සුදු (එළ) පැහැති මල් තිබූ දෙණිය - එළමල්දෙණිය


          එළමල්දෙණිය රජ මහ විහාරයට අනුරාධපුර යුගයේ මුල් කාලයට දිවගිය ඉතිහාසයක්‌ ඇත.   අනුරාධපුරයේ සිට විවිධ ප්‍රදේශවල පිහිටා තිබූ ගිරිහෙල් තුළ විහාරාරාම ඉදි කරමින් රුහුණු මාගමට පැමිණි සද්ධාතිස්‌ස (ක්‍රි. පූ. 137- 149)  රජතුමා විසින් බු. ව. 415  දී පමණ එළමල්දෙණිය විහාරය ද ඉදි කොට ඇත. ඒ පිළිබඳ වූ සටහනක්‌ එළමල්දෙණිය විහාරයට ඇතුළු වන ගල් උළුවස්‌සෙහි ශ්ලෝකයකින් ප්‍රකාශ කොට තිබේ.

"සද්ධාතිස්‌සෝ මහා රාජා

තේජෝ ශ්‍රද්ධාවි කොඹුරේ
රාජ මහා විහාරයං
තරෝ සිඬ තතොපරං"


        අකුරැස්‌ස - පස්‌ගොඩ මාර්ගයේ පිටබැද්දර සිට සියඹලාගොඩ දෙසට යන විට හරස්‌ මඟකින් පිවිසිය හැකි මේ පූජනීය ස්‌ථානය මුලටියන රක්‌ෂිතයේ අක්‌කර 25 ක්‌ පුරා පැතිර පවතියි. සුදු (එළ) පැහැති මල් තිබූ දෙණිය  එළමල්දෙණිය නම් වු බව ගැමියන්ගේ මතය වී ඇත.

       එළමල්දෙණිය පුදබිම පිහිටා ඇත්තේ රක්‍ෂිත වනයක්‌ තුළය. එළමල්දෙණියේ එම රක්‍ෂිත වනය තුළම පඩිපෙළකින් ගමන් කිරීමේ දී ලෙන් විහාර සහිත ගල් ලෙන් නෙත ගැටෙයි. සීත ගඟුලක්‌ බඳු "විහාර දොළෙන්" දෙපා සෝදා ගෙන එම පුදබිමට ඇතුළු වීම සැදැහැතියන්ගේ සිරිතකි.

මෙහි විශාලතම ගල් ලෙන අඩි විස්‌සක්‌ පළලය, අඩි පනහක්‌ දිගින් යුතුය. එහි තුළ දහඅට රියන් සැතපෙන බුදු පිළිම වහන්සේ නමක්‌ වැඩ සිටිති. පිහිටි ගලින් මෙවැනි ස්‌ථානවල බුදු පිළිම නෙළීම සිරිතක්‌ වුවද මෙම බුදු පිළිමය මැටි, බදාම ආදී ද්‍රව්‍ය යොදා ගනිමින් නිර්මාණය කොට ඇත.
            මාතර දිස්‌ත්‍රික්‌කයේ ලෙන් විහාරස්‌ථාන ගැන සඳහන් කරන විට මොරවක්‌ කෝරළයට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. ලක්‌දිව පරසතුරු උවදුරු පැවැති සමයේ රුහුණට වැදී සේනා සංවිධානයේ යෙදුණු වළගම්බා රජතුමන් විසින් මොරවක්‌ කෝරළේ ගැටබරුව, රුවන්කන්ද ආදී ස්‌ථානවල ලෙන් විහාර කරවන ලද බව ඉතිහාසය පෙන්වා දෙයි.   
                     
                          රුහුණු ප්‍රදේශයේ ලෙන් පිළිබඳව සොයා බලා විහාරස්‌ථාන ඉදිකිරීමේ කටයුතුවල නිරත වූ සද්ධාතිස්‌ස රජතුමාද මොරවක්‌ කෝරළේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ සුන්දර වනපෙතක එළමල්දෙණිය ලෙන් විහාරස්‌ථානය ඉදිකර ඇත. 
අලංකාර පරිසරයකින් යුත් තුරු ලතාවන්ගෙන් සැදි මේ සුන්දර වනපෙතේ විශාල ශෛලමය පර්වතයක්‌ ආශ්‍රිතව නිර්මාණය කර ඇති මෙම විහාරස්‌ථානය සියලුම විහාරාංගයන් ගෙන් සමන්විතය.

                                                            මෙම පර්වත ලෙනට බටහිර දෙසින් දීගොඩ මාතාවගේ ලෙන නමින් හඳුන්වනු ලබන ලෙනක එවකට කැටගොඩ සිල් මාතාව නමින් හැඳින්වූ සිල් මාතාවක්‌ මෙහි විසූ බවත්, එම සිල් මාතාවද මෙම විහාරස්‌ථානය ගොඩනැඟීමේදී සහයෝගය ලබාදී ඇති බවත් පැවසේ.

මෙම වනපෙතේ ලෙන් විහාරයට පහළ ප්‍රදේශයේ ගලායන සිසිල් දිය දහරාවක්‌ ඇති අතර සංඝාවාසය විහාරයට කිලෝමීටරයක්‌ පමණ මෙහායින් මාර්ගය ආසන්නයේ පිහිටා ඇත. 

මෙහි විහාර මන්දිරය තුළ දහඅට රියන් බුද්ධ ප්‍රතිමා නමයක්‌ද, තවත් ප්‍රතිමා කීපයක්‌ද නිර්මාණය කර ඇති අතර පහළ ඈතින් අලංකාර ලෙස පරිසරය දිස්‌වන අයුරින් කඳු මුදුනේ චෛත්‍යය ඉදිකර ඇත. සාධාරණත්වයේ දෙවියන් ලෙස සැලකෙන බටහිර රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන්ගේ අඩවිය වශයෙන් සැලකෙන වනය තුළ පිහිටි මෙම පූජනීය ස්‌ථානය පූජා භූමියක්‌ වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත. 
       
