ශී‍්‍ර ලංකාවේ සුවිශේෂී භූ ගෝලීය පිහිටීමකින්
මාතර දිස්ති‍්‍රක්කය නිර්මාණය වී තිබේ. එම නිසා විවිධාකාර වූ පරිසර
පද්ධතීන් රැසක් එහිදී හදුනා ගත හැකිය. බස්නාහිරට ශී‍්‍ර ලංකාවේ තෙත් කළාපීය
දේශගුණයත්, නැගෙනහිරට
වියළි කළාපයත්, උතුරට කදු
සහිත ප‍්‍රදේශයකුත්, දකුණු ප‍්‍රදේශයට
ඉන්දියන් සාගරයත් මාතර දිස්ති‍්‍රක්කයේ මායිම් ලෙස හදුනා
ගැනීමට පුළුවන. අකුරැස්ස, කඹුරුපිටිය ප‍්‍රධාන මාර්ගය විල්පිට ඔලියගන් කැළය
ඔස්සේ වැටී ඇති නිසා මෙයට පැමිණීම ඉතා පහසුයි.
හෙක්ටයාර් විසි දහසකට අධික (20242) තෙත් කළාපීය
වනාන්තර පද්ධතියකින් යුතු මාතර දිස්ති‍්‍රක්කයේ ඔළියගන් කැළය” වනාන්තරය එහි
පිහිටීම නිසාම බොහෝ දෙනකුගේ අවධානයට යොමු වී තිබේ. එය හෙක්ටයාර්
482 කින් යුතු ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්තව
පවතී. ශී‍්‍ර ලංකාවේ සංරක්‍ෂිත වනාන්තර 33 අතරටද නම් කොට ඇති මෙය
යුනෙස්කෝ සහායෙන් කි‍්‍රයාත්මක කෙරෙන මිනිසා සහ ජෛවගෝල රක්‍ෂිතයක් ලෙස ද නම් කොට
තිබේ. ඊට හේතුව අධ්‍යාපන හා පර්යේෂණ ජෛව විද්‍යාත්මක වටිනාකමකින්
යුතු වනාන්තරයක් ලෙස මෙම වනාන්තරය හදුනා ගැනීමයි.
මීටර් 20 සිට 100 දක්වා උසකින් යුතු ඔලියගන් කැළය වර්ෂයේ වැඩි කාලයක් තෙත් දේශගුණයක පවතී. එමෙන්ම ඊට මි.මී. 2465 ක පමණ වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙයි.
ඔලියගන් කැළය තුළ පිහිටා ඇතිහාලි ඇල නැමැති ස්වභාවික වැව අක්කර දහයකට අධික ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇත. එය පරිසරයට එක් කරන්නේ අපූර්ව චමත්කාරයකි. කැළය පීරා ගලා යන කුඩා දිය පහරවල් කිහිපයකින්ම එය පෝෂණය කරයි.

ඔලියගන් කැළය නිවර්තන වන ගොමුවේ දැක ගත හැකි ශාක අතරින් 58% ක්ම ශී‍්‍ර ලංකාවට ආවේණිකය. ශාක විශේෂ 163 ක් පමණ හදුනා ගෙන තිබෙන එහි ජාත්‍යන්තර වශයෙන් වදවීමේ තර්ජනයට ලක්වී ඇති ශාක 64 ක්ද, දේශීය වශයෙන් වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති ශාක 18 ක්ද ආරක්‍ෂා වී තිබේ. අංකෙන්ද, සෙරු, වැලිපියන්න, බැදිදෙල්, පත්කැළ, වේවැල්, වදුරුවැල්, දොඹකීන, ඉනිපෙත්ත, වල්ලලූව, රත්මල්, බටුකීන, ආරිද්ද කැකුණ, හැඩවක, කටුබොඩ, ගොඩපර, ඇටඹ, කුරට්ටිය, කිරිහැඹිලිය, කටු කැන්ද, බදුල්ල, අලූබෝ, පනුකෑර, හම්පැලන්ද, හල් ආදී ශාක රැසක්ම එහි වෙයි.
ඔලියගන් කැළයේ ශාක අතර එම කැළයට පමණක් සීමා වූ ශාක විශේෂයක්ද හදුනා ගෙන ඇත. ඉන් එබෙන්සි කුලයට අයත් (ඩයස්පයිරස් පේමදාසයි” සදිචහරදි ඡුරුපස) ලෙස නම් කොට ඇති එම ශාක විශේෂය පර්යේෂණ මගින් සොයා ගන්නා ලද්දේ මහාචාර්ය අලවත්තාගොඩ පේමදාසයන් විසිනි.
සත්ව විශේෂ රැසකටම ඔලියගන් කැළය සිය වාසස්ථානය වී තිබේ. කුරුල්ලන්, උභය ජීවීන්, සමනළයින්, ගොළුබෙල්ලන්, ක්‍ෂීරපායීන් , මත්ස්‍යයින් ද එම සත්ව විශේෂ වෙයි. ඒක දේශීය සතුන් රැසක්ම ඒ අතර වෙති. සැළලිහිනියා, නිල් රදමාරා, පොළොස් කොට්ටෝරුවා, හිස කළු පදුරු දෙමලිච්චා, ලංකා ගිරා මලිත්තා, පිළිහුඩුවා, කුඩා පිලච්චා, නිල් මැසිමාරා ආදී පක්‍ෂීන් රැසක් ද, ඉත්තෑවා, කළු වදුරා, දඩු ලේනා ආදී ක්‍ෂීරපායීන් ද, දං කොළ පෙතියා, ගොම කඩයා, දොළ තිත්තයා, ලේ තිත්තයා, කෙහෙල් දණ්ඩියා ආදී මත්ස්‍ය විශේෂ රැසක්ම එම සතුන් අතර වෙති.
විල්පිට දන්ඩියා නමින් හදුන්වන විශේෂ මාලූවෙක් ද මෙම වනාන්තරයේ වෙති. එම මාලූවා ඔලියගන් කැළයේදී පමණක් දැක ගත හැකි දුර්ලභ ම මාලූවෙක් ලෙස හදුනාගෙන තිබේ.
එහි ජෛව විවිධත්ව
උද්‍යානයේ පිහිටුවා තිබෙන තොරතුරු මධ්‍යස්ථානයේ දී පාසල් විශ්ව විද්‍යාල
සිසුන්ට මෙන්ම පර්යේෂකයින්ට ගුරුවරුන්ට ශාක හා සත්ව ප‍්‍රජාව පිළිබද
ඉමහත් දැනුමක් ලබා ගැනීමට හැකියාව තිබේ.
කඹුරුපිටිය අඩවිවන නිලධාරි අනූෂා වනිගසිංහ මහත්මිය, කැළය ඇතුළේ ඇවිද ගෙන ගොස් ඒ පිළිබද පර්යේෂණ සිදු කළ හැකියි. ඒ සදහා පහසුකම් සපයා දී තිබෙනව කි.මී. 7 පමණ වනාන්තරය තුළ ගමන් කළ හැකියි. සාමාන්‍යයෙන් පැය තුනහමාරකට අධික කාලයක් ඒ සදහා ගත වෙනවා.
ගහ කොළ සතා සිව්පාවා සමග ජීවත් වන විට ඊට ආදරය කරන්න. ඒවා රැක ගන්න උවමනාවක් අවශ්‍යව ඇත.