත් පිරිසකගේ ඇදහිළි හා විස්වාසයන්.

සිංහරාජය... එදා “සිංහරජදහන” - අද ලෝක උරුමය .

ශී‍්‍ර ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජ වනපෙත වර්තමාන ලෝක උරුමයකි. එය ශී‍්‍ර ලංකාවේ ඇති එකම ස්වාභාවික ලෝක උරුමයද වෙයි. ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රකයන්හි පිහිටා ඇත. . .

ශාරුක් ඛාන් වේටර් කෙනෙක්ලු... ඇත්ත ද..?....

You can if you think you can ඔබට හැකි යැයි ඔබ සිත්න්නේ නම් ඔබට හැක

සරම් මුදලි තුමා - ගංඟා රෝහන වර්ණනාව - සව් සත්දම් වාදය -



 
                                   දකුණු ලක මාතර විසූ සරම් මුදලිතුමන් යුග පුරුෂයෙක්‌ වෙයි. බටහිර අධිරාජ්‍යවාදීන් ගෙන් මුදලි තනතුරක්‌ ලබාගෙන බොදු පුනරුදය උදෙසා උතුම් මෙහෙවරක නියෑලුණු ප්‍රභූවරුන් ඉතිහාසයේදී අපට මුණගැසෙන්නේ අතළොස්‌සකි. එයින් ප්‍රසිද්ධියේ බෞද්ධ පුනරුදය ඇති කිරීමෙහිලා වෙහෙස මහන්සි වී ස්‌වකීය ධනය පරිත්‍යාග කළ මුදලිවරයකු වෙනත් නොමැති තරම්ය.

සරම් මුදලිතුමා ලෙස පොදු ව්‍යවහාරයේදී භාවිතා වුවද එතුමාගේ සම්පූර්ණ නම දාවිත් ද සේරම් විජයසේකර ජයතිලකරත්නය. ලන්දේසින් විසින් එතුමාට මාතර ප්‍රාදේශය භාර මුදලි තනතුරක්‌ ලබාදී ඇත්තේ 1760 දීය. සරම් මුදලිතුමා බටහිර ජාතීන්ගෙන් තාන්න මාන්න ලැබූ ගිහි ප්‍රභූවරයකු ලෙස පොදු ජනතාව අතර සිවිල් බලයක්‌ සතුව ජීවත් විය. ඔහුගේ වලව්ව එකල මහේශාක්‍ය ලීලාවෙන් ඉදි කොට තිබිණි. ඇතැම් වෙනස්‌කම් සිදු කොට ඇතත් එය (මාතර රාහුල විදුහල) වර්තමානයට ද දායාද වී තිබීම ජාතියේම වාසනාවකි.


                                                                     සරම් මුදලිතුමා ඉතිහාසයට එක්‌ වී සිටින්නේ එතුමා විසින් සිදුකරන ලද බෞද්ධ පිංකම් නිසාය. බුදුදහමේ චිරස්‌තිථියට බාධා පැවති යටත් විජිත යුගයේදී කරන ලද එම පිංකම් නිසා මාතර පුරවරය බෞද්ධ ප්‍රබෝධයෙන් ඇලලී ගියේය. එමෙන්ම එය කාව්‍ය ශාස්‌ත්‍ර පුනරුදයට ද පාදක විය.

සරම් මුදලිතුමා විසින් 1780 සිටම විවිධ පිංකම් සිදු කළ බව "සරම්මුදලිගේ පිං පොත" නම් වූ එතුමා විසින් කරන ලද පිංකම් පිළිබඳ ලියූ සටහන් අනුව අනාවරණය වෙයි. සිය ධනය මෙන්ම ශ්‍රමය අලෝභයෙන්ම විය පැහැදම් කළ අතරම හිත්තැටිය රජ මහා විහාරයේ බුදුපිළිමය සහ චෛත්‍යය ඉදිකිරීම සඳහා සිය කර මතින්ම වැලි අදින ලද්දේ එතුමා විසින්ය. ගංගාරෝහණ පූජාව සරම් මුදලිතුමා විසින් සිදුකරන ලද අනගිතම බෞද්ධ පූජාවයි. නිල්වලා ගඟ සේම ගංගාරෝහණ පූජාව ද අයිති වන්නේ මාතරට පමණි. එය මාතරට අනන්‍ය වූ බෞද්ධ පූජා කර්මයකි.