                    මෙම විහාරස්‌ථාන භූමියට ඇතුළු වන විට ගතට මෙන්ම සිතටත් සිසිලසක්‌ දැනෙන අතර රඡ්ජුරු බණ්‌ඩාර දෙවිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පොහෝ දින පමණක්‌ නොව දිනපතාම සැදැහැවතුන් මෙම ස්‌ථානයට විශාල වශයෙන් පැමිණෙයි. 
ඓතිහාසික ලෙන් විහාරයක්‌ ලෙස ද, දේශීය දෙවියකුට කැප කළ පුදබිමක්‌ ලෙස ද එකසේ වැදගත්කමකින් යුතු පුදබිමක්‌ ලෙස එළමල්දෙණිය රජ මහා විහාරය හඳුනාගැනීමට පුළුවනි.
එමෙන්ම එහි විෂ්ණු - කතරගම දේව පිළිමද දෙපසින් ඉදිකොට ඇත. රඡ්ජුරු බණ්‌ඩාර ආදී දෙවිවරුන් සඳහා ද මෙහි කුඩා ලෙන් ඉදිකොට තිබේ.

ප්‍රධාන ලෙනෙහි සුවිශේෂි බුද්ධ පාත්‍රයක්‌ වෙයි. එහි එකවරකට හාල් මිටි හතරක්‌ වුව දැමීමට වුවද පුළුවනි. බැතිමතුන් විසින් බුද්ධ පූජාව සිදු කරන්නේ එම අති විශාල පාත්‍රයට දානය බෙදමින්ය.

එළිමල්දෙණිය විහාර ගල පාමුල ඉතා කුඩා පොකුණක්‌ ඇත. එහි ජලය කිසි දිනක නොසිඳෙයි. ජල බිඳ බිඳ ගල ඇතුළෙන් ඊට ගලා එයි. ධාරාණිපාත වර්ෂාවකට වුවද එහි ජල පහර වැඩි නොවීමද සුවිශේෂි දෙයකි.


එළමල්දෙණිය කඳුමුදුනෙහි දාගැබ පිහිටා ඇත. ඒ ආසන්නව ඉපැරණි සිරි පතුළක්‌ ද නෙළා ඇත.
බෞද්ධ විහාරයක්‌ වුවද එළමල්දෙණිය බස්‌නාහිර දෙවියන් හෙවත් රඡ්ජුරු බණ්‌ඩාර දෙවියන්ට ද කැප වූ පුද බිමක්‌ ද වෙයි. එම දෙවියන්ට කැප වූ ප්‍රදේශයේ පිහිටි දේවාල 16 අතරින් එළමල්දෙණිය ද විශේෂයෙන් වැදගත් වෙයි.
එළමල්දෙණිය පුදබිම පිහිටි අක්‌කර 17 1/2 ක පමණ වූ භූමියක්‌ පොළොන්නරු යුගයේ දී මහ පැරකුම්බාවන් විසින් වෙන් කොට දී ඊට අනුග්‍රහ සිදු කොට ඇත.
එළමල්දෙණිය ලෙඩ රෝග, අණවින ආදියට බැතිමතුන්ට පිහිට ලැබෙන බවට විශ්වාසයක්‌ තිබේ. එම නිසා ම මෙම පුදබිම වෙත පැමිණ නිරන්තරයෙන් භාරහාර සිදු කරනු දැක ගත හැකිය.
ඉතාම ජනප්‍රිය මෙන්ම ඓතිහාසික වශයෙන්ද එළමල්දෙණිය රජ මහා විහාරය මාහැඟි පිං බිමක්‌ වී ඇත.

Elamaldeniya Raja Maha Viharaya
                     
                    Elamaldeniya Raja Maha Viharaya lies about 18km away from the Morawaka town and 8 km away from the Pitabeddara Town. The Temple built during the 2nd century BC is on a rocky hill isolated from human habitation is attributed to King Saddhatissa ( 137-119 BC ) of the Anuradhapura Era.
Once you park at the vihara premises you can see the chethiya (stupa) far away on another mountain top. From here it is a climbing down to the foot of the mountain and then climbing the next hill. The steps are made out  of granite and has been well laid.
To reach the bottom for the hill you need to climb down over 200 steps. At the bottom is a refreshing water stream. Walking across the stream, the climb begins. The ancient image house is about another 200 steps above this hill. The image house is a cave temple built on a natural rocky platform. A large reclining Buddha statue in this cave shows the Buddha in the state of parinibbana. All the statues in the cave has been covered by a large transparent glass.
One one side of the main image hall is a Devale for the Deitie"Rajjuru Bandara". He is the most worshipped Deitie in this area. Most of the people who come to this temple from this area seems to be making the journey to visit the Devale rather than the image house.
On one side of the platform is a water drip coming from the rock itself. This is collected in a small tank. The image house in the cave has been recently renovated. But for the entrance the ancient granite door frames has been used.
Above the cave temple roof is a drip ledge to stop water coming in to the temple. But above this man main drip ledge is a larger natural ledge created by two huge boulders sitting on one another.
From the Devale there is another flight of steps going up to the stupa

1 අදහස් දක්වන්න....:

  1. පෞරාණික බවෙන් වගේම අලංකාරයෙනුත් අනූන පුදබිමක් වගෙයි පේන්නේ. වැඩිමනත් සංවර්ධනයට ගියාම තමයි මේවායේ ලස්සන වගේම පැරණි බවත් විනාශ වෙන්නේ.

    ReplyDelete