මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ .

මාතර නගරයට පැමිණෙන සැම බෞද්ධයෙකුගේම වන්දනාවට පාත්‍ර වන මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ දකුණු ලකටම ආශිර්වාදයකි.

සුන්දර පිටබැද්දර

පිටබැද්දර නම් ප්‍රදේශය මනස්කාන්ත පරිසරයක් හිමිය..

‘‘හදි හූනියම්, වශී ගුරුකම්, යන්ත‍ර මන්ත‍ර

‘‘හදි හූනියම්, වශී ගුරුකම්, යන්ත‍ර මන්ත‍ර තවත් පිරිසකගේ ඇදහිළි හා විස්වාසයන්.

සිංහරාජය... එදා “සිංහරජදහන” - අද ලෝක උරුමය .

ශී‍්‍ර ලංකාවේ විශාලතම නිවර්තන තෙත් සදා හරිත වනාන්තරය වන සිංහරාජ වනපෙත වර්තමාන ලෝක උරුමයකි. එය ශී‍්‍ර ලංකාවේ ඇති එකම ස්වාභාවික ලෝක උරුමයද වෙයි. ගාල්ල, මාතර හා රත්නපුර දිස්ති‍්‍රකයන්හි පිහිටා ඇත. . .

ශාරුක් ඛාන් වේටර් කෙනෙක්ලු... ඇත්ත ද..?....

You can if you think you can ඔබට හැකි යැයි ඔබ සිත්න්නේ නම් ඔබට හැක

සතර අතේ.... නම රැන්දු අපේ තේ .........