බුදුන් දවස ලිච්ඡවී රජවරුන් විසින් ගංගාරෝහණ පූජෝත්සවයක්‌ සිදු කළ බව බොදු සාහිත්‍යයේ සඳහන් වෙයි. ඉන් පසුව ගංගාරෝහණ පූජාවක්‌ පැවැත්වීමේ ගෞරවය සරම් මුදලිතුමාට හිමි වන්නේය. එතුමාට ඒ සඳහා බුදුන් දවස පැවති ගංගාරෝහණ පූජාව ආභාසය වන්නට ඇත. ගඟ පහළ සිට ඉහළට පූජා පවත්වමින් ගමන් කිරීම ගංගාරෝහණ පූජාවයි. නිල්වලා ගඟ මහ මුහුදට එක්‌වන තොටමුණ පෙනෙන නොපෙනෙන දුරින් පිහිටි වර්තමාන පාලමට සමීපව මෙම පූජාව ආරම්භ කොට ඇත. මාතර සිට ගොඩපිටිය දක්‌වා කි.මී. 18 ක්‌ පමණ ගංගාරෝහණ පූජා  පෙරහැර ගමන් කරයි. එය අකුරැස්‌ස ගොඩපිටිය ඡේතවන රජමහා විහාරස්‌ථානයෙන් නිමාවට පත්වෙයි.

 
                                                                       බුද්ධ කාලයේ සිටි ප්‍රධාන දායකයා වූ අනේපිඬු සිටුතුමා සැවැත්නුවර ඡේතවනාරාමය බුදු පාමොක්‌ මහ සඟරුවනට පූජා කළේය. එහි අනුරුවක්‌ ලෙස තෙමහල් ප්‍රාසාදයක්‌ සරම් මුදලිතුමාද ගොඩපිටිය ඡේතවනාරාම විහාරස්‌ථානයේ ඉදිකරනු ලැබූහ. එහි තැන්පත් කිරීම සඳහා පූජා භාණ්‌ඩ වැඩම කරවීම සඳහා සිදුකරන ලද පූජාවකි. ගංගාරෝහණ පූජාවේ සධාතුක කරඬුව වැඩම කරවීම සඳහා ඔරු පාරු මත තෙමහල් මණ්‌ඩපයක්‌ ද තනා තිබිණි. එහි තෙවැනි මහලේ එම කරඬුව තැන්පත් කළහ. දෙවැනි මණ්‌ඩපයේ සකසන ලද පිරිත් මණ්‌ඩපයක සිට මහා සංඝරත්නය විසින් පිරිත් සඡ්ධායනය කරනු ලැබූහ. පළමු මහලේ නර්තන කණ්‌ඩායමක්‌ නර්තනයේ යෙදුනහ. එහි ඖෂධ හලක්‌ ද පිහිටා තිබිණි.

ඊට අමතරව තවත් ඔරු පාරු සිය ගණනක්‌ද අත්‍යාලංකාර ලෙස සරසා තිබිණි. ඇතැම් ඒවායෙහි සිතුවම් ද ඇඳ තිබිණි. ගඟ දෙපස සල්පිල් ඉදි කොට තිබූ අතර ඒවායෙහි ආහාරපාන ඇතුළු බඩු මුට්‌ටු ඕනෑ තරම් තිබිණි. නන් දෙසින් පැමිණි ජනතාවගෙන් ගඟ දෙපස පිරී ඉතිරී ගියහ. දින දහයක්‌ පුරා ගංගාරෝහණ පූජාව පැවැත්වෙන අතරම යුගාසන ධර්ම දේශනා තිස්‌ දෙකක්‌ ද පැවැත්වූහ. කරතොට ධම්මාරාම, බෝවල ධම්මානන්ද වැනි මහ තෙරවරුන් පවා එම ධර්ම දේශනාවලට වැඩම කොට තිබේ.

මාතරින් එලෙස එක පෙරහැරක්‌ ගමන් කරන විට ගොඩපිටියෙන් ද එවැනි තවත් පෙරහැරක්‌ පැමිණෙයි. එම පෙරහැර දෙක එක්‌ව මුණ ගැසෙන්නේ බළකාවලදීය. පසුව එම පෙරහැර දෙකම එකක්‌ ලෙස යළි ගොඩපිටිය දක්‌වා ගමන් කරයි. එලෙස ගමන් අරඹන්නේ එම ස්‌ථානයේ දී පවත්වනු ලබන සර්ව රාත්‍රික පිරිත් සඡ්ධායනයකින් පසුවය.

හිත්තැටිය රජ මහා විහාරස්‌ථානයේ සිට වැඩමවනු ලබන පූජා භාණ්‌ඩ තැන්පත් කරන්නේ ගොඩපිටිය රජ මහා විහාරස්‌ථානයේය. ගංගාරෝහණ පූජාව අවසන් වන්නේ ඉන් අනතුරුවය.

අසිරිමත් වූ එම ගංගාරෝහණ පූජාව මුල් වරට 1806 ඉල් මස (නොවැම්බර්) අටවක පොහෝ දින ආරම්භ කොට ඇත. සරම් මුදලිතුමා විසින් එවැනි අසිරිමත් ගංගාරෝහණ පූජා පහක්‌ පවත්වා තිබේ. ඇතැම් පූජා නාවිමන, අත්තුඩාව ආදී ස්‌ථානවලින්ද ආරම්භ කොට ඇත.

සරම් මුදලිතුමා විසින් සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ ආකෘතිය අනුව ගොඩපිටිය රජ මහා විහාරස්‌ථානයේ ඉදිකරන ලද තෙමහල් ධර්ම මන්දිරයේ එම පූජා භාණ්‌ඩ තැන්පත් කළහ. එම විහාර මන්දිරය මීට කලකට ඉහත දී කඩා ඉවත් කොට ඇත.

 
                                                                           ගොඩපිටිය ඡේතවනාරාම රජ මහා විහාරය සතුව ඇති ලෝකඩමය සක්‌මන් බුදුපිළිම වහන්සේ සුවිශේෂී වැදගත්කමකින් යුතුය. සක්‌මන් බුදු පිළිමයක්‌ ශ්‍රී ලංකාවේදී හමු වී ඇත්තේ පළමු වතාවටය. මහනුවර කලා සම්ප්‍රදායට අනුව නෙළා ඇති මෙම පිළිමයේ දකුණු පාදය ඉදිරියට තැබීමෙන් සක්‌මන් ඉරියව්වක්‌ පෙන්වයි. මෙම බුදුපිළිම වහන්සේ වැඩ සිටියේ දැවමය කුඩා බුදුකුටියක්‌ තුළය. එය වටා සතර වරම් දේව රූප ද සිතුවම් කොට තිබේ. සරම් මුදලිතුමා විසින් පූජා කරන ලද මාහැඟිම පූජා වස්‌තුව මෙම බුදුපිළිම වහන්සේය.

එමෙන්ම ඇත් දළ වලින් දොරවල් යොදා අලංකාර කරන ලද ඡේතවන විහාරයේ ආකෘතිය ද විහාරස්‌ථානයේ පූජා භාණ්‌ඩ අතර දැක ගත හැකිය. අඩි 6 ක්‌ උසැති රිදී බෝධියක්‌ ද එතුමාගේ පරිත්‍යාග අතර වෙයි. මෙහි දී දැක ගත හැකි දොළොස්‌ මහේ පහනක්‌ වෙයි. ඊට තිර සියයක්‌ යෙදිය හැකිය. අති විශාල පිරුවානා පොත් වහන්සේ නමක්‌ ද පූජා කොට ඇතත් අද දක්‌නට නොමැත. එය බහාලන ලද පෙට්‌ටිය පමණක්‌ දැක ගත හැකිය.