ලොව වැඩිම පිරිසකගේ ප්‍රියතම පානය බවට පත්ව ඇති 'තේ' මුලින්ම සොයාගෙන ඇත්තේ චීනය විසිනි.දහවෙනි සියවසේදී පමණ ජීවත් වු අධිරාජයෙකු වු හුයිසුන්(1100-1126) සැබෑම තේ රසවතෙක් සේ සැළකේ. 'තේ'යන්න සෑදී ඇත්තේ ෆියුජියානු වචනයක් වු 'ටේ'(Te) යන්නනෙනි.මහා පරිමාණයෙන් තේ අලෙවි කරනු ලැබු මුල්ම ජාතිය වන්නේ ලන්දේසින්ය. ඊට හේතුව වුයේ මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස තේ වගා කෙරුණු ෆිජි දුපත ලන්දේසින්ගේ යටත් විජිතයක් බවට පත්වීමයි. චීනයේ තේ හැඳින්වීම සඳහා 'චා'යන වචනය යොදා ගැනෙන අතර රුසියාවේදි 'චායි' යන්න යොදා ගැනේ.  ලංකාවද තේ නිසා විශාල කීර්තියක් අත් කරගත් රටකි. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වැවිලි අතුරින් මුල් ස්ථානය හිමි කරගන්නේ තේ වගාවයි. තේ වගාව ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන එක් මාර්ගයක් වන අතර එම වගාව හා සම්බන්ධ රැකියාවල සේවකයින් දශ ලක්ෂයක් පමණ නිරතව සිටින හෙයින් තේ වගාව රටේ රැකි රක්ෂා සපයන ප්‍රධාන මාර්ගයක්ද වේ. කැමෙලියා සිනෙන්සිස් (Camellia sinensis) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනූ ලබන 'තේ' පැළෑටිය ඉන්දියාවට ආවේණික යැයි සැළකේ. ඵය ඉන්දියාවේ හිමාල කඳු පාමුල ඇසෑම් පලාතේ වනාන්තරවල වැවී ඇත.
ලංකාවට මුල්ම තේ බීජ 1824 දී ගෙන එන ලදී. දෙවන වරට ලංකා‍වට තේ බීජ නැවත රැගෙන ආවේ 1839 දීය. මෙම අවස්ථා දෙකම පර්යේෂණ අරමුණු  සදහා මිසක වගා කිරීම අරමුණු නොවින. මෙම තේ බීජ පේරාදෙනිය උද්භිද උද්‍යානයේ පැලකල අතර ඒවා නිදහසේ වර්ධනය විය (දලුනෙලීමකින් තොරව). 1860 දී ජේම්ස් ටේලර් මහතා විසින් මුල් වරට ලංකාවේ වානිජ තේ වගාවක් අරඔන ලදී. මෙසේ ලංකාවේ වාණිජ තේ වගාවේ පියා ඔහු ලෙස සැලකීම වරදක් නොවේ. ඔහු විසින් මුල්ම වරට ලංකාවේ මහනුවර පලාතේ හේවාහැට ලූල්කදුර වතුයායේ වාණිජ තේ වගාවක් ඇති කෙරිණ. එය අක්කර 100ක් පුරා විහිදුන බ‍ව කියවේ. (උපුටාගැනීම: 20th century tea research in Sri Lanka by the Tea Research Institute of Sri Lanka)
වගා ප්‍රදේශ:
·         මහනුවර
·         බදුල්ල
·         රත්නපුරය
·         නුවරඑළිය
·         මාතලේ
·         කෑගල්ල
·         ගාල්ල
·         මාතර
·         කළුතර
බලපාන භෞතික සාධක:
·         15.6 සිට 27 (සෙල්සියස්) දක්වා උෂ්ණත්වයක් ඇති ප්‍රදේශ.
·         1900 mm - 5460 mm දක්වා වසර පුරා පැතිරුණු වර්ෂාව.
·         ජලය බැස යන මද බෑවුම් සහිත බිමක්.
·         ලෝම සහ ලැටරයිට් පස්.
බලපාන ආර්ථික සාධක:
·         ස්ථිර සේවක පිරිසක්.
·         පරිවහන පහසුකම්.
·         විශාල ප්‍රාග්ධනයක්.
·         විදේශීය වෙළදපොළ.
ප්‍රවණතා:
·         කුඩා තේ වතු අංශයේ ඵලදායිතාව ඉහළ මට්ටමක පැවතීම. 2005 වර්ෂයේ සමස්ථ තේ නිෂ‍්පාදනයෙන් 65% ක දායකත්වයක් හිමිකර ගැනීම.
·         නැවත වගාවට නැඹුරු වීම.
·         රිකිලි තේ වගාව හදුන්වා දීම.
·         පර්යේෂණ කටයුතු පුළුල් කිරීම.
·         තේ ශක්ති අරමුදල ආරම්භ කිරීම.
·         තේ කම්හල් නවීකරණය කිරීම.
·         තේ ආශ්‍රිත අපනයනය නවීකරණය වීම.
·         තේ ඉඩම් පෞද්ගලීකරණය වීම.
ගැටළු:
·         යෙදවුම් මිල ඉහළ යාම.
·         වෙනත් ආදේශක පාන වලින් එල්ලවන තර්ජන. 
·         කොකා කෝලා වැනි බීම වර්ග
·         කෝපි
·         වෙනත් රටවල නිෂ්පාදනය අධික වීම නිසා ජාත්‍යන්තර වෙළදපොළේදී ඇතිවන තරගය.
·         ඉන්දියාව
·         ටැන්සානියාව
·         ලෝක වෙළදපොළට අළුතින් රටවල් එකතුවීමෙන් ඇතිවන කරගකාරී බව.
·         කෙන්යාව
·         උගන්ඩාව
·         මලාවි
·         පහතරට තේ කර්මාන්තයට ශ්‍රමිකයන් හිග වීම.
·         තේ වගා බිම් වල පාංශු ඛාදනය වැඩිවීම.
·         සේවක ගැටළු.
තේ වගාව හා නිෂ්පාදනය දියුණු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග:
·         තේ කර්මාන්ත ශාලා පුනරුත්තාපනය කිරීම හා නවීකරණය කිරීම.
·         කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පිහිටුවීම. එමගින් මුළු තේ වතු වලින් 30%ක් පමණ වූ කුඩා තේ වතු හිමියන්ට සහනාධාර හා උපදෙස් ලබා දීම. ඒ හැර පැළ, පොහොර ව්‍යාප්ත සේවාවන් පුළුල් කිරීම. 
·         විදේශ ආධාර යටතේ අළුත් බිම් වල වගා කිරීම.
·         විද්‍යුත් උපකරණ කර්මාන්තයට යෙදීම.
·         විද්‍යුත් තරාදි
·         තේ පිරිසිදු කරන යන්ත්‍ර
·         තේ ඇසුරුම් නවීකරණය කිරීම.
·         නිෂ්පාදන විවිධාංගීකරණය.
·         ක්ෂණික තේ
·         වැනිලා තේ
·         කොල තේ
ආශ්‍රිත කර්මාන්ත:
·         ක්ෂණික තේ
·         රසකල තේ
·         කොල තේ
·         තේ කුඩු
·         කැෆේන් රහිත තේ
වගා කිරීම