                          
                                              සරම් මුදලිතුමා සිය කෙස්‌ වැටිය මුස්‌නක්‌ ලෙස සකසා පන්සලට පූජා කොට ඇත. ඒ ධාතු කරඬුව පිසදැමීම සඳහාය. එවැනි  පිංකම් මහනුවර යුගයේදී සිදු කොට ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ (1747 - 782) රජතුමාය. මහනුවර දළදා මාලිගාවේ ඇති කෞතුක භාණ්‌ඩ අතර එම රජතුමාගේ හිස කෙස්‌වලින් සැකසූ මුස්‌න ද වෙයි.

ඡේතවන විහාරයේදී සරම් මුදලිතුමා පරිහරණය කරන ලද රෙදි අඩි 6 ක්‌ දිගැති මාලය, හිසේ ගසන ලද පනාව දක්‌නට ඇත. එමෙන්ම එහි ඉතා කුඩා මුදු සිය ගණනක්‌ද එකතු කොට තිබේ. පෙරහැරේ ගමන් කරනා අය එම මුද්දක්‌ පැළඳ ගෙන සිටීමේ චාරිත්‍රයක්‌ එකල වූ බව ගොඩපිටිය ඡේතවනාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය අගලකඩ රතනපාල හිමියෝ අප සමඟ පැවසූහ.

ගංගාරෝහණ පූජාව වර්ණනා කොට කටුවන තෝමිස්‌ සමරසේකර දිසානායක මුහන්දිරම්තුමා විසින් පද්‍ය 103 කින් යුතු ගංගාරෝහණ වර්ණනාව නම් කාව්‍ය කෘතියක්‌ ද රචනා කළේය. සුප්‍රකට සව්සත්දම් වාදය නමැති ශාස්‌ත්‍රීය සංවාදය සඳහා හේතු වූයේ එම කෘතියේ සඳහන් වදනකි.

සසර සරණා සව්සත්දම් අමාවෙන් සතොස්‌වා

සගප වෙග සැපත් දුන් දම් රදුන් දම් සඟුන් සෙව්

පෙර මැද ගවනින් මේ තුන් ගෙණේ මුල් කෙමෙන් නම්

පතළ මැති සඳෙක්‌ වී මේ පුරේ කිත් දෙදෙක්‌ වත්

මෙම පද්‍යයේ සඳහන් "සසර සරණා සව්සත් දම් අමාවෙන් සතොස්‌වා" යනුවෙන් කියෑවෙන පද පෙළෙහි ඇත්තේ "සරම්" යන අදහස නොව "සරදම්" යන්න බව එවකට ගාලු පළාතේ වැඩ සිටි මහ උගතකු වූ මීරිපැන්නේ ධම්මරතන හිමියෝ පැවසූහ. එය රට තුළ සුපතළ ශාස්‌ත්‍රීය වාදයක්‌ බවට ද එකල පත් වී තිබිණි. සරම් මුදලිතුමා විසූ සුප්‍රකට වලව්ව මාතර රාහුල විද්‍යාලයට සී. ඒ. ඕදිරිස්‌ සිල්වා මහතා විසින් 1939 දී පරිත්‍යාග කළේය. විද්‍යාල භූමියේ එය පුරා විද්‍යා උරුමයක්‌ ලෙස ආරක්‍ෂා කොට ඇත. වර්ග අඩි 8364 ක භූමි ප්‍රමාණයක වලව්ව ඉංග්‍රීසි හෝඩියේ ඹ අකුරු හැඩැතිව ඉදිකොට තිබේ. මාතරට නිල්වලා ගඟ සේම සරම් මුදලි නාමයද මේ කප පවතින තුරු අභිමානයක්‌ වනු ඇත.

ස්තූතිය- මාධ්‍යෙව්දී දෙනගම ධම්මික රණවීර මහතාට

මාතර තාරක කොටුව



                      මාතොටට අභිමානයක් සේ විරජමානව තිබෙන තාරක කොටුව එදා ඉතිහාසයේ පිටු ගණනාවක් ස්තානයකි. එය ඉදිවී ඈත්තේ ලේ, කදුළු, දහදිය මතය. ඒ නිසා එහි අගය වඩාත් තීව්‍ර වී තිබේ.  බටහිර ආක්‍රමණ සිහි කෑදවන ඓතිහාසික ස්ථාන අතර නිල්වලා නදී තීරයේ මාතර නගර මධ්‍යයේ පිහිටි සුප්‍රකට තාරකා කොටුවට හිමි වන්නේ සුවිශේෂී වෑදගත් කමකි. හෙළ රජදරුවන්ට පමණක් නොව මාතොට, බටහිර ජාතීන්ටද ඉතා ප්‍රයෝජනවත් ප්‍රදේශයක් විය. මාතර, සාගරයේද, ගොඩබිමේද, කේන්ද්‍රස්ථානයක් ලෙස ද, වෙදගත් වේ. මේ නිසා සියල්ලන්ගේම නොමද අවධානය නිරන්තරයෙන්ම මාතරට යොමු වූහ.
              

මාතර තාරකා කොටුව ඉදිකිරීමට පෙර බටහිර ජාතීන් විසින් සිය පරිපාලන කටයුතු සිදුකලේ මාතර කොටුවේය. පෘතුගීසීන් විසින් එම කොටුව ඉදිකර ඈත. ඒ කුඩා කොටුවක් ලෙසින්ය.නමුත් ලන්දේසීන් මෙරට මුහුදු බඩ ප්‍රදේශ යටත් කරගෑනීමත් සමග ඔවුන් මාතර කොටුවට වඩා ආරක්ෂා සහිත වෙනත් ශක්තිමත් කොටුවක් ඉදිකරනු ලෑබූහ. අද අප තාරක කොටුව ලෙස හදුන්වන්නේ එම ලන්දේසි පරිපාලන මධ්‍යස්ථානයයි.
පෘතුගීසීහු මෙරටට ඉමහත් ව්‍යවසනයක් කරමින් සිටියහ. ඔවුන් මෙරටින් පලවා හෑරීම සඳහා කන්ද උඩරට දෙවෙනි රාජසිංහ උදවු ගත්තේ ලන්දේසීන්ගෙන්ය. 1638 එම ගිවිසුම ඉතිහසයට පත්වී තිබෙන්නේ ඉඟුරු දී මිරිස් ගෑනීමක් විලසින්ය. එහෙත් ඒ පිළිබඳ අවබෝධ වූයේ පසුවය.
ලන්දේසීහු 1640 දී ගාල්ලට පහරදී එහි සිටි පෘතුගීසීන් පලවා හෑර එහි බලය තහවුරු කර ගත්හ. එහි රැදී සිටි ලන්දේසීන්ගේ අවධානය මාතොට ප්‍රදේශයට යොමු වූයේ නිතෑතින්මය ජනාවාස ඇතිකළ හැකි ප්‍රදේශයක් වීම කුරුදු සහ අලි ඇතුන් වෙළදාමට සුදුසු මධ්‍යස්ථානයක් වීමත් ලන්දේසීන්ගේ අවධානය යොමු වීමේ සාධක විය. 1645 දී මාතර ද, අල්වා ගත් ලන්දේසිහු මාතර කොටුව නවීකරනය කොට එහි රෙපරමාදු දේවස්ථානයක් ඉදිකලේය. ඔවුන්ගේ පරිපාලන මධ්‍යස්ථානය වූයේද, මාතර කොටුවයි දිසාපති නිවසද, එහි ඉදි කොට තිබේ. කුරුඳු සහ පුවක් ගබඩා, වෙඩි බෙහෙත් ගබඩාව, ආරක්ශක මුරපොලක් මෙන්ම ඇත්ගාලක්ද, ලන්දේසිහු මුල්කාලයේ මාතර ඉදිකළහ.