නිවර්තන හා උප නිවර්තන කලාපීය රටවල කඳුකර ප්‍රදේශවල වැවෙන බෝගයක් හෙයින් තේ වගාවට යෝග්‍ය වන්නේ මාධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15.6- සෙල්සියස් අංශක 27 දක්වා පවතින ප්‍රදේශයන්ය. තේ ගසට අවුරුද්ද මුළුලලේ පැතිරුණු වර්ශාපතනයක් අවශ්‍ය වේ. තේ පැළයේ මුල ජලය රඳා පැවතීම අයෝග්‍ය වන නිසා මඳ බෑවුම් සහිත බිම් වඩාත් සුදුසුය. pH අගය 4.5-5.5 අතර වූ රතු දුඹුරු පසක් ඉතා සුදුසුය. මුහුදු මට්ටමින් පටන්ගත් විට ඉතා විශාල පරාසයක උන්නතාංශ වල වගා කළ හැක.
තේ සිටුවීම සඳහා බීජ මඟින් පැල ලබා ගැනීම පැරණි යල්පැනගිය දෙයකි. නව ආකාරය රිකිලි පැළ කිරීමෙන් තේ පැළ ලබාගැනීමය. මෙය VP (Vegetatively Propergate) ලෙස හදුන්වයි.
 කප්පාදු කිරීම
කප්පාදු කිරීම තේ වගාවේදි සිදු කෙරෙන පැරණිතම ක්‍රියා මාර්ගයකි. තේ ගස නැවත නැවත තරුණ කිරීම (rejuvenalization) මෙහි පලමු අරමුණ වෙයිග තවද තේ ගසට ස්වාභාවිකවම මීටර් 10ක් පමණ උසට වැඩෙන්නට හැකියාව ඇති නමුත් වාණිජ බෝගයක් ලෙස වගා කිරීමේදි තේ ගස මීටර් 1ක උසට වඩා වැඩීමට දලු නෙලීමට බාධාවකි. මෙසේ තේ ගස් කප්පාදු කිරීමෙන් පදුර දිගටම දලු අස්වැන්න ලබා දෙන අතරම මල් ඇතිවීම වැළැක්වීම සහ වංගි දලු ඇතිවීම වලකියි. උස පාලනය කිරීමද තවත් අරමුනකි.
තේ දළු නෙළීම
තේ දළු නෙළීම එක්තරා කලාවකි. ඒ සඳහා පුහුණු කළ ශ්‍රමයක් තිබීම අත්‍යවශ්‍ය වේ. තේ දළු නෙළීමේදී විවෘත නොවු දල්ල සහ ඊට පහළින් ඇති දළු දෙක පමණක් නෙළා ගත යුතුය. තේ දළු නෙළීම සඳහා යාන්ත්‍රික ක්‍රමද භාවිතා කරන නමුත් එසේ නෙළා ගන්නා දළුවලින් උසස් රසයකින් යුක්ත තේ නිපදවා ගැනීමට නොහැකි විය හැක.මන්ද යන්ත්‍රානුසාරයෙන් තේ දළු නෙළීමේදී නෙළා ගත යුතු දළු කොටසට වඩා දෘඩ/කාශ්ඨ කොටස්ද මිශ්‍ර විය හැකි හෙයිනි.
තේ නිපදවීම
නෙළන ලද දළු සකස් කිරීම සඳහා තේ වතුවල සිට ඒවා කර්මාන්තශාලාවලට යවනු ලැබේ. එසේ ගෙන යනු ලබන 'තේ' කර්මාන්තශාලා තුළදී පංති 04කින් යුක්තව සකස් කරනු ලැබේ. එනම්;
(i) කොළ තේ (Green Tea)
(ii) නොපසවන පස තේ (Unfermented Tea)

(iii)
කළු තේ (Black tea)

(iv)
අර්ධ වශයෙන් පසවන ලද තේ (Semi Unfermented te)
යනුවෙනි. වර්තමානය වන විට 'ක්ෂණික තේ' යනුවෙන් පස්වන පංතියක්ද ඇති අතර ඒවා පහසුවෙන් ජලයේ දියකර ගත හැකිවීම විශේෂත්වයකි. මෙසේ සකස් කරනු ලබන තේ දැව පෙට්ටිවල හෝ හණ මළුවල අසුරා විද්ශීය වෙළඳපොළ කරා නිකුත් කෙරේ.
Tea is cultivated in Sri Lanka using the ‘contour planting’ method, where tea bushes are planted in lines in coordination with the contours of the land, usually on slopes. For commercial manufacture the ‘flush’ or leaf growth on the side branches and stems of the bush are used. Generally two leaves and a bud, which have the flavor and aroma, are skillfully plucked, usually by women. Sri Lanka is one of the few countries where each tea leaf is picked by hand rather than by mechanization; if machinery were used, often a considerable number of coarse leaves and twigs could be mixed in, adding bulk but not flavor to the tea. With experience the women acquire the ability to pluck rapidly and set a daily target of around 15 to 20 kg (33 to 44 lb.) of tea leaves to be weighed and then transported to the nearby tea factory. Tea plants in Sri Lanka require constant nurturing and attention. An important part of the process is taking care of the soils with the regular application of fertilizer. Younger plants are regularly cut back 10–15 cm
(4–6 in) from the ground to encourage lateral growth and are pruned very frequently with a special knife.