ලන්දේසි යුගයේ (1640-1796) මාතර, ගාල්ලේ අණදෙන නිළධාරියාගේ පාලනය යටතේ පැවතුණි. බෙන්තර ගඟත් කුඹුක්කන් ඔයත් අතර පිහිටි දකුනු ප්‍රදේශය එකල මාතර දිසාවනිය ලෙස හඳුන්වනු ලැබූහ.
කල්යත්ම ලන්දේසීහු කන්ද උඩරට රජුට අවනත නොවී කටයුතු කරන්නට පටන් ගත්හ.මේ නිසා රජු ලන්දේසීන් සමග දරුනු සටන්වලට යෙදුනහ. ගලගොඩ දිසාවගේ නායකත්වයෙන් යුතු හමුදාව 1761 දී මාතර කොටුවට පහරදී ලන්දේසීන් පලවා හැරියහ. එහෙත් එම ජයග්‍රහණය රඳවා ගැනීමට කන්ද උඩරට රජුට නොහැකි විය. 1962 අගෝස්තු මාසයේ දී යලි ලන්දේසීන් විසින් මාතර යටත් කරගන්නා ලදි. මාතර සිංහලයෝ එයට දැඩිලෙස විරුද්ධ වූහ. ලන්දේසීන්ට පුවක් නොවිකුනා ගස්මුල ඇද වැටී පැලවෙන්නටද, ඉඩ හැරියේය.
උඩරට රාජ්‍යයෙන් සහ සිංහල ජනතාවගෙන් එල්ලවන තර්ජනවලට මුහුනදීමට සිතූ ලන්දේසීහු සිය පරිපාලන මධ්‍යස්ථානය වෙනත් ආරක්ෂිත ස්ථානයකට රෑඟෙන ගියහ. ඒ සඳහ ඔවුන් ඉදිකල බලකොටුව තරකා කොටුවයි.
මාතර තාරක කොටුව ඉදිකරන ලද්දේ එවකට ලන්දේසි ආන්ඩුකාර ධූරය දැරූ ලූබට් ජෑන් බාරෝන් වෑන් එක් (1762-1765)විසින්ය.ඉතා උපායශීලී දක්ෂ නිළධාරියකු වූ ඔහුගේ නායකත්වයෙන් යුතුව කන්ද උඩරට රජුගේ පාලනයෙන් මාතර මුදා ගෙන එම බලකොටුව ඉදිකරන ලදි.


                             ලන්දේසි ආණ්ඩුකාරයා විසින් තාරකා කොටුව ඉදිකිරීමේ කාර්යභාර නිළධාරියා ලෙස පත්කරන ලද්දේ ඔරුකෙමනැමැති සිංහල මුහන්දිරම් කෙනෙකි. කැප්ටන් අයි.එච්. ලැෆේ සහ ජේ.අයි.එන්.ටින්ක් (I .H.LAFFE – J.I. ENTINK )යන දෙදෙනා මෙහි ඉදිකිරීම් සිදුකල ඉංජිනේරුවන්ය. තාරක කොටුවේ ඇති කුඩා සෙල්ලිපියක එම නම් සඳහන් කොට තිබේ.
                             මෙම බලකොටුව ෂඩශ්‍රාකාර නිර්මාණයක් නිසා ඊට තාරකා කොටුව (Star  Fort)ලෙස නම ව්‍යවහාර වී ඇත. කොටුව තුලට පිවිසීමට ඇත්තේ පෙරදිගට මුහුනත සහිත එක් විශාල දොරටුවක් පමණි. පිටත කොටුබැම්ම අතරින් ඇති මාර්ගයෙන් ඊට පිවිසිය යුතු වෙයි. කොටුව වටා විශාල දිය අගලක් ඉදිකොට තිබේ. ආරක්ෂාව ඉඳහා ඉදිකල එහි යකඩ උල් සිටුවා තිබූ බවත් කිඹුලන් ඇතිකල බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ.කොටු දොරකඩින් ඇතුලුවන්නේ එම පාලමෙන්ය.
විශාල දොර ආරුක්කු හැඩැතිය. ඇතුලුවීමේ දොරටුවට ඉහලින් ශක්තිමත් දැවයෙන් තනා ඇති සිංහයන් දෙදෙනෙකු විසින් ඔසවා ගෙන සිටින රාජකීය ලාංඡ්නයකි. එය පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම සංකේතවත් කළ VOC හෙවත් (Vercenigde ost Indench Compagne)ලාංඡනයයි.
තාරකා කොටුවට ඇතුලු වෙත්ම දෙපසින් ආයුද ගබඩා තිබුණි. එමෙන්ම කොටුව මැද මැද මිදුලක් වේ. එහි මධ්‍යයේ පිරිසිදු ජලය පිරී ඇති කුඩා ළිඳකි. එම අයුරින්ම වර්තමානයේද, එම ළිඳ ආරක්ෂා වී තිබේ. කොටුව ඇතුලෙන් කොටු පවුරට නැගීමට පඩිපෙලක්ද ඉදිකොට තිබේ. කොටු බැම්ම ශෛලමය ප්‍රාකාරයකි. එහි ගනකම අඩි 14කි. ඒ මත කාලතුවක්කු සවි කරන ලදි.
තාරකා කොටුවේ ඉදිකරන ලද කාමරද කුඩාය. නමුත් ලන්දේසීන්ට ආර්ක්ෂා සහිතව සිය පාලන කටයුතු කරගෙන යාමට තරම් එය ප්‍රමනවත් විය.  
ලන්දේසි යුගයේ මෙහි පාලන කටයුතු සිදුකලේ ලන්දේසි සාජන් වරයකු යටතේය. ඉංග්‍රීසීන්ගේ ආගමනයත් සමග සියවසකටත් වැඩි කාලයක් තිස්සේ මාතර මර්මස්ථානයක් වූ තාරකා කොටුව එම වැදගත් කමින් ඈත් වූහ. ඉංග්‍රීසීන් විසින් තාරකා කොටුව රජයේ ප්‍රසිදධ වැඩ දෙපර්ත්මේන්තුව ලෙසත්, එහි ඉංජිනේරුවරයාගේ කාර්යාලය ලෙසත් භාවිතයට ගෙන ඇති බව පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් අයර්ටන් මහතා සඳහන් කරයි.
මාතර තාරකා කොටුව පිළිබඳව පුරාවිද්‍යා පර්යේෂණයක යෙදුනු අයර්ටන් මහතා මෙය කුඩා මැනිකකට උපමා කලේය. එමෙන්ම එය ප්‍රදර්ශණ භාන්ඩයක් ලෙස ආරක්ෂා කළ යුතු බවත් සඳහන් කලේය.
රාජ්‍ය මන්ත්‍රණ සභාවට 1941 දී තාරකා කොටුව පුරාවිද්‍යා දෙපර්තමේන්තුවට භාරදෙන ලෙස කරන ලද යෝජනාව ඵල දෙරුවේ සෙනරත් පරණවිතාණයන්ගේ කෙපවීම නිසා 1980 වසරේදීය.  
1763 දී ඉදිකිරීම් ආරම්භ කොට  1965 දී නිමාවට පත්කෙරුනු මාතර තාරකා කොටුව අද මාතර අමරනීය උරුමයක් වී අවසන්ය. එය එලෙසින්ම තවත් යුග යුග ගණනාවක් මාතොට නිල්වලා අඹරේ නිල් මැනිකක් ලෙස බැබලෙනු ඇත